Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
14 හැවිරිදි පාසල් සිසුවිය වැසිකිළියට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළ නරුම මාමා වැඩ වරද්දා ගනී - දැරිය ගැබිණියක් බව රෝහලේදී හෙළි වෙයි

- 14 හැවිරිදි පාසල් සිසුවිය වැසිකිළියට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළ නරුම මාමා වැඩ වරද්දා ගනී - දැරිය ගැබිණියක් බව රෝහලේදී හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,389 Views
මව විදෙස්ගත වෙලා. ලොකු අම්මා සහ ආච්චි සමඟ ඉඳලා..
අතවර කරද්දි කෑ ගැසුවත්.. කට වසා තර්ජනය කරලා..
සිද්ධිය හෙළිදරව් වුණේ මාස 6ක් ගත වූ පසුවයි..
 
අධ්‍යාපනය ලබන දාහතර හැවිරිදි ඥති දියණියක හය මසක ගැබිනියක කළ 50 හැවිරිදි ෆාරුක්‌ මාමා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල දිසා විනිසුරු ශ්‍රීනිත් විඡේසේකර මහතා නියෝග කරනු ලැබුවා.
 
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතවූයේ හැටන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු ගම්පොල නිවසකට පැමිණ නිවසේ කිසිවකුත් නොමැති අවස්‌ථාවක දැරියට මෙම අපරාධය සිදුකර ඇති බවයි පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ.
 
දැරියගේ මව විදේශ ගතව සිටින අතර ඇය ලොකු අම්මා හා ආච්චී සමඟ නිවසේ සිට තිබෙනවා.
 
සැකකරුගේ 26 හැවිරිදි වැඩිමහල් පුතුගේ අසනීප තත්ත්වයකට පේරාදෙණිය රෝහලේ වෛද්‍ය සායනයකට යැම සඳහා මසකට වරක්‌ අදාළ නිවසේ සිට පැමිණ මොහුගේ මෙම ඥතීන් නිවසේ දින 2 ක්‌ ගතකර ඖෂධ රැගෙන යැම සිදුකර ඇති බව සඳහන්.
 
එසේ පැමිණි එක්‌ අවස්‌ථාවක නිවසේ සිටි දැරියගේ ආච්චී සහ ලොකු අම්මා රෝහලට ගොස්‌ ඇති බව දැන තම පුතු වෙනත් ඥති නිවසකට දහවල් කෑමට යවා නිවසේ සිටි දැරිය රවටා මෙම පුද්ගලයා දැරිය වැසිකිළියට රැගෙන ගොස්‌ අතවර කර ඇති බවයි වාර්තා වන්නෙ.
 
එහිදී දැරිය කෑ ගසා තිබුණද වැසිකිළියේ දොර වසා තිබූ නිසා එය පිටතට නොඇසී ඇති බවද පසුව සැකකරු ඇගේ කට වසා තර්ජනය කළ බවද ඇගේ කට උත්තරයේ සඳහන් වනවා.
 
පසුව දැරියද මේ බව කිසිවකුටත් නොකියා ඇති අතර සිද්ධියෙන් මාස 6 කට පසු විදේශ ගත ඇගේ මවද නිවසට පැමිණ තිබෙනවා.
 
තම දියණිය සුදුමැලි වී මහත් වී සිටින අයුරු දුටු මව ඇයට අසනීප තත්ත්වයක්‌ ඇත්දැයි සෙවීම සඳහා රෝහල වෙත රැගෙන විත් ඇති අතර එහිදී වෛද්‍යවරු සිදුකළ පරීක්‍ෂණවලදී ඇය ගැබිනියක බව හෙළිකරගෙන තිබෙනවා.
 
ඒ අනුව සිද්ධිය ගම්පොල පොලිසියේ සටහන් වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top