හෝමාගම ගොඩගම නගරයට තදාසන්න අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි තරුණියකට ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් අතවර කළ බව කියන වෛද්‍යවරයෙකු මේ මස 29 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළා.
සැකකරු පනාගොඩ පොම්පයාහේන පාරේ පදිංචි අයෙක්.
තරුණිය අසනීප තත්ත්වයෙන් බෙහෙත් ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යද්දි මෙම සිද්ධියට මුහුණ පා තිබූ බව අධිකරණයේදී හෙළි වුණා.
එම සැකකරු ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයෙකු බවයි වාර්තා වන්නෙ.
සිද්ධියෙන් පසු තමන්ට පහර දුන් බව කියමින් ඔහු රෝහල්ගත වී තිබෙනවා.