Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
11
"විවාහයේදී ප්‍රධානම දේ තමයි ඉවසීම. ඒක නැතිනම් ඉතින් කේන්දර ගලපගෙන වැඩක් නෑ..." - සූර්යා දයාරුවන්

- "විවාහයේදී ප්‍රධානම දේ තමයි ඉවසීම. ඒක නැතිනම් ඉතින් කේන්දර ගලපගෙන වැඩක් නෑ..." - සූර්යා දයාරුවන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,427 Views
"ඒත් මුළු ජීවිතේම ඕකට බාරදීල ඉන්නව කියන එක මම අනුමත කරන්නේ නැහැ.."

"එහෙම පැහැදිලිව ඒ දේ කියවුණා කියල මම කවදාවත් අහල නෑ.."
 
සූර්යා දයාරුවන් කියන්නේ සිනමාව නිසා බොහෝ දෙනෙක් හදුනා ගත් චරිතයක්. මේ වෙද්දී පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන නිසා ඔහුගේ දක්ෂතා වැඩි වශයෙන් කාටත් දැකගන්න පුළුවන්. මේ ඔහු ගැනයි.

ඔබේ කේන්දරේ?
අම්මගෙ අල්මාරියේ බොහොම පරිස්සමට තියෙනවා. ඒක කොච්චර පරිස්සම් කරනවද කිව්වොත් අවුරුදු පහ හයකට සැරයක්වත් අල්මාරියෙන් එළියට ගන්නෙ නෑ. මට මතක ඇති කාලෙක මගේ කේන්දරේ එළියට ගන්න ඇත්තෙ පසුගිය කාලෙ මාව ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවෙ තමයි. මොකද අපේ ගෙදර කවුරුත් වැඩිය කේන්දර එක්ක ඇලිල ගැලිල නෑ.
 
කේන්දරේ ගැන මොකද හිතෙන්නෙ?
කෙනෙක් වෙනුවෙන් එහෙම දෙයක් හදල තිබුණට වැරැද්දක් නෑ. උපන් වෙලාවට ගණිත ක්‍රමයක් උපයෝගී කරගෙන හදල තියෙන නිසා කේන්දරවල සැලකිය යුතු ඇත්තක් තියෙනව. ඒත් කාගෙ වුණත් මුළු ජීවිතේම ඕකට බාරදීල ඉන්නව කියන එක නම් අනුමත කරන්න බෑ. 50% ක ඇත්තක් වගේම 50% ක නැත්තකුත් ඕකෙ තියෙන්න පුළුවන්.
 
ප්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද?
තවම නම් කේන්දරේ ප්‍රයෝජනයට අරන් වැඩක් කරන්න මට අවස්ථාව ලැබුණෙ නෑ. මම සම්බන්ධයෙන් කේන්දරේ බැලූවනම් ඒ දේ කළේ මගේ අම්ම. ඉදිරියේදී වුණත් ඕක ප්‍රයෝජනයට අරන් මම දෙයක් කරයි කියල හිතන්න අමාරුයි.
 
අපල කාල ගැන විශ්වාස කරනවද?
මම හිතන්නෙ අපල අපල කියල හැම වෙලේම හැම දේකටම හිතන්න ගියොත් තමයි ඔය අපල කියන දේට අපට මුහුණ දෙන්න වෙන්නෙ. අනවශ්‍ය දේවල් නොහිතා තම තමන්ට සෙතක් ප්‍රාර්ථනා කරගෙන වැරදි වැඩ නොකර ඉන්නවානම් ඔය කියන අපල එකක්වත් නැතිවෙයි.
 
නැකැත් අනුගමනය කරනවද?
පුංචි කාලෙ ඉඳල සිංහල අලූත් අවුරුදු දවසෙදි අම්ම අදාල නැකැත්වලදි ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරනව දැකලම මමත් ඒවට හුරුවෙලා ඉන්නව. ඒ දේවල් ඒ විදිහට කරනව ඇරෙන්න එදිනෙදා ජීවිතේදී නැකැත් අනුගමනය කෙරෙන්නෙ නෑ.
 
දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය?
උන්වහන්සේලාගෙන් අපිට ලොකු ආශිර්වාදයක් තියෙනව කියල විශ්වාසයි. පුංචි කාලෙ ඉඳලම ගෙදර ආගමික වතාවත් ඉෂ්ට කරන්න මම පුරුදුවෙලා හිටියා. අදටත් මම ගෙදරින් එළියට යනවනම් බුදුකුටියට ගිහින් වැඳල තමයි යන්නෙ. ගණ දෙවියන්ට සරස්වතී මෑණියන්ට පිං අනුමෝදන් කරනව පුළුවන් හැම වෙලාවකම.
 
පුද පූජා ශාන්තිකර්මවලට දෙන තැන?
කොහොමටත් එවැනි දේවල්වලට අපේ ගෙදර කිසිම කෙනෙකුගේ නැඹුරුවක් නැහැ. බෝධි පූජාවල් නම් අපි ඉතා විශ්වාසයෙන් පවත්වනව. ඒ තුළින් අපේ මනස නිරවුල් වෙලා ලොකු සහනයක් ලැබෙනව.
 
කේන්දරේ සඳහන් වුණ විශේෂ කාරණා?
කලාව තුළ බොහෝ දුර ගමනක් යනව කියලත්, අධ්‍යාපන කටයුතු උපරිම ආකාරයෙන් ඉහළට ගෙනිහින් පිටරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා හිමිකර ගන්නා බව කියල තියෙනව.
 
නළුවෙක් ගායකයෙක් වෙන බව ඔබේ කේන්දරේ සඳහන් වුණාද?
එහෙම පැහැදිලිව ඒ දේ කියවුණා කියල මම කවදාවත් අහල නෑ. කලාවට සම්බන්ධකම් තියාගෙන ඉදිරියට යනව කියපු දේනම් අද වෙද්දි හරිගිහින් තියෙනවා.
 
කවදහරි විවාහ වෙන්නෙ කේන්දර ගලපල නැකැත් වලට අනුවද?
කේන්දර නෙමෙයි විවාහ වෙන දෙන්නෙක් සීයට සීයක් ගලපන්න ඕන අදහස්. මොකද කේන්දර දෙක සියයට සීයක් ගැලපුණත් වැඩක් නෑ. දෙන්නගෙ අදහස් එකිනෙකට විරුද්ධව යනවනම්. ඊළඟ ප්‍රධානම දේ තමයි ඉවසීම. ඒක නැතිනම් ඉතින් කේන්දර ගලපගෙන වැඩක් නෑ.
 
රාහු කාලෙට බයද?
රාහු කවුද ඒ රාහුගෙ වෙලාව මොකද්ද කියන එක මම දන්නෙම නැති දෙයක්. ඒ නිසා බයවෙන්න හේතුවක් නෑ. ඕව බල බල ඒ ගැන හිත හිත හිිටියොත් අපිට කරන්න වෙන වැඩක් නැතිවෙනව.
 
ලග්නය - වෘෂභ.
 
කේන්දරේ සඳහන් වුණ විශේෂ යෝග?
මම හිතන්නෙ නෑ කිසිම විශේෂ දෙයක් තියෙන්න ඇති කියල. එහෙම තිබුණනම් අම්ම ඒ ගැන මාත් එක්ක නොකිය ඉන්න හේතුවකුත් නෑ.
 
සඳහන් වුණ අසුභ යෝග?
ඒවානම් කීපයක්ම තිබුණා. එක කාලසීමාවකදී වතුරෙන් අපලයි කියලත් තවත් කාලෙකදි ගින්නෙන් අපලයි කියලත් කියවුණා. ඒ කාල මම ගෙදරින් එළියට යද්දි අම්ම මට ඒ හැමදේම මතක් කරනව. මම ඒ කියන විදියට පරිස්සම් වෙනව.
 
කේන්දර අහිමි අයට ජීවිතේ දිනන්න පුළුවන්ද?
අපෝ පුළුවන් මම හිතන්නෙ ඕනවට වඩා කේන්දර විශ්වාස කරල ඒව පස්සෙ ගිහින් තමයි බොහෝ අයගෙ ජීවිතේ පැරදෙන්නෙ නෑ. ඕක අතේ දුරින් තියාගෙන අධිෂ්ඨානෙන් තම තමන්ගෙ ගමන යනවනම්. ප්‍රශ්න අවම කරගෙන ඉන්න පුළුවන්.
 
 ධම්මික හේවාවසම්




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top