ලෝකයේ වැඩිපුරම බලය පතුරුවන එංගලන්ත රාජකීයයින්ට 'හිරු නොබසින අධිරාජ්‍ය' කියන්න හේතුවත් ඔබ නොදන්නවා වෙන්න බැහැ. ඉතින් එහෙව් දැවැන්ත රාජ්‍යයක් මෙහෙයවන එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඒ නිසාම.... මේ බ්‍රිතාන්‍ය රාජකීය පවුල තමන්ගේ පවුලේ ගෞරවය වෙනුවෙන් හදාගත්ත නීති රීති කිහිපයක් තියනවා. මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
01. රැජිණිගේ උපන්දිනයට හැමෝම ඉන්න ඕන
එංගලන්තයට රැජිණක් පත්වීම ගැන ඉතිහාසය 1953 දක්වා දිව යනවා. දැනට රැජිණියන් 6 දෙනෙකු කිරුළු දරා ඇති අතර දැන් ඉන්න දෙවැනි එලිසබෙත් රැජිණ පත්වෙන්නේ හයවැන්නා විදිහට. කොහොම වුණත්... රජ පවුලේ රැජිණගේ රාජකීය උපන්දින සාදයට සාමාජිකයින් සියලු දෙනාම සහභාගී වීම අනිවාර්යයයි. ඒ දවසට එන්න බැරි වුණා කියලා නිදහසට කාරණා කියන්නත් බෑ. කොටින්ම මැරුණේ නැත්තම් අනිවාර්යෙන්ම එදාට ඔලුව දාලා යන්නම වෙනවා. ඒක තමයි නීතිය.

02. රැජිණ එක්ක කනවා නම් මෙහෙමයි කන්න වෙන්නේ
රාජකීය මේසේ භෝජන සංග්‍රහයකට ආරාධනාවක් ලැබුණොත් හිතන්න නම් එපා ඒක හිතු හැටියට අනුභව කරලා එන්න පුළුවන් එකක් කියලා. ඒ මොකද මේ නීතිය ඇහුවම ඔයාට හිතෙයි රාජකීය මේසේ කන්න කලින් කාලා යන එක හොඳයි කියලා. මොකද කෑම අනුභව කරන්න වෙන්නෙ එක ඇහැක් රැජිණ දිහාටත්, තව ඇහැක් ඔයාගේ පිඟානටත් ඔබාගෙනයි. රැජිණ කාලා ඉවර වුණාම හැමෝම කාලා ඉවර කරන්න ඕනි. ඉතින් රැජිණට බඩගිනි නැති වෙලාවක් වුණොත් හැමෝටම බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.

03. ඡන්දේ තිබ්බට ඡන්දේ දාන්න බෑ
මේක නීතියක් කියනවට වඩා අතීතයේ ඉඳන් පැවතුණු සම්ප්රදායක් කිව්වොත් හරි. 1689 බ්‍රිතාන්‍යය, ව්‍යවස්ථායක සභාවකින් පාලනය වෙන්න පටන් ගන්නවා. ඒ අනුව රැජිණට හා අනිත් සියලු රාජකීයයන්ට ඡන්ද බලය හිමි වනවා. ඒත් ඔවුන් මැතිවරණයකදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ නොකර ඉන්නවා. ඒකට ලොකුම හේතුව තමයි රටේ කිසිදු පක්ෂයකට, මතයකට පක්ෂග්රාහී වීම ඔවුන් අනුමත නොකරන නිසා. එහෙම වුණොත් ජනතාව ඒ හා සමානව පෙළඹවීමක් ඇති වේවී කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ මොකද රජ පවුල කිව්වොත් මැරෙන්න වුණත් ලෑස්ති පිරිසක් නොවැ ඉන්නේ.
04. එළියට යනවනම් අත් පටලගෙන යන්නත් බෑ
රජ පවුලේ කිසි යුවළකට ප්‍රසිද්ධියේ අත්වැල් අල්ලගෙන ආදරය කරන්න බෑ. එකිනකොට ආදරේ වුණත් ඒ දෙයින් බැහැරව ඉන්න වෙනවා. හැබැයි මෑතකදී විවාහ වුණු මේගන් කුමරියයි, හැරී කුමාරයයි මේ නීතිය කඩ කරපු අවස්ථා කිහිපයක්ම මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔවුන් දෙදෙනා එක්තරා අන්දමක 'ආන්දෝලනාත්මක' කථිකාවක් බවට පත් වෙද්දි බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්ගෙනුත් ඔවුන් දෙදෙනාගේ සමහර ක්‍රියාවන්වල විරුද්ධත්වය ප්‍රකාශ වුණා කියලයි දැනගන්න ලැබුණේ.

05. රැජිණට ගමන් බිමන් යන්න රියදුරු බලපත්‍ර උවමනා නැහැ
1903 බ්‍රිතාන්‍ය මෝටර් රථ වාහන පනත හඳුන්වා දෙනවා. ඒකට අනුව වාහනයක් ධාවනය කරන්න අනිවාර්යෙන්ම රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. කොයි රටෙත් ඒක එහෙමයි. හැබැයි රැජිණට ඕවා වලංගු නැහැ. රියදුරු බලපත්‍ර වගේම අංක තහඩු රහිතව හෝ ඕන තැනක වාහන පදවාගෙන යන්න රැජිණට අවසරය තියනවා. හැබැයි අනිත් උදවියටනම් එහෙම කරන්න තහනම්.

06. ලේ උරුමක්කාරයෝ එකට ගමන් බිමන් යෑම තහනම්
මේ නීතියට ප්‍රධානතම හේතුව වුණේ ඒ කාලය වෙද්දි තිබුණු අනතුරු බහුල වීම, රෝග හැදීමේ ඉඩකඩ වැඩිවීම් ආදියයි. මේ හේතූන් නිසා රාජකීයයන් එකට ගමන් බිමන්වල යෙදෙන් නැහැ. (විශේෂයෙන්ම ගුවන් ගමන්.) මොනම හරි හේතුවකින් රජ කිරුළ අරාජික වීම වැළැක්වීමට මේ නීතිය යෙදූ බවයි සඳහන් වෙන්නෙ. කොහොම වුණත්.. විලියම් කුමාරයා හා කේට් කුමරිය නම් මේ නීතිය නිතරම වගේ කඩ කරනවලු. රජ පවුලක වුණත් මොකද නිදහස නැත්තම් නේද...

07. රජ පවුලේ කෙනෙක් ගැබිණියක් වුණොත් පිරිමි ළමයෙක්ද, ගැහැණු ළමයෙක්ද කියලා කලින් කියන්නෙ නැහැ
රජ පවුලේ කවුරුන් හෝ ගැබිණියක් වුණාම රටවැසියන්ට නම් කොහොමත්ම දැනගන්න ලැබෙන්නෙ නැහැ. අඩුම ගණනේ මේ කියන උරුමක්කරුවා පිරිමි ළමෙක්ද ගැහැණු ළමෙක්ද කියන එකත් අහන්න තහනම්. ඒ වගේම තමයි... මාළිගාවේම දරුවා ප්‍රසූත කළ යුතුයි. මේ දේට පිරිමි අයව සම්බන්ධ කර ගන්නෙ නැහැ. කොටින්ම දරුවාගේ පියාටවත් ඇඟිලි ගහන්න බැහැ. කොහොම වුණත් මෑතක් වනතුරු පැවති මේ නීතිය ඩයනා කුමරි විසිනුයි මුලින්ම කඩ කරන්නෙ. ඇය මාළිගාවෙන් පිටත රෝහලකදී දරුවෙකු ප්‍රසූත කරනු ලබනවා.

මේ නීති රීති දිහා බැලුවම ඔබට වුණත් තේරෙන දේ ප්‍රායෝගික ජිවිතයට මේ ඇතැම් නීති රීතින් ගළපාගන්න අමාරුයි. මේ නිසාම වෙන්න ඇති රජ පවුලේ සාමාජිකයින් පවා ඒවා කඩ කරන්නට පෙළඹෙන්නෙ. එකම සම්ප්රදායක එල්ලිලා ඉන්න කිහිප දෙනෙකු ඇරුණුකොට අනිත් හැමෝම උත්සහ කරන්නෙ මේ රාමුවට එහා ගිහින් නිදහසේ කාලය ගත කරන්න. හැරී - මේගන් යුගලය මේකට කදිම නිදසුනක්. ඒ වෙනතෙක් පැවති බොහෝමයක් සම්ප්‍රදායන්ට එදිරව කටයුතු කිරීම නිසා ඇතැම් වෙලාවට මේගන් කුමරියට මඩ ප්‍රහාර පවා දියත් වුණා. ඒත් ඇය නම් ඒවා ගණනකට නොගන්නා බව තමයි පෙනී යන්නෙ.
දැන් දැන් මේ කියන නීතිරීති අවම කරගනිමින් ජිවත් වෙන්නයි ඔවුන් උත්සහ කරන්නේ. ඉතින්... අනාගතේ දවසක නීති රීති අඩු නිදහසේ ජිවත් වෙන පවුලක් විදිහටත් බ්‍රිතාන්‍ය රාජකීය පවුල ගැන අහන්න දකින්න ලැබේවී.
Credit: සුන්දර ලෝකය (Sundara Lokaya)