Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
06
"ඔයාගේ ෆේස්බුක් එකේ අසභ්‍ය ඡායාරූප දාලා ඔයා දන්නේ නැද්ද?" - සිය මිතුරිය වූ වසන්තිනිගෙන් පළිගන්න, ඇගේ ඡායාරූප යොදාගෙන නිලූකා කළ අමුතු සෙල්ලම අවසන් වූ හැටි

- "ඔයාගේ ෆේස්බුක් එකේ අසභ්‍ය ඡායාරූප දාලා ඔයා දන්නේ නැද්ද?" - සිය මිතුරිය වූ වසන්තිනිගෙන් පළිගන්න, ඇගේ ඡායාරූප යොදාගෙන නිලූකා කළ අමුතු සෙල්ලම අවසන් වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,187 Views
"ඔයාගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එකත් දාලා. කැමති අයට කතා කරන්න කියලා."
"එයා මට තර්ජනය කළා මම උඹට හොඳ වැඩක් කරන්නම් කියලා.."
"මට ඔයත් එක්ක ඉන්න ආසයි.." - "ඔයාගේ අදහසට මම කැමතියි.."
 
වසන්තිනි රත්නපුරේ පදිංචිකාරියක්. විවාහක වන අතර දෙදරු මවක්. ඇය කොළඹට එන්නේ රැකියාවක් සොයාගෙනයි. බියගම වෙළඳ කලාපයේ කම්හලක ඇයට රැකියාවක් ලැබුණා. ඉන්පසු ඇය සැමියා හා දරුවන්ද සමඟ ඊට ආසන්න නිවසක පදිංචි වුණා. සැමියා රැකියාව කළේ ද වෙළඳ කලාපයේ යි. දරුවන් පාසල් ගියේද ඒ අසළම දෙමළ විද්‍යාලයටයි.
 
වසන්තිනි සේවය කළේ අත්වැසුම් නිෂ්පාදනය කරන කම්හලකයි. ඇය සමඟ සේවිකාවන් රැසක් එහි සේවය කරනු ලැබුවා. එහෙත් ඇගේ මිතුරිය වූයේ 'නිලූකා' යි.

කාලයාගේ ඇවෑමෙන් මේ මිතුරුකම හිටි හැටියේ පළිඳු වුණා. ඒ රැකියාව කරන ස්ථානයේ ඇති වූ කිසියම් පලහිලව්වක් නිසාවෙනුයි. මේ හේතුව නිසා වසන්තිනි නිලූකා සමඟ උරණ වුණා.
 
"මම උඹට හොඳ වැඩක් කරන්නම්කෝ.."
 
නිලූකා වසන්තිනිට එසේ තර්ජනය කළා. නිලූකාගේ වචනය වසන්තිනි එතරම් ගණනකට ගත්තේ නැහැ.
 
සතියක් දෙකක් ගත වුණා. වසන්තිනීගේ ජංගම දුරකථනය එක දිගට නාද වන්නට වුණා. ඇයට කතා කළේ නාඳුනන පිරිමින්.
 
"මට ඔයත් එක්ක ඉන්න ආසයි.."
"ඔයාගේ අදහසට මම කැමතියි.."
 
ඔවුන් වසන්තිනීට එසේ කීවා. එම දුරකථන ඇමතුම්වලින් සමහර ඒවා අසභ්‍ය කතාන්දරයි. ඊට අමතරව ඇගේ දුරකථනයට අසභ්‍ය පණිවිඩ දිගින් දිගටම ලැබුණා.
 
"මේ මොකද?"
"වැරදිලා වෙන්න ඇති.." ඇය එසේ සිතුවා. වැඩි දිනක් යන්නට මත්තෙන් ඇගේ දරුවෝ පාසලේ සිට හඬාගෙන ගෙදර ආවා.
 
"අම්මේ අපේ මිස්.."
 
පාසලේදී ගුරුවරියන් කී කතා ඔවුන් වසන්තිට කීවා. තව දිනක් යද්දි ඇගේ මවුපියන් ඥාතීන් ද ඇයට ඇමතුම් දී බැන වදින්නට වුණා.
 
"මොනවද මේ කොළඹට වෙලා කරන්නේ? උඹට ලැජ්ජ නැද්ද ඔය දරුවනුත් විනාශ කරන්නේ..?"
 
ඒත් ඇයට මේ කියන කිසිත් වැටහෙන්නේ නැහැ. ඇය හැම දෙනාගේම බැනුම් අසමින් ඔහේ සිටියා. අවසානයේ පාසල් ගුරුවරියක් ඇයව පාසලට කැඳවා මේ බව කීවා.
 
"ඔයාගේ ෆේස්බුක් එකවුන්ට් එකේ සෙක්ස් ෆොටෝස් දාලා ඔයා දන්නේ නැද්ද?"
 
"ඔයාගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එකත් දාලා. ඔයත් එක්ක සෙක්ස් කරන්න කැමති අයට කතා කරන්න කියලා. ඔයාට ලැජ්ජ නැද්ද?"
 
වසන්තිනිට දෙලොව රත්වුණේ එවිටයි. ඇය වහා ගොස් තම ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළා.
 
"දෙවියනේ මේ මගේ පිංතූරේ.."
 
ඇගේම පිංතුරයක් උපයෝගී කරගනිමින් ඇය සමඟ ලිංගිකව එක්වීමට කැමති අය වහා ඇගේ දුරකථනයට කතා කරන ලෙස එහි සටහන්ව තිබුණා. මේ දුටු වසන්තිනිට කර කියා ගත හැකි දෙයක් නොවුණා. මෙම ගිණුමේ අසභ්‍ය වචන, අදහස් පිංතූර විශාල සංඛ්‍යාවක් පළ වී තිබුණා.
 
ඇගේ යෝජනාවට කැමැත්ත පළ කළ අයගේ අදහස්ද විශාල ප්‍රමාණයකි. ඇය මහ හඬින් හඬන්නට වුණා. පසුව මේ බව ඇය සැමියාට කිව්වා.
 
"අපි යමු පොලිසියට..."
 
වසන්තිනිද කැටුව සැමියා බියගම පොලිසියට පැමිණ එහි ස්ථානාධිපතිවරයා හමුවුණා. සියල්ල සාවධානව අසා සිටි ස්ථානාධිපතිවරයා වහා සිය උසස් නිලධාරින් දැනුවත් කළා.
 
වසන්තිනිගේ ප්‍රකාශයක් සටහන් කරගත් ස්ථානාධිපතිවරයා ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේ එවන් ක්‍රියාවක් කරන්නට තරම් තරහක් ඇත්තේ කාටදැයි දැනගන්නටයි.
 
"සර් මීට සතියකට විතර කලින් මම නිලූකා එක්ක රංඩු වුණා. එයා මට තර්ජනය කළා මම උඹට හොඳ වැඩක් කරන්නම් කියලා. ඒ ඇරෙන්න මාත් එක්ක වෙන කවුරුත් තරහා නෑ සර්. මට දැන් වැඩපළේ අයට මුහුණ දෙන්නත් බැහැ. දරුවන්ට ඉස්කෝලේ යන්න බැහැ. මහත්තයාට වැඩට යන්න බැහැ. මොනව හරි මේකට කරලා දෙන්න සර්.."
 
වසන්තිනිගේ ප්‍රකාශය අනුව පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇගේ ගිණුම පරීක්ෂා කර බැලුවා. එහිදි ඔහු අනාවරණය කරගත්තේ වසන්තිනිට ඇති නියම ෆේස්බුක් ගිණුමේ ඡායාරූප ගෙන වෙනත් ගිණුමක් සක්‍රීය කොට ඇගේ ජංගම දුරකථන අංකය ද සටහන් කොට ඇය පවසන අන්දමට පිරිමින් ලිංගික ඇසුරට සම්බන්ධ කිරීම සඳහා වයාජ ගිණුමක් සකස් කර ඇති බවයි.
 
ඇගේ ප්‍රකාශයට අනුව නිලූකා පොලිසියට කැඳවා මේ සම්බන්ධයෙන් විමසුවත් ඇය කීවේ තමන් කිසිත් නොදන්නා බවයි.
 
පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇය සතු දුරකථනය අතට ගෙන පරික්ෂා කර බැලුවා.
 
"මුකුත් දන්නෙ නැහැ කිව්වට මේ තියෙන්නේ බඩු.."
 
ජංගම දුරකථනය පරීක්ෂා කරද්දි වසන්තිනිගේ ඡායාරූප හා ඇගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමට යොදන ලද නිරුවත් පින්තූර හා විවිධ අසභ්‍ය සටහන් එම දුරකථනයේ දත්තවල දක්නට ලැබුණා.
 
"ඇයි තමුන් මේ වගේ ජරා වැඩක් කළේ? දැන් බලන්න මේ ගෑනු කෙනාට සමාජයට මුහුණ දෙන්න බෑනේ.."
 
එසේ කී ස්ථානාධිපතිවරයා නවීන තාක්ෂණය යොදාගෙන වසන්තිනිගේ ව්‍යාජ ගිණුම අක්‍රිය කරනු ලැබුවා. පසුව නිලූකා අත්අඩංගුවට ගත්තා.
 
නිලූකා මාතර පදිංචිකාරියක් වන අතර වෙළඳ කලාපයේ රැකියාව සඳහා බියගමට ආසන්න ප්‍රදේශයක කුලී කාමරයක නතර වී සිටියා. ඇය 26 හැවිරිදියි.
 
චෝදනා කිහිපයක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළ නිලූකා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
 
කීර්ති මෙන්ඩිස්
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top