Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
11
"බොහෝ වාරයක් ඔහු මාව බලෙන් දූෂණය කළා.." - සැමියාගේ හිසට දහඅටවාරයක් මිටියෙන් ගසා මරා දැමු සැලීට අවසානයේ අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන කියයි

- "බොහෝ වාරයක් ඔහු මාව බලෙන් දූෂණය කළා.." - සැමියාගේ හිසට දහඅටවාරයක් මිටියෙන් ගසා මරා දැමු සැලීට අවසානයේ අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views
"එයා ප්‍රසිද්ධ ගණිකා නිවසකට ඇතුල් වෙනවා මම දැක්කා.."

"ඔහු කිව්වෙම ගියේ කාර් එකක් විකුණන එක ගැන කතා කරගන්න කියලයි.."

එය එසේ සිදුවිය නොදනිමි කාගෙ දොසා  රථගාල හරහා ගමන් කරමින් සිටි පුද්ගලයා කව්ද යන්න සැලී චලන්  (SALLY CHALLEN)  එක්වරම හැඳින ගත්තාය. අවුරුදු තිහක විවාහ ජීවිතයක් ගතකරමින් සිටි ඇයට ඔහුගේ ගමන් විලාසය හුරුපුරුදු එකකි. ඔහු අන්කිසිවෙකු නොව තම ස්වාමිපුරුෂයා වන රිචඞ් (RICHARD) බව ඈ එක්වරම හඳුනාගත්තාය. පාර හරහා ගමන් කළ ඔහු කෙළින්ම ඇතුළුවූයේ පළාතේ නම්දරා තිබුණ ගණිකා නිවාසයකටය.

සැලීගේ හදවත කේන්තියෙන් ගැහෙන්නට විය. තම ස්වාමිපුරුෂයා ගණිකා නිවසකට ඇතුල් වනවා දැකීම ඇයට ඉවසා දරාගත නොහැකි විය. ඒ එක්කම ඈ තුළ එක්තරා ජයග්‍රාහි හැගීමක්ද ඇති විය. ඒ හැගීම ඇයට ඇති වූයේ මේ සිද්ධිය නිසා ඔහුට ගැලවීමක් නොමැති බව ඇයට වැටහුන නිසාය. ඔහු කටටම අසූවූ බව ඈ දැනගත්තාය.
 
පැයක් ගතවූවාට පසුවූ රිචඞ් ගණිකා නිවසින් පිටවී තම රථය වෙත ගමන් කළේය. මාව දුටු ඔහු ඉක්මනින් ගමන් කර රථයට ගොඩවූවා. සැලී පවසා ඇත. පසුව සැලී ද තම රථයට ගොඩවී ඉක්මනින් ගමන් ඇරඹුවාය. ගෙට ඇතුල් වූ විගස ඉක්මනින් කුස්සියට ගිය ඇයට දැකගන්නට ලැබුණේ තම ස්වාමිපුරුෂයා තේ පානය කරමින් සිටින බවය. ඔහු ගණිකා නිවසකින් පිටවනවා තමා මොහොතකට කලින් දුටු බව ඈ පැවසුවාය. එවිට ඔහු මෙසේ පැවසීය.
 
‘‘ඔයා මේ මොනවද කතා කරන්නෙ සැලී මං ගියේ කාර් එකක් විකුණන එක ගැන කතා කරන්න. ඔයාගෙ හිතට මේ අදහස් එන්නේ කොහෙන්ද කියලා මං දන්නෙ නෑ. ඔයාට පිස්සු හැදීගෙන එනව වගෙ.’’
 
තම ස්වාමිපුරුෂයා වරදක් කරන අයුරු සියැසින් දුටුවත් ඔහුගේ ඉහත සඳහන් ප්‍රකාශය නිසා තමාට ඇත්ත ලෙසම පිස්සු හැදීගෙන එනවා වන්නට ඇතැයි සැලීට සිතුනි. මීට පෙරත් බොහෝ අවස්ථාවල තම ස්වාමිපුරුෂයා මේ ආකාරයෙන් තමා සමග වාද කර ඇති බව සැලීට කල්පනා විය. තමාට පිස්සු යයි අගවා හෝ තමාව ඔහුගේ අණසකට යටත් කර ගැනීමට බොහෝ අවස්ථාවල ඔහු උත්සාහ කර ඇති බවද සැලීමට කල්පනා විය.
 
පිටත සිට බැලූ කළ මේ මධ්‍යම පංතික කාන්තාව ගතකර ඇත්තේ කෙනකුට ඊර්ෂ්‍යා සිතෙන තරම් සැපසම්පතින් යුත් ජීවිතයකි. ඇගේ ස්වාමිපුරුෂයා වන රිචඞ් මෝටර් රථ අලෙවි කරන වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ අතර ඇය කාර්යාලයක පාලන කටයුතු භාරව රැකියාවක් කරමින් සිටියාය. එහෙත් පිටත කිසිවෙක් නොදැන සිටි කාරණයක් නම් ඇගේ ස්වාමිපුරුෂයාගේ ක්‍රියා කලාපය හේතුකොට ඇය මහත්සේ මානසිකව පීඩා විඳිමින් සිටි බවය. එහෙත් කිසිවෙකුටත් ඒ බව දැනගන්නට නොලැබිණ.
 
ඒ 2010 වර්ෂයේ දිනක, තවදුරටත් මේ වදහිංසා ඉවසා දරා සිටිය නොහැකිව ඈ ඇගේ සැමියාගේ හිසට 18 වාරයක් මිටියකින් ගසා ඔහුව ඝාතනය කරන තුරු පමණි. ඔහුව එලෙස ඝාතනය කිරීමෙන් පසු මළසිරුර බ්ලැන්කේට්ටු වලින් වැසු ඇය ගෙදරින් පිටව ගියේ සියදිවි හානිකර ගැනීමේ අටියෙනි.
 
එහෙත් පසුව පැවැති නඩු විභාගයේදී ඇය පළිගන්නා සුළු එමෙන්ම ඊර්ෂ්‍යා සහගත බිරිඳක ලෙස ඔප්පු කිරීමට පැමිණිල්ලේ නීතීඥයින්ට හැකි විය. එහෙයින් මිනීමැරීමේ වරදට ඇය බන්ධනාගාරගත විය. ඒ 2011 වසරේදීය. එහෙත් කෙනෙකුට බලහත්කාරකම් කිරීමත් වරදක් ලෙසට පිළිගත හැකි පරිදි නීතිය 2015 දී වෙනස් කිරීම හේතුකොට සැලී කළ වරද, එනම් තම ස්වාමිපුරුෂයා මැරීම, අනියම් මිනීමැරීමක් ලෙස (MANSLAUGHTER) පිළිගත් හෙයින් ඇයට නිදහස ලැබිණි.
 
 නොකඩවා පැවැති තම ස්වාමිපුරුෂයාගේ බලහත්කාරකම් හේතුකොට ඔහුව මැරීමට සිතාමතා තීරණයක් ගැනීමේ හැකියාවක් සැලීට නොතිබුණ බව ඔප්පු කිරීමට ඇගේ නීතිඥයන්ට මෙවර හැකි විය.
 
 ඒ හේතුවෙන් මේ අවුරුද්දේ (2019) මුලදී හිරෙන් නිදහස් වීමට ඇයට හැකි විය. තරුණ වියේදීම රිචඞ් ඇයව ගබ්සාවකට භාජනය කළ බව පවසන ඈ බොහෝවාරයක් ඔහු තමාව බලෙන් දූෂණය කළ බව පවසයි. විවාහ වූවාට පසු ඔහු වෙනත් ගැහැනුන් සමග අයථා සම්බන්ධකම් පැවැත්වූ බවත් ඈ පවසයි.
 
අවුරුදු නවයක් (2011 සිට 2019 දක්වා) හිරගතව සිට මේ අවුරුද්දේ නිදහස ලැබූ සැලී ඕනෑම කෙනෙකුගේ මව විය හැක. ප්‍රථම නඩු විභාගය පැවැති 2011 වර්ෂයේදී ඇය ඇසුරු කළ අය පවසන්නේ ඇය මැස්සෙකුටවත් හානියක් නොකරන කෙනකු බවය. නිදහස ලැබූ ඈ දැන් බොහෝ විට කතා කරන්නේ තමාගේ අවුරුදු තිස් හයක් වයසැති ජේම්ස් නමැති වැඩිමහල් පුතා සහ අවුරුදු තිස් දෙකක් වයසැති ඬේවිඞ් නමැති බාල පුතාත් ගැනය. ඈ කිසි කතා බහක් නැතුව සන්සුන්ව සිටින විට පමණි කෙනෙකුට වැටහෙන්නේ ඈ තුළ ඇති සිත් තැවුල. ඈ අද දක්වා පවසා ඇත්තේ කොපමණ දුර්වලකම් තිබුණත් රිචඞ්ව ඝාතනය කිරීම වරදක් බවය.
 
තමා මිනීමරුවෙක් යයි ඈ සිතනවාද කියා ඇසූ සෑම විටම ඈ පවසා ඇත්තේ එය එසේ සිදුවූයේ නැත්නම් කෙතරම් අගේද කියාය. මෙසේ පිළිතුරු දුන් සෑම අවස්ථාවකම ඇගේ දෙනෙත කඳුළින් පිරීයයි.
 
රිචඞ් සාර්ථක මෝටර් රථ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ අතර සැලී උපත ලැබුවේ වත්කම් ඇති පවුලකය. පවුලේ එකම දරුවා වන ඇය උපත ලැබුවේ මවගේ වයස අවුරුදු 44 ක්ව තිබියදීය. ඇගේ පියා උපත ලැබුවේ ඉන්දියාවේදී වන අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ කේම්බ්‍රිජ් (CAMBRIDED) විශ්විවිද්‍යාලයේදීය. සැලීගේ මවත් උපත ලැබුවේ ඉන්දියාවේදී වන අතර එහිදී ඇයට අතට පයට සේවක සේවිකාවන් සිටියාය. පළාතේ මහරාජා උපන් දින තෑග්ගක් ලෙස තමාට ඇත්පැටවෙකු එවූ බව මව ආඩම්බරයෙන් කතා කිරීමට පුරුදුව සිටි බව සැලී පවසා ඇත.
 
සැලීට අගේ අනාගත ස්වාමිපුරුෂයා වන රිචඞ් මුණ ගැසෙන විට දෙමව්පියන් අදහස් කරගෙන සිටියේ ඇයට සුදුසු තැනකින් විවාහයක් කරදීමටය. එසේ දෙමව්පියන් අදහස් කරගෙන සිටියදීය දිනක් වයස අවුරුදු 15 ක්ව සිටි සැලීට තම අනාගත ස්වාමිපුරුෂයා හමු වූයේය.
 
තත්ත්වය මෙසේ තිබියදී 1979 දී දෙදෙනාම විවාහවූ අතර එතැන් පටන් කෑම පිසීම් ඇතුළු ගෙදර දොරේ සෑම කටයුත්තක්ම සැලී විසින් කළ යුතු යැයි රිචඞ් බලාපොරොත්තු විය. මේ වන විට සැලී රැකියාවක් කළ අතර රිචඞ්ගේ වෙළෙඳ ව්‍යාපාරද වාසිදායක අයුරින් කෙරීගෙන ගියේය.
 
කෙසේ වුවද මුදල් පාලනය අතින් සැලීට කිසිම නිදහසක් තිබුණේ නැත. මගේ මුළු මාසික පඩිය මං ඔහුට දුන්නා. ගෙදර දොරේ කටයුතුවලට වියදම් කිරීමට මුදල් ඔහු මට දුන්නා. ඒ විධියට තමයි ඔහු කටයුතු කෙරුවේ සැලී පවසා ඇත.
 
පුතුන් දෙදෙනා හමුවූවාට පසු ඔවුන්ගේ සෑම කටයුත්තක්ම සැලීට පැවරුණ අතර රිචඞ් ඇයව අතහැර යයි කියන බිය නිසා සෑම විටම ඔහුව සතුටු කිරීමට ඈ උනන්දු වූවාය.
 
ඉහත සඳහන් කළ ගණිකා නිවාස සිද්ධියෙන් පසු පැමිණි නත්තල් දින සැලී විසින් පිළියෙල කළ ආහාර ඔහු අනුභව කෙළ් තනිවමය. ඊට සති කීපයකට පසු ඔහු මෙසේ පවසා ඇත. කරුණු යථා තත්ත්වයට පත් වුණේ නැත්නම් මං මේ ඔක්කොම දමා ගහල යනවා. එසේ නොයන ලෙස සැලී ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය. ඇයට උවමනා වූයේ රිචඞ් තමා කළ වරද පිළිගෙන හොඳ ස්වාමිපුරුෂයෙකු වනවා දැකීමටය. ඇයව අතහැරයාම නොවේ.
 
මා සෑම විටම සිතුවා ඔහු තමා කළ වරද පිළිගෙන හොඳ මිනිසෙකු වේය කියලා යනුවෙන් ඈ පවසා ඇත. එහෙත් සෑම විටම නීති පැනෙව්වේ රිචඞ්ය. සැලීට පිස්සු හැදීගෙන එනවා යැයි ඇයට එත්තු ගැන්වීමටද ඔහු උනන්දු විය. ඇය අතින් යම්කිසි අත්වැරැද්දක් සිදුවුවහොත් ඒ ඇයට පිස්සු හැදීගෙන එන නිසා බව ඒත්තු ගැන්වීමටද ඔහු උනන්දු විය.
 
ඉහත සඳහන් ගණිකා නිවාස සිද්ධියෙන් පසු 2009 මුල්භාගය වන විට ජීවිතය එපා වන තත්ත්වයට සැලී පත්ව සිටියාය. පස්වතාවක්ම රිචඞ්ගෙන් දික්කසාද වීමටද ඈ අදහස් කළත් පසුව එම අදහස අත්හැරියාය. කෙසේ වුවද ඇගේ අම්මාගෙන් ඇයට හිමිවූ මුදලින් වෙනම ගෙයක් මිලදීගෙන, ඒ වන විට වයස අවුරුදු විස්සක්ව සිටි ඇගේ බාල පුතා වන ඬේවිඞ් සමග ඈ එහි පදිංචියට ගියාය. ජේම්ස් නමැති වැඩිමල් පුතා පියා සමග ජීවත් වූවත් ටික කලකින් ඔහුත් පිටව ගිය අතර රිචඞ් තනිවිය. එහෙත් සැලීට ටික කලකින් එම ජීවිතය එපා විය.
 
අලූත් ජීවිතයක් අරම්භ කළ යුතුයැයි කල්පනා කළ සැලී සහ රිචඞ්, මේ සියල්ල අමතක කිරීමේ අටියෙන් නිවාඩුවක් ගත කිරීමට ඕස්ට්‍රේලියාවට යා යුතුයැයි තීරණය කළෝය. 2010 අවුරුද්දේ අගෝස්තු 13 වන දා ඇය, රිචඞ් පදිංචිව සිටි ගෙදරට (ඔවුන් දෙදෙනාටම අයිති ගෙදර) පැමිණියේ ඕස්ට්‍රේලියාවට යෑමට පෙර ගේ දොර අස්පස් කිරීම සඳහාය.
 
මා ඔහුට කෑම පිළියෙල කෙරුවා. ඒ අතර රිචඞ් හිටියේ උඩු මහලේය. මා උඩුමහලට ගිය විට ඔහු කොම්පියුටරය ක්‍රියා කරවමින් හිටියා. මාව දුටු ගමන් ඔහු එය නිවා දැම්මා. ඊට පසු ඔහු පහතට බැස වාඩිවූවාට පසු මා ඔහු ඉදිරියේ කෑම තැබුවා. ඊට පසු මා මෙසේ පැසුවා. මං හෙට ඔයාව හම්බුවෙන්න එනවා. එවිට ඔහු මෙසේ පැවසුවා සැලී මගෙන් ප්‍රශ්න අහන්න එපා, මගෙන් ප්‍රශ්න අහන්න එපා.
 
ඔහු සෑම විටම කතා කෙරුවේ ඒ ආකාරයටමයි මගෙන් ප්‍රශ්න අහන්න එපා. මගෙන් ප්‍රශ්න අහන්න එපා. මොකද ඔයාට මගෙන් උත්තරයක් ලැබෙන්නේ නැති නිසා. සැලී තම අත්බෑගයෙන් මිටියක් ගෙදරට (රිචඞ් පදිංචි සිටි ගෙදරට) ගෙනවිත් තිබුණා. නඩු  විභාගයේදී පැමිණිල්ලේ නීතිඥයා එම කාරණය ගැන විශේෂයෙන් සඳහන් කරණ ලද අතර එය සැලීගේ අවාසියට හේතු වූවා. නිසැකය.
 
මා බාල පුතාත් සමග වෙනත් ගෙයක පදිංචියට යන විට කවුදෝ මිටියක් වෙනත් උපකරණයක් සමග පෙට්ටියක දමා තිබෙනවා. මට එම මිටිය එහිදී ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ මිටිය තමයි මගේ අත්බෑගයේ තිබුණේ සැලී පවසා ඇත.
 
එහෙත් තමා රිචඞ් පදිංචිව සිටි ගෙදරට එන්නට පෙර මිටිය තම අත් බෑගයේ දැමු බවක් තමාට මතක නැතැයි සැලී පසා ඇත. එසේ වුවත් මා එය අත්බෑගයට දමන්න ඇති නැත්නම් එය එහි තිබුණේ කොහොමද? ඈ පවසා ඇත.
 
ඊට පසු සිදුවු දෙයින් සැලීගේ ජීවිතය සඳහටම වෙනස් වූ අතර රිචඞ්ගේ ජීවිතය කෙළවර විය.
 
ඔහු වාඩිවී කෑම කමින් සිටින විට මං පිටිපසින් ඇවිත් ඔහුගේ හිසට මිටියෙන් එක දිගට ගැසුවා. මං ඊට පෙර කිසිවෙකුටත් ගහල නෑ. පැමිණිල්ලෙන් කියා තිබුණේ මං දහ අට වාරයක් රිචඞ්ගේ හිසට මිටියෙන් ගැහැවුවා කියාය. එහෙත් මට ඒක විශ්වාස කරන්න බෑ. රිචඞ් බිමට වැටිලා තිබුණා. එවිට මං දැනගත්තා ඔහු මැරිලා කියලා. ඔහු හුස්ම ගත්තේ නෑ. මා ඔහුගේ කකුල ඇතුල්ලූවා. ඊට පසුව බැලැන්කේට්ටු කීපයක් ගෙනත් ඔහුගේ මිනිය ඒවායින් වැසුවා. සැලී පවසා ඇත.
 
කුස්සියේ එම අවස්ථාවේ පැවැති දර්ශනය බිහිසුනු එකක් වූවා නොඅනුමාණය. එවිට ඈ සිටියේ ව්‍යාකූල තත්ත්වයක බව සැලී පවසා ඇත. ඒ කෙසේ වෙතත් උඩුමහලට යෑමට පෙර තමා මේස් කුට්ටම ගැලවූ බව තමාට මතක ඇති බවද ඈ පවසා ඇත. ඇගේ ඇඳුම් සියල්ලම තිබුණේ ඈ දැනට පදිංචිව සිටින ගෙදරය. එනිසා ඇයට ලේ තැවරුන ඇඳුම් මාරු කිරීමට හැකියාවක් නොතිබිණි.
 
මං ඬේවිඞ්ගේ කලිසමක් ඇඳ ගත්තා. ඊට පසු රිචඞ්ගේ මේස් කුට්ටමක් දා ගත්තා. ඊට පසු මා දොර වසා ආපසු ඒ දිනවල පදිංචිව සිටි ගෙදරට ආවා සැලී අවසාන වශයෙන් පවසා ඇත.
 
සැලී චලන්ගේ කතාවේ වීර චරිත නොමැත. සෑම චරිතයක්ම පරාජිත චරිතය. තම ස්වාමි පුරුෂයා මැරීම හේතුවෙන් ඇය ජීවිතාන්තය දක්වා දුක් විඳන බව නොකිවමනාය. අම්මා විඳන දුක දැකීමෙන් පමණක් නොව තාත්තා අහිමිවීමෙන්ද ඇගේ පුතුන් දෙදෙනාත් එලෙසම දුක් විඳින බව නොඅනුමානය. ඒ කෙසේ වුවද ශෝකාන්තයක් වන මේ කතාවෙන් පාඩම්ද ඉගෙන ගත හැක. එනම් තම සහකරුගේ හෝ සහකාරියගේ කෙතරම් වැරදි තිබුණත් නීතිය අතට ගෙන සැහැසිකම් කිරීමෙන් කිසිවෙකුටත් සතුටක් නොලැබෙන බවය. මේ කතාවේ වැරදිකරු රිචඞ්ද නොමැතිනම් සැලීද කියා යමෙක් ඇසුවොත් එයට කෙළින් පිළිතුරක් දීම එතරම් පහසු නැත. ඒ කෙසේ වෙතත් එය එසේ සිදුවිය. නොදනිමි කාගෙ දොසා යන්න එම ප්‍රශ්නයට දිය හැකි කෙටි පිළිතුර විය හැක.

 බෙල්ලන්විල ඕ.ටී පෙරේරා



 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top