විත්තිකරු විශ්‍රාමික රජයේ සේවකයෙක්..
අනියම් ඇසුර අත්හරින්න කීවාට කෝප වෙලා..
වරදකරුට අධිකරණයෙන් ලැබුණූ නියෝගය?
වසර 15 ක් පමණ තමා සමග සතුටින් දීගකෑ තම අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ 81 හැවිරිදි අනියම් සැමියකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට අධිචෝදනා පත්‍ර භාරදෙන ලැබුවා.
මෙහි විත්තිකරු වූයේ මීගමුව කටුවාපිටියේ පදිංචි බී. ඒ. ඩී. ප්‍රැන්සිස් නිකුලස් (81) නමැත්තෙක්.
2011 සැප්තැම්බර් මස 7 වැනි දින විත්තිකරුගේ පිහි පහරින් මරණයට පත්වූයේ රද්දොළුව මුතුවාඩියේ පදිංචිව සිටි චන්ද්‍රා ගුණවතී නමැති 53 හැවිරිදි කාන්තාවක්.
නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු අනුව විත්තිකරු විශ්‍රාමික රජයේ සේවකයෙක්.
ඔහු වසර 15 ක පමණ කාලයක සිට මියගිය කත සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර මෙම ඝාතන සිද්ධියට ආසන්නයේ මියගිය කාන්තාව විත්තිකරු සමග පැවැත්වූ අනියම් ඇසුර අත්හැරීමට සූදානම් වී තිබෙනවා.
එයින් බලවත් කෝපයට පත් විත්තිකරු මියගිය අය සේවය නිමවී යමින් සිටියදී මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ සැඟවි සිටි විත්තිකරු ඔහුගේ අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවයි වර්තා වන්නේ.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා විසින් විත්තිකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව විත්තිකරුට අධිකරණයෙන් ඇප නියම කෙරුණා.