Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
පිටකොටුවේ, පරණ ඇඳුම් අලුත් කර විකුණූ ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

- පිටකොටුවේ, පරණ ඇඳුම් අලුත් කර විකුණූ ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,661 Views
පාවිච්චි කරන ලද ඇඳුම් සෝදා පිරිසිදු කර අලුත් ඇදුම් ලෙස ප්‍රකාශ කර අලෙවි කිරීම සඳහා ඇසුරුම් කරමින් තිබූ ස්ථානයක් පිටකොටුව - මල්වතු පාරේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වටලා තිබෙනවා.

එම අධිකාරියේ බස්නාහිර බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත අදාළ ස්ථානය වැටලූ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ සඳහන් කළේ.

වෙළදපොළට නිකුත් කිරීම සඳහා ලේබල් කර ඇසුරුම් කරමින් තිබූ එම එක ඇඳුමක් රුපියල් 100ක තොග මිලකට අලෙවි කෙරෙන අතර වෙළදපොළේදී එම ඇඳුමක් රුපියල් 150ක මුදලකට අලෙවි කරන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එළඹෙන උත්සව සමයේදී මෙවැනි වංචනික ක්‍රියා බහුලව සිදුවිය හැකි බැවින් ඒ පිළිබද තොරතුරු 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top