Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
අගමැති යළිත් ජනපති කොමිසමට

- අගමැති යළිත් ජනපති කොමිසමටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

723 Views
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 - 2018 රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි.
 
උදෑසන 10.30 ට කොමිසම හමුවට පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පසුගිය 18 වනදා අග්‍රාමාත්‍යවරයාට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත් යාපනයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගි වීමට ඇති බැවින් තමන්ට එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දෙනු ලැබුවේ.
 
ඒ අනුව අද කොමිසම හමුවේ පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා කොමිසමෙන් ඉල්ලා තිබුණා.
 
මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු අනුව මත්තල ගුවන්තොටුපලෙහි වී ගබඩා කිරීමට තීරණය කළ බව පසුගියදා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා.
 
ඒ, වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති බණ්ඩාර දිසානායක ලබාදුන් සාක්ෂි අනුවයි.
 
2015 දී ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම මත එම පහසුකම් ලබා ගැනීමට ගුවන්තොටුපල බලධාරින් සමග සාකච්ඡා කළ බව එහිදී සදහන් කළ හිටපු සභාපතිවරයා, වටිනා වායු සමීකරණ ඇතුළු පද්ධතීන් පවතින බැවින් එහි ගබඩා පහසුකම් ලබාදීම ගුවන්තොටුපල බලධාරින් තරයේ ප්‍රතික්ෂේප කළ බව ද කොමිසම හමුවේ අනාවරණ කර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top