Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
05
"මගේ දුවයි පුතයි දෙන්නම මට නැතිවුණා, මගේ මුළු ජීවිතයම වගේ හිටපු දරුවෝ දෙන්නා.." - අවුරුදු 16 සිසුවා පැදවූ මෝටර් රථයට යටවී නොඑන ගමන් ගිය පුංචි පැටවුන් දෙදෙනා ගමක්ම හඬවයි

- "මගේ දුවයි පුතයි දෙන්නම මට නැතිවුණා, මගේ මුළු ජීවිතයම වගේ හිටපු දරුවෝ දෙන්නා.." - අවුරුදු 16 සිසුවා පැදවූ මෝටර් රථයට යටවී නොඑන ගමන් ගිය පුංචි පැටවුන් දෙදෙනා ගමක්ම හඬවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,504 Views
අපේ හදවත්වලට දැනුණු වේදනාව කියා නිම කරන්න බැහැ..
පුළුවන්කමක් තිබුණා නම් මේ දරු දෙදෙනා ඔහුට ගෙනැවිත් දෙනවා..
මේ දරු දෙදෙනාගේ අභාවය මේ ගම්මානයට මහත් වෙනසක් කළා...
 
"මගේ දුවයි පුතායි දෙන්නාම මට නැති වුණා. මගේ මුළු ජීවිතයම වගේ හිටපු දරුවෝ දෙන්නා මට නැති වුණා. පොඩි පුතාව ඉංගී්‍රසි පන්ති එක්කරගෙන යද්දියි මගේ දරුවෝ දෙන්නයි නෝනයි අනතුරට මුහුණදී තිබුණේ. අධික වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන ආපු අවුරුදු දහසයේ දරුවෙක් මගේ දරුවෝ දෙන්නාව හප්පලා තිබුණා. මගේ පුංචි දරු පැටව් දෙන්නාට කළ අපරාධයට වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනෑ..." යැයි පැවැසුවේ පසුගියදා වීරකැටියේදී බාල වයස්කාර පාසල් ශිෂ්‍යයකු පැදවූ මෝටර් රථයෙහි ගැටීමෙන් මියගිය දරුවන් දෙදෙනාගේ පියා වන සුරංග රාජපක්ෂ (45) මහතාය.

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහ විද්‍යාලය ආසන්නයේදී ප්‍රධාන මාර්ගය හරහා මාරු වීමේදී පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පැදවූ බව කියන මෝටර් රථයක ගැටීමෙන් දස හැවිරිදි සහ සය හැවිරිදි කුඩා දරුවන් දෙදෙනකු ඉකුත්දා (1දා) ජීවිතක්ෂයට පත්ව ඔවුන් දෙදෙනාගේ මව බරපතළ තුවාල ලැබීය.
 
අනතුරින් මියගොස් තිබුණේ තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තංගල්ල නලගම ප්‍රදේශයේ පදිංචිව සිටි තනුරි දිහන්සා රාජපක්ෂ (10) සහ ඇයගේ බාල සොහොයුරා වන විනුජ ඉන්සර රාජපක්ෂ (6) නම් කුඩා දරු දෙදෙනෙකි.
 
වීරකැටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා මව සමඟ බසයෙන් බැස මාර්ගය හරහා මාරුවීමේදී මොවුන් අනතුරට ලක්ව තිබිණි. මාර්ගය හරහා මාරුවීමේදී මව සහ දරු දෙදෙනා වීරකැටිය දෙස සිට තංගල්ල දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී ඇති අතර අනතුර සිදුකළ මෝටර් රථය එම අවස්ථාවේදී පලාගොස් තිබිණි.
 
අනතුර සිදු වන විට මෝටර් රථය ධාවනය කර ඇත්තේ පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බව පොලිසිය කියයි. වීරකැටිය ප්‍රදේශයේ පදිංචි ගුරු උපදේශිකාවකට අයත් යැයි කියන මෝටර් රථය ඇයගේ පුතා විසින් ඔහුගේ මිතුරන් තිදෙනකුට ලබාදී ඇති අතර අනතුර සිදුව ඇත්තේ එම මිතුරන් තිදෙනා සතුව රථය පැවැති අවස්ථාවකදී බවද පොලිසිය කීය. පලාගොස් තිබූ මෝටර් රථය වීරකැටිය රොටේ මාර්ගයේ දමාගොස් තිබියදී පසුව පොලිස් අත්අඩංගුවට ගත්හ.
 
මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු පෙරේදා (3දා) තංගල්ල, නලගල පවුලේ සුසාන භූමියේදී සිදුකළ අතර ඒ අවස්ථාවට ප්‍රදේශවාසී බොහෝ පිරිසක් සහ පාසල් දරුවන් විශාල පිරිසක් එක් වූහ. අනතුරින් බරපතළ තුවාල ලැබූ දරු දෙදෙනාගේ මව මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
 
දරු දෙදෙනාගේ අවසන් කටයුතුවලට සහභාගි වූ වගේගොඩ රන්කොත්මළු පුරාණ විහාරයේ විහාරාධිකාරි පූජ්‍ය ඉත්තදෙමලියේ පඤ්ඤාරතන පණ්ඩිත ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසූහ.
 
"මෙම සිදුවීම බලවත් වේදනාවක් වුවත් බෞද්ධයන් හැටියට ආගම දහමට යොමුවීමයි දැන් කළ යුතු වන්නේ. සුරංග තරුණ මහතාගේත් දිස්නා තරුණ මහත්මියගේත් කුඩා දරු දෙදෙනා මේ වනවිට ජීවිතය හැරගොස් අවසන්. එම දියණිය අධ්‍යාපනයට ඉතාමත් දක්ෂ දියණියක්. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීලා ඉතාමත් ඉහළින් සමත් වූ දරුවෙක්. කුඩා පුතණුවන් අධ්‍යාපනය හදාරමින් සිටි දරුවෙක්. බොහෝ විට අම්මලා තාත්තලා කැප වන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්මයි..."
 
"කුඩා දරුවන්ට මත්ද්‍රව්‍ය පුරුදු කිරීමත් නිසි වයසට එළැඹීමට පෙර දරුවන්ට රථවාහන ලබාදීම මවුපින්ගේ වැරැද්දක්. එවැනි අවස්ථාවන්වලදී සිදුවන අනතුරුවලින් මෙවැනි කරදර සිදුවූ විට ඒ දරුවෝ සියලුදෙනාටමත් මේ රටටත් එය බලවත් පාඩුවක් වෙනවා..."
 
"දස දහස් ගණනක් ළමා ලෝකයට දරුවෙක් එකතු වෙනකොට මේ දරුවන් දෙදෙනා ජීවිතයෙන් සමුඅරන් තිබෙනවා. මේ දරුවන්ගේ පියා හැඬුවාට අපි හැමෝටම පුළුවන්කමක් තිබුණා නම් මේ දරු දෙදෙනා ඔහුට ගෙනැවිත් දෙනවා. නමුත් ඒ දෙය මේ සිටින කිසිවකුටවත් කරන්න බැහැ. පටාචාරාවට අත්වූ ඉරණමයි මේ අත්ව තිබෙන්නේ. අපි අතරත් බලවත් වේදනාවක් දැනෙනවා. ඇටමිදුලු දක්වාම දැනෙන වේදනාවක් මේ දරුවන්ගේ පියාටත් දැනෙනවා ඇති. මතු කිසිම භවයකදී මෙවන් අකල් මරණයකට මුහුණ දෙන්න ඒ දියණියටත් පුතණුවන්ටත් අවස්ථාව නොලැබේවා කියලා අපි සියලුදෙනාම ප්‍රාර්ථනා කරමු.." යැයි පැවැසූහ.
 
තංගල්ල වජිරිගිරිය විහාරය සහ රත්මලාන චකින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මිරිස්සේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසූහ. 
 
"මේ මරණය ඇසූ හැම දෙනාම බලවත් කම්පාවට පත් වුණා. අනතුර සිදුවූ අවස්ථාවේදීම අපිට ආරංචි වුණා. ඒ ගිය හැම අවස්ථාවකදීම අපේ හදවත්වලට දැනුණු වේදනාව කියා නිම කරන්න බැහැ. පිපීගෙන එන මල් කැකුළු දෙකක් අකාලයේ පරව යෑම ගැන අපිට දැනුණු වේදනාව කියා නිම කරන්න බැහැ..."
 
"මේ දරු දෙදෙනා කුඩාම කාලයේ සිටම තමන්ගේ මවට පියාට ඉතාමත් කීකරුව, ආගමට දහමට ළැදිව ඉතාමත් හොඳින් අධ්‍යාපනය හැදෑරූ කුඩා දරු දෙදෙනෙක්. අටවිසි බුද්ධ පූජාව අවස්ථාවේදී පවා මේ දරු දෙදෙනා සහභාගි වුණා. මේ දරු දෙදෙනාගේ අභාවය මේ ගම්මානයට මහත් වෙනසක් කළා. ගම්මානය අවට සියලුදෙනාමත් මේ කුඩා දරු දෙදෙනාගේ අවසන් කටයුතුවලට සහභාගි වුණා. .."
 
"මේ දරුවන්ගේ විද්‍යාලයේ ගුරු මණ්ඩලය, මිතුරන් සියලුදෙනාම අද දුක් වෙනවා මේ දරුවන්ගේ අභාවය නිසා. අපිට මේ මරණය ගැන ගොඩක් අයට ‍ෙදාස් කියන්න පුළුවන්. මෙහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද කියනවා. සමහරු කියනවා කුඩා දරුවෙක් ඇයි පන්තියට අරගෙන යන්නේ කියලා ප්‍රශ්න කළා. සමහරු ‍ෙදාස් කිව්වා වාහනය පැදවූ දරුවන් දෙදෙනාට. සමහරු ‍ෙදාස් කියනවා ඒ අම්මාට. අපි හැම දෙනාටම චෝදනාවක් එල්ල කිරීමක් තමයි මේ මරණය. විවිධ සිතිවිලි ධාරාවන්වලින් අපේ සිත් කුලප්පු වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මැරෙන මිනිස්සු සහ නොමැරෙන මිනිස්සු. මැරෙන පුද්ගලයන් සුමඟට යැව්වා. මැරෙන බව කිව්වේවත් මරණයෙන් වළක්වන්නවත් කිව්වේ නැහැ. අපි කාටවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ එවැනි ජීවිත බේරාගන්න..."
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top