Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"බිරිඳට ගිනි තබා ඇත්තේ මාසයක් වයස දරුවාට කිරිපොවද්දී.." - අනියම් පෙම්වතිය අයිති කරගන්න, සිය බිරිඳ හා දරුවන් දෙදෙනා පුළුස්සා මරා දැමූ නරුම සැමියෙකුට අවසානයේ අත් වූ ඉරණම - Photos

- "බිරිඳට ගිනි තබා ඇත්තේ මාසයක් වයස දරුවාට කිරිපොවද්දී.." - අනියම් පෙම්වතිය අයිති කරගන්න, සිය බිරිඳ හා දරුවන් දෙදෙනා පුළුස්සා මරා දැමූ නරුම සැමියෙකුට අවසානයේ අත් වූ ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,797 Views
අනියම් පෙම්වතියට මුදුවක් තෑගි කර සියල්ල සැලසුම් කරලා..
'මම සියලූම චෝදනාවලට නිවැරදිකරු' - විත්තිකරු අධිකරණයේදී කියයි..
ගිනි ගැනීමකින් මරණ සිදුවූ බවට පාපොච්චාරණය කරලා?
 
සිය අනියම් පෙම්වතිය සමග නව යුගදිවියක් ආරම්භ කිරීමේ අරමුණින් 31 හැවිරිදි පාසල් ගුරුවරියක වූ සිය බිරිඳ හා තුන් හැවිරිදි තම දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර ගිනි තැබීම සහ මාසයක් වයසැති තම සිගිති දරුවා පුළුස්සා මරා දැමීම යන අධිචෝදනා තුනට වරදකරු කරනු ලැබූ සමාගම් විධායක නිලධාරියකු ලෙස කටයුතු කළ විජේමුණි මධුර මනුරංගන ද සිල්වා නමැත්තාට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ කළුආරච්චි මහතා ඊයේ (07) මරණීය දණ්ඩනය නියම කළා.

2012 දෙසැම්බර් 16 වැනිදා රාත්‍රියේ හෝ ඊට පසුදින අලූයම රත්මලාන කල්දෙමුල්ල ගොලූමඩම හන්දිය ආසන්නයේ පිිහිටි නිවසක් තුළදී පිහිවියගේ සචේතනා සඳමාලි ප්‍රනාන්දු , විජේමුණි ඉෂාන් බානුක ද සිල්වා හා විජේමුණි කුෂාන් සඳරු ද සිල්වා යන ත්‍රිපුද්ගල ඝාතන චෝදනාවට විත්තිකරු වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකී අධි චෝදනා තුනටම විත්තිකරුට වෙන් වෙන්ව මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.
 
එකී මරණ ගිනි ගැනීමකින් සිදුවූ මරණ බවට හැගී යන ආකාරයෙන් විත්තිකරු හැසිරී තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මිකා වසන්ති ආරියරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අනුව මව හා වැඩිමහල් දරුවා මියගොස් ඇත්තේ ගිනි ගැනීමට පෙර බව හෙළිවුණා.
 
එම මරණ ගෙල සිරකිරීමෙන් සිදුවී ඇති බවට පෙන්වා දී ඇතැයි විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දී තිබුණා.
 
එක් මසක් වයසැති දරුවාගේ මරණය සිදුවී ඇත්තේ ඔහු මියගිය කාන්තාවගෙන් කිරි උරාබොමින් සිටියදී ඇතිවූ ගින්න නිසා බවද එකී පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව පෙනී යන බවද සිය තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරුවරයා රජයේ රස පරීක්‍ෂකවරයාගේ හා විදුලි ඉංජිනේරුවරයාගේ වාර්තා අනුව එකී ගින්න නිවසේ විදුලි පද්ධතියෙන් ඇති වූවක් නොව යමෙකු විසින් සිදුකළ ගිනි තැබීමක් බවට තහවුරු වී ඇතැයි ද පෙන්වා දුන්නා.
 
මරණකරුවන් නිදාගෙන සිටි ඇඳේ තිබූ මෙට්ටයේ ස්ථාන දෙකකින් ගින්න ඇතිවී ඇති බවට ඉදිරිපත් වූ වාර්තා අනුව එකී ගින්න හිතාමතාම සිදුකළ ගිනි තැබීමක් බවට තහවුරු වන බවත් විත්තිකරු හැර අන් කිසිවකු එදින එම නිවසට ඇතුළු වූ බවට සාක්‍ෂි ඉදිරිපත් නොවීම මත එය විත්තිකරු විසින්ම සිදුකර ඇති බවට සිය අධිකරණයට මනාව පැහැදිලි වන බවද විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දෙනු ලැබුවා.
 
විත්තිකරු එකී ඝාතන සිදුකර ඇත්තේ ඔහු ඇති කරගෙන තිබූ අනියම් සබඳතාව මත යන කරුණු පැමිණිල්ල විසින් සිය අධිකරණය හමුවේ ඔප්පු කොට ඇති බවද එහිදී පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා එකී අනියම් සබඳතාව සාමාන්‍ය සබඳතාවක් බවට පෙන්වීමට විත්තිකරු විසින් කූඩුවේ සිට කළ ප්‍රකාශය මගින් උත්සාහ දරා ඇති නමුත් අනියම් පෙම්වතිය සමග විවාහය පවත්වන ස්ථානය පිළිබඳ සාකච්ඡා කිරීම, ඇයට මුද්දක් තෑගි දී එය කුමන ඇගිල්ලට දමන්නේ දැයි විමසීම වැනි කරුණු අනුව විත්තිකරු ව්‍යාජ කරුණු ඉදිරිපත් කළ බව පෙනී යන්නේ යැයිද පෙන්වා දුන්නා.
 
වැරදි සහගත තීන්දුවක් හෝ පසුතැවීමට හේතුවන තීන්දුවක් ලබා නොදෙන ලෙස විත්තිකරු විත්ති කූඩුවේ සිට නඩු විභාගය අවසානයේදී කළ ප්‍රකාශය මගින් ඉල්ලා ඇති බවද එහිදී සිහිපත් කළ විනිසුරුවරයා තම අධිකරණය කිසිදා වැරදිසහගත හෝ පසුතැවීමට හේතුවන තීන්දු නිකුත් නොකරනා බවද පෙන්වා දුන්නේය.
 
මරණීය නඩු තීන්දුවක් ලබාදීමට පෙර අවසන් වශයෙන් නිදහසට යමක් කීමට ඇත්නම් එය ප්‍රකාශ කරන ලෙස අධිකරණය එහිදී විත්තිකරුට නියෝග කළ අතර 'මම සියලූම චෝදනාවලට නිවැරදිකරු' යැයි ද 'අධිකරණයේ එකී තීරණයට මම විරුද්ධයි' යැයි විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළා.
 
එහිදී අධිකරණයේ අවසරය මත අධිකරණය ඇමතූ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්‍ෂි සහ පරිවේෂණීය සාක්‍ෂි ඇතුළු සියලූ කරුණු සලකා බලමින් කිසිදු දිනයක තීන්දුවක් නිකුත් කිරීම ප්‍රමාද නොකළ විනිසුරුවරයාටත් ප්‍රමාදයකින් තොරව නඩුව අවසන් කිරීමට සහාය දැක්වූ විත්තියේ නීතිඥවරුන්ටත් ස්තුතිය පුද කළා.
 
තීන්දු ප්‍රකාශයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ ඝාතනයට ලක්වූ පාසල් ගුරුවරියගේ පියා වන පී. කේ. ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ විත්තිකරුට නිසි දඬුවම නියම කිරීමෙන් වසර හතකට පසුව හෝ ඝාතනයට ලක්වූ සිය දියණියට හා ඇගේ දරුවන් දෙදෙනාට අධිකරණය සාධාරණය ඉටුකර ඇති බවයි.
 
දිවයින පුවත්පත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top