බයික් දෙකේම නම්බර් ප්ලේට් නැහැ. ෆුල්ෆේස් හෙල්මට් දාලා ආවේ
බෝතලයක් වගේ එකක් අරගෙන අතටයි බඩටයි ප්රහාරයක් එල්ල කළා
යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ පහරදීමකින් පොළොන්නරුව - ගිරිතලේ ප්රදේශයේ ආබාධිත රණවිරුවෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
කෙසේ වෙතත්, ආබාධිත හා විශ්රාමික රණවිරු සංවිධානය අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ රණවිරුවන්ට දිගින් දිගටම සිදුකරන මෙම පහරදීම් රාජ්ය දැනුවත් වීමෙන් සිදුකරන ඒවා බවයි.
පොළොන්නරුව ගිරිතලේ නිල් මානෙල් මල් විල ප්රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරු 6.30ට පමණ.
යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස්කර මෙම ආබාධිත රණවිරුවාට පහරදී පලාගොස් තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ දෙදරු පියෙක් වන එම්.ජී.ඒ. ජයවර්ධන මහතා 42 හැවිරිදි වියේ පසුවන ආබාධිත රණවිරුවෙක්.
පසුව ප්රදේශවාසීන් තුවාලකරු දියබෙදුම රෝහලට ඇතුලත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මහ රෝහල වෙත වැඩිදුර ප්රතිකාර සඳහා යොමුකර තිබෙනවා.
එම්.ජී.ඒ. ජයවර්ධන - පහරකෑ ආබාධිත රණවිරුවා
"බයික් දෙකකින් එන්නේ. බයික් දෙකේම නම්බර් ප්ලේට් නැහැ. ෆුල්ෆේස් හෙල්මට් දාලා අවේ. ජයවර්ධන පොඩ්ඩක් ඉන්නකෝ කියනවාත් එක්කම බැහැල ෆුල්ෆේස් හෙල්මට් එකෙන් මගේ ඔලුවේ දාන් හිටපු හෙල්මට් එකට ගැහුවා. ඊට පස්සේ මට කැරකිල්ලක් වගේ හැදුණා. ඊට පස්සේ බෝතලයක් වගේ එකක් අරගෙන අතටයි බඩටයි ප්රහාරයක් එල්ල කළා. ඊට පස්සේ උඹ ගෝඨාට වැඩ කරනවා ගෝඨාට කඩේ යනවා උඹලගේ ගාය වැඩියි. උඹලගේ ගාය අපි අඩුකරනවා කියල ගැහුවේ. ගහල ඉවරවෙලා විනාඩි දෙකක් තුනක් වගේ ඇතුළතදී ගියා".
මෙම පහරදීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ත්රිවිධ හමුදා, පොලිස් දිවිපිදු ආබාධිත හා විශ්රාමික රණවිරුවෝ සංවිධානය අද පෙරවරුවේ මාතරදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මේ අතර, හිටපු හමුදා සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ රණවිරු සෙබළියන්ගේ සංවිධානය අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
VIDEO