රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට පැනවූ නාය යාමේ අවදානම ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට පහත බසිමින් පවතින බවයි.
කෙසේ වෙතත් අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේදී සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයිද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.