Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
අමුතුම ගැජට් හදාගෙන ATMවලින් සල්ලි අදින පිටරට හොර කල්ලියක් කොටු කරගත් පොලීසියේ සුපිරි මෙහෙයුම

- අමුතුම ගැජට් හදාගෙන ATMවලින් සල්ලි අදින පිටරට හොර කල්ලියක් කොටු කරගත් පොලීසියේ සුපිරි මෙහෙයුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,339 Views
සියල්ල සිදු කරන්නෙ ඉලොක්ට්‍රොනික් උපකරණයකින්..
මිරිස්ස මුහුදේදි එක් විදේශිකයෙකු පොලිසියට මාට්ටු..
 
ශ්‍රී ලාංකේය මහජනතාවගේ මුදල් සුරක්ෂිත කර ගැනීමට එදා සිටම විශ්වසනීය ලෙස සුරක්ෂිත කර ගත හැක්කේ රජය පිළිගත් බැංකුවක තැන්පත් කිරීම තුළින්ය. එහෙත් වර්තමානයේ එලෙස හෝ තම මුදල් රැක ගැනීමට ලාංකිකයන්ට මහත් අභියෝගයක් එල්ල වී තිබේ.
 
බැංකු ඇතුළු මූල්‍ය ආයතන රැකගැනීමට එදා සිටම අභියෝගයක් වූයේ කොල්ලකරුවන්ගෙන්ය. මුහුණු වසාගෙන පැමිණ ගිනි අවි පෙන්වා බිය කර බැංකු සහ මූල්‍ය ආයතනවල මුදල් කොල්ල කෑ අවස්ථා එමටය. බොහෝ අවස්ථාවල දිවා කාලයේ බැංකු නිලධාරීන් බිය ගන්වා කොල්ලකෑම බහුල විය.

ඉකුත් සතියේ ලංකාවේ ජනතාවගේ දහඩිය කඳුළු පෙරා උපයාගත් සොච්චමටත් විදීමට ජාත්‍යන්තර සොර කල්ලියක් කුරුමානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට කඹුරුගමුව, කොටවිල පොලිසියේ නිලධාරීහු සමත් වූහ.
 
ඒ ස්වයංක්‍රිය මුදල් හුවමාරු යන්ත්‍රවල දත්ත සොරා ගනිමින් පාරිභෝගිකයා සහ බැංකුව අතර හුවමාරු වන රහස්‍යභාවය කොල්ලකෑමයි. ලෝකයේ දියුණු රටවල බුද්ධි අංශවල ඇසටත් වැලි ගසා ලංකාවේ කරණම් ගැසූ විදේශ ජාතිකයන් පස් දෙනෙක් අත්අඩංගුවට පත් වූහ.
 
මෙම සැකකරුවන්පස්දෙනා බණ්ඩාරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ හෝටලයක රහසිගතව රැඳී සිට තිබේ. මේ මස 12 වැනිදා මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිරිස්ස ප්‍රදේශයේ සවිකර තිබූ ස්වයංක්‍රිය මුදල් හුවමාරු යන්ත්‍රයක් තුළට රහසිගතව ඇතුළු වී කිසියම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් සවි කරන ආකාරය එම ස්ථානයේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවේ සටහන් වී කොළඹ පිහිටි ප්‍රධාන ATM මෙහෙයුම් පද්ධතියේ සටහන් විය.
 
ඒ සමඟ මෙම කුටියට අනවසර පුද්ගලයකු ඇතුළු වූ විට එම මෙහෙයුම් පද්ධතියේ මූලස්ථානයට සවිකර ඇති එලාමය නාද වූ බැවින් මෙම ආරක්ෂිත කැමරා වෙත අවධානය යොමු කිරීමට මෙහෙයුම් නිලධාරීන් කටයුතු කර ඇත. එම අවස්ථාවේදී මෙම ප්‍රධාන සැකකරු වන බල්ගේරියන් ජාතිකයා (49) එම ස්වයංක්‍රිය මුදල් යන්ත්‍රය තුළ සිටිනු දැක තිබේ.
 
ලංකාවේ විවිධ ප්‍රදේශවල ATM කාඩ් භාවිත කර අනුන්ගේ මුදල් ලබාගත් අවස්ථා තිබේ. අනුන්ගේ රහස් අංක භාවිත කර මුදල් ගත් අවස්ථාද වාර්තා වේ. ඒ සියල්ලම සිදුකර ඇත්තේ ATM යන්ත්‍රයේ පාරිභෝගිකයන්ට පිවිසීමට ඇති යන්ත්‍රයේ ඉදිරිපස සිටය. එහෙත් මෙම සොරකම සඳහා සූදානම් වී තිබෙන්නේ ATM යන්ත්‍රයේ මුදල් තැන්පත් කරන සේප්පු සහිත බලයලත් බැංකු නිලධාරියාට පමණක් සීමා වූ කුටිය තුළදීය.
 
බොහෝ ආරක්ෂිත සහ සවිමත් ලෝහයකින් නිමවා ඇති මෙම සේප්පු සහිත කුටිය තුළට කිසිවකුට රිංගා යෑමට ඉඩකඩ කිසිසේත්ම නොමැත. එහෙත් මෙම සැකකරු එම කුටිය තුළට යොදා ඇති ආරක්ෂිත ‍ෙදාර ඇරගෙන ඇතුළු වන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන් විය. පසුව ඔහු කිසියම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් සවි කරන ආකාරය හොඳින් සටහන් වී තිබේ.
 
විනාඩි 10කට වඩා අධික කාලයක් මෙම කුටිය තුළ සැකකරු ආගන්තුක උපකරණය සවිකර නැවත පිටවේ. ඉන් අනතුරුව මුදල් ලබා ගැනීමට පාරිභෝගිකයා පිවිසෙන ATM යන්ත්‍රයේ ඉදිරිපසට පැමිණ එහි බොත්තම් යොදා කිසිවක් ප්‍රෝගෑම් කරන ආකාරය කැමරාවේ සටහන් විය.
 
මෙම සිද්ධි එකින් එක බලාසිටි මෙහෙයුම් පද්ධතියේ නිලධාරීන් මෙම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සහිත ඡායාරූප කොටවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක කෝරාලගේ මහතා වෙත ලබාදී තිබේ.
 
ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සිදු නොවූ මෙවන් අපරාධයක සුලමුල සොයා ගැනීම තමාගේ මහත් වගකීමක් බව වහා තේරුම්ගත් පොලිස් ස්ථානාධිපතිවරයා වහා කල්පනාවේ යෙදෙන්නට විය. ඔහුට එකවරම කිසියම් අපරාධයක් වසන් කිරීමට නොහැකි උකුසු ඇස් ඇති නිලධාරියකු සිහිවිය. ඒ කොටවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.සී. හෙට්ටිආරච්චි මහතාය.
 
මෙම ඡායාරූප ඔහු අතට ලබාදී මේ මහ සොරකමට තැත් කරන සැකකරුවන් තමා හමුවට ගෙනෙන අභියෝගය භාර දුන්නේය. ඕනෑම අපරාධයක් වහා ඉව වැටී සාර්ථකව අනාවරණය කරගන්නට හැකියාව ඇති මෙම නිලධාරියා පොලිස් ස්ථානාධිපතිවරයාගේ අභියෝග භාර ගත්තේය. ඒ සඳහා තමාට සෑමවිටම මහත් ශක්තියක් වූ නිලධාරීන් පිරිසක් මෙම මෙහෙයුමට එක්කර ගෙන සූදානම් විය.
 
පොලිස් සැරයන් සුදුසිංහ, පොලිස් සැරයන් රෝහිත (35209), පොලිස් සැරයන් සමරතුංග (28922), පොලිස් කොස්තාපල් සඳරුවන් (90510), පොලිස් කොස්තාපල් දිනේෂ් (90514) යන නිලධාරීන් එක්කරගෙන මෙහෙයුම් ආරම්භ කළේය.
 
පළමුව මෙම ප්‍රධාන සැකකරුගේ ආරක්ෂිත කැමරාවෙන් ලබාගත් ඡායාරූපයක් ගෙන මෙම නිලධාරීන් වැලිගම වෙරළේ සිට මාතර පොල්හේන වෙරළ දක්වා පා ගමනින් ඇවිද ගොස් මෙම ඡායාරූපයේ සිටින විදේශිකයාගේ මුහුණ හඳුනාගැනීමට උත්සාහ කර ඇත. දින කිහිපයක් මෙලෙස වෙරළ පුරා සෑම විදේශිකයකුගේම මුහුණු බැලීමට තරම් මහත් දුෂ්කර කටයුත්තක් මෙම නිලධාරීන් සිදුකර තිබේ.
 
මෙලෙස පළමු තොරතුර අනාවරණය කරගතහොත් සියල්ල එකින් එක සොයා ගැනීමට හැකි බව මෙම මෙහෙයුමේ මහමොළකරු හෙට්ටිආරච්චි මහතා දැනගෙන සිට ඇත. ඒ අනුව මේ මස 15දා තමන් සොයා යන විදේශිකයන්ගේ මුහුණට සමාන මුහුණක් මිරිස්ස වෙරළේ බංකුවක් මත සුවදායක විලාසයෙන් සිටිනු දැක තිබේ.
 
එකවරම තිගැස්සුණු පොලිස් නිලධාරියාට තමාගේ අපේක්ෂාව ඉටුවූ බවට පොඩි බලාපොරොත්තුවක් ඇතිවිය. පසුව මෙතරම් දිනයක් වෙරළ පුරා පීරමින් සෙවූ මෙම මුහුණ මොහොතකට හෝ මඟහැරීයනු ඇතැයි බියෙන් ඔහු මෙම විදේශිකයා පසුපසම සිටින්නට විය. සවස් කාලයේ ඔහු පසුපසම ගොස් ඔහුගේ නවාතැන්පොළ අනාවරණය කරගත් මෙම පොලිස් නිලධාරියා වහා තම සගයන්ට මේ බව දැන්වීය.
 
ඔවුන් පැමිණ මෙම සැකකරුගේ කාමරය පරීක්ෂා කළ විට ATM යන්ත්‍රය තුළට ඇතුළුවීමට එදා ඇඳ සිටි ටී ෂර්ට් එක සහ කරේ තිබූ බෑගය එහි තිබී හඳුනාගෙන ඇත. පසුව ඔවුන්ගේ කාමරය පරීක්ෂා කිරීමේදී එහි වායුසමීකරණ යන්ත්‍රයක් යට විශාල විදුලි ඉලෙක්ට්‍රොනික උපකරණ රාශියක් සඟවා තිබියදී සොයාගෙන ඇත.
 
මෙම උපකරණ අතර ජංගම දුරකථන හතක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තුනක්, මල්ටිමීටර් එකක් හා ඉතා සියුම් කැමරා සහ කැමරා උපකරණ, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ, ඉලෙක්ට්‍රොනික පරිපථ, වයිෆයි හා බ්ලූටූත් උපකරණ ඇතුළු උපකරණ හා කොටස් රාශියක් සොයාගෙන තිබේ. මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සමඟ තවත් පුද්ගලයන් තිදෙනකු හා එක් කාන්තාවක සිටින බවට අනාවරණය විය.
 
ඔවුන්ගේ කාමර පොලිසිය පරික්ෂා කිරීමේදී තවත් විද්‍යුත් උපාංග සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම පෝලන්ත ජාතික 29 තරුණියගේ ඇඳුම් බෑගයේ විශේෂ උපකරණයක් තිබී සොයාගෙන ඇත. එහෙත් ඇයද ඒ පිළිබඳව නොදන්නා බව පවසා තිබේ.
 
මෙලෙස සංවිධානාත්මක කල්ලිය කොටවිල පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා විට වැලිගම පොලිස් බල ප්‍රදේශයේ තවත් පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයකට මෙම සැකකරු ඇතුළු වී අපරාධයකට සැරසෙන අවස්ථාවක් පැමිණිලි කර තිබිණි. ඒ අනුවද මෙම පුද්ගලයන් බව අනාවරණය විය. ඒ අනුව පෝලන්ත ජාතිකයන් තිදෙනා අතර තරුණියක්ද එස්තෝනියා ජාතිකයෙක්ද බල්ගේරියානු ජාතිකයෙක්ද වූහ.
 
මෙහි ප්‍රධාන මොළකරු එස්තෝනියා ජාතිකයකු වන අතර ඔහු පෝලන්ත ජාතික තරුණියගේ පෙම්වතා ලෙස සැලකේ. මෙම උපකරණ හඳුනාගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ විශේෂඥයකු කොටවිල පොලිසියට ගෙන්වා එම කොටස් හඳුනා ගත්තේය. ඔහු පැවැසුවේ TAPUT NET WORK නමැති ක්‍රියා තුළින් මෙම ජාවාරම සිදු කිරීමට උත්සාහ කර ඇති බවය.
 
මෙම මෙහෙයුම් සහ උපදෙස් ලබාදී මාතර කොට්ඨාසයේ අපරාධ මර්දනයට මහත් වෙහෙසක් දරන මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතා පොලිස් නිලධාරීන්ට නිසිමඟ පෙන්වීම වෙනුවෙන් මෙහිදී පෙරමුණේ සිටී.
 
සැකකරුවන් පස්දෙනා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
උදය කුමාර රණවීර
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top