Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
නව යුද හමුදා මූලස්ථානය විවෘතකරන උත්සවයේදී සිය සමුගැනීම ගැන ජනපති කතා කරයි - Video

- නව යුද හමුදා මූලස්ථානය විවෘතකරන උත්සවයේදී සිය සමුගැනීම ගැන ජනපති කතා කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,011 Views
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිවූ නව යුද හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මුලින්ම සහභාගි වූයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

ඉන් අනතුරුව නාවික සහ ගුවන් හමුදාපතිවරුන් එම අවස්ථාවට පැමිණියා. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම අවස්ථාවට එක්වූ අතර ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ යුද හමුදාපතිවරයා විසින්.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත සම්මාන වෙඩි මුර 21ක් පිරිනැමුණු අතර ඉන් අනතුරුව සමරු ඵලකය විවෘත කරනු ලැබුවා.

අක්කර 77ක භූමි ප්‍රදේශයක ඉදිවූ නව යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබුණේ 2011 වසරේදියි.

එහි ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක්.

මෙහි යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා මූලස්ථානය මෙන්ම ආරක්ෂක අමාත්‍යාශය ද පිහිටා තිබෙනවා.

මෙම යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල අති නවීන තාක්ෂණික පහසුකම්වලින් මෙන්ම ආරක්ෂක ක්‍රමවේදයන්ගෙන් ද සමන්විතයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top