Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
"මට වුවමනාවක් නැහැ විවාහ විය යුතු නිසා විවාහ වෙන්න, ස්වාමිපුරුෂයාට වුණත් බරක් වෙන ගැහැනියක් වෙන්න මම කැමති නැහැ..." - කීර්ති පැස්කුවල්ගේ දියණිය කියයි

- "මට වුවමනාවක් නැහැ විවාහ විය යුතු නිසා විවාහ වෙන්න, ස්වාමිපුරුෂයාට වුණත් බරක් වෙන ගැහැනියක් වෙන්න මම කැමති නැහැ..." - කීර්ති පැස්කුවල්ගේ දියණිය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,006 Views
බොහෝ අවස්ථාවල දැක තිබුණා කීර්ති පැස්කුවෙල් කියන අපේ ආදරණීය ගායන ශිල්පියාගේ පුත් කසුන් ගී ගයනවා. තාත්තාගේ අඩි පාරේ යමින් ගී ගයන කසුන් වගේම ඊයේ පෙරේදා තවත් කාන්තා මුහුණක් දැක්කා. ඇය චාරුණි පැස්කුවෙල්. චාරුණි ගී ගැයුවේ බොහොම කාලෙකට පස්සේ. පුංචි කාලයේදී නම් ඇය තාත්තා එක්ක ගී ගායනා කරනවා දැකලා තිබුණා. දැන් චාරුණි නව යොවුන් තරුණියක්. මේ ඇය ගැනයි

බොහොම කාලෙකට පස්සේ. කොහොමද ..?
මම ආපහු සංගීත වැඩකටයුතු පටන් ගන්න හිතුවා. ඇත්තටම පසුගිය කාලේ අවුරුදු තුනක් විතර මම සංගීත වැඩ කටයුතුවලින් අෑත් වෙලයි හිටියේ. ඒ මගේ අධ්‍යාපන වැඩකටයුතු නිසා.

දැන් ඔබේ අධ්‍යාපන කටයුතු ඉවරද?
ඔව්. මම නීති විද්‍යාව හැදෑරුවා. දැන් ඒ විභාග වැඩකටයුතු ඉවරයි. ඒ නිසා මම හිතාගෙන ඉන්නේ තාත්තා එක්ක එකතු වෙලා අලුත් ගීතයක් කරන්න.

ඇත්තටම නීති විද්‍යාලයේ ඉන්න කාලේ නම් ඒ දේවල්වලට කාලය වෙලාව හරිම අඩුයි. විවේකය නැහැ.

ඒත් පුංචි කාලේදී නම් තාත්තා එක්ක එකතු වෙලා සින්දු කිව්වා. සංගීත භාණ්ඩ වාදනය කරන්නත් හැකි වුණා. මට ගිටාරය, පියානෝව වාදනය කරන්න පුළුවන්.

නීතිය ඉගෙන ගත්තා කිව්වනේ. ඇයි ඒ විෂය ඔබ තෝර ගත්තේ?
ඒ විෂයට මම පුංචි කාලේ ඉඳලම කැමැතියි. ඒ කැමැත්ත තිබුණා වගේම මට තර්ක කරලා දිනන්න පුළුවන් කියන විශ්වාසයත් ඇති වුණා. ඒ මගේ නංගි හින්දා. මොකද මම පුංචි කාලේ නතාලියා නංගි එක්ක රණ්ඩු වෙලා වාද කරනවා. ඒවායින් දිනනවා. ඉතින් එයින් විශ්වාසය වැඩි වුණා.

ඒ කියන්නේ නංගි හින්දා දැන් නීතිඥවරියක් වුණා?
ඔව්. ඇත්තටම විශ්වාසය ඇති වුණේ ඒ රණ්ඩු නිසා තමයි. නැත්නම් වෛද්‍යවරියක් වෙන්නත් කැමැත්ත තිබුණා.

ගායිකාවක් වෙන්න කැමැත්ත තිබුණේ නැද්ද?
වෘත්තීය ගායිකාවක් වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි හොඳ ගායිකාවක් වෙලා හරවත් ගීත ගායනා කරන්න කැමැතියි.

මොකද මම පුංචි කාලේ ඉඳලම තාත්තගේ දක්‍ෂතා සහ තාත්තා කළ නිර්මාණ දැකලා තිබුණා. රසික රසිකාවියන් තාත්තාට දැක්වූ ආදරය වගේම යහපත් ප්‍රතිචාර මම හොඳින් දැකලා තිබුණා.

ඒ වගේ අවස්ථාවලදී චාරුණිට මොකද හිතුණේ?
ඇත්තටම තාත්තා ගැන ආඩම්බරයක් ඇති වුණා. ඔහු ඉතාම නිහතමානි විදිහට රසික රසිකාවියන් සමඟ කතා කරන එක ගැන අපිට හරිම සතුටුයි.

කීර්ති පැස්කුවෙල් දරුවන්ට බෙහෙවින් කුලුපග ඒ වගේම ආදරය කරන තාත්තා කෙනෙක්ද?
ඔව්. අපේ තාත්තා අපිත් එක්ක හරිම හොඳින් ඇසුරු කරන කෙනෙක්. අපිට ගොඩක් ආදරය කරන කෙනෙක්. අපි මොන දේ කළත් ඒවා ගැන තාත්තා එක්ක කතා කරන්න පුළුවන්. උපදෙස් අරගෙන අපේ වැඩ සාර්ථක කරගන්න පුළුවන්. ඒ අතින් අපේ තාත්තා හොඳ කෙනෙක්. ඒ ගෞරවය අපි ඔහුට ලබා දෙනවා.

චාරුණි අයියා එක්කත් ගීත ගැයුවා නේද?
ඔව්. ඔහුගේ ප්‍රසංගයේදී මම ගී ගැයුවා. අයියත් දක්‍ෂයි. අපි හැමෝගේම මුල් පුරුක තමයි තාත්තා.

අලුත් පරපුරේ ගායක ගායිකාවෝ ගයන ගීත ඔබ අහලා ඇති. මොකද හිතෙන්නේ?
මම ඒ වගේ ගීත ගායනා කරන්න කැමැති නැහැ. හරවත් ගීත අපි ගායනා කළ යුතුයි. දැන් මම හුඟක් කැමැතියි මරියසෙල් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා වගේ ගායිකාවෝ ගායනා කළ ගීතවලට. ඒ ගීතවල බටහිර ශෛලිය තිබුණත් ඒ සින්දුවල වචන හරිම ලස්සනයි.

ඇත්තටම මටත් ඕන අන්න ඒ වගේ ගීත ගායනා කරන්න. ඉදිරියේදී මම තාත්තාගේ උදවු අරගෙන ගායනා කරන්න හිතාගෙන ඉන්නෙත් ඒ වගේ ගීත. ඒ වගේම තාත්තා වගේ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් විය යුතුයි. අපේ තාත්තා කොයි තරම් ජනප්‍රිය වුණත් ඒ වගේ කෙනෙක්. ඕනෑම මොහොතක තවත් කෙනෙක් වෙනුවෙන් උදවු උපකාර කරන්න සූදානමින් ඉන්න කෙනෙක්.

ඔබ නව යොවුන් තරුණියක්. ආදරය ගැන විවාහය ගැන හිතන පතන විදිය කොහොමද?
ආදරය අපේ ජීවිත තුළ තිබිය යුතුයි. විවාහයත් එහෙමයි. ඒත් ඒවාට කලින් අපිට කරන්න දේවල් තිබෙනවා.

මම තවම වයස අවුරුදු 22ක තරුණියක්. ඒ වගේම නීතිය හදාරලා ඉවර වුණා විතරයි. ඉතින් මට තිබෙනවා දැන් හොඳ නීතිඥ මහත්තයෙක් ළඟ පුහුණු වෙන්න. ඒ දේවල් කරලා ඉවර වෙලා තමයි ආදරය, විවාහය ගැන හිතන්න ඕන.

අනික මට වුවමනාවක් නැහැ විවාහ විය යුතු නිසා විවාහ වෙන්න. මුලින්ම අපි ආර්ථික අතින් ශක්තිමත් විය යුතුයි. මොකද ස්වාමිපුරුෂයාට වුණත් බරක් වෙන ගැහැනියක් වෙන්න හොඳ නැහැ. ඇත්තටම මම ඒකට කැමති නැහැ.

සමන් ප්‍රියංකර නම්මුනිගේ



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top