හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ඇමරිකාවේ - කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට ගොනු කළ නඩුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව එම දිස්ත්‍රික් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.
ඒ පිළිබදව හිරු ප්රවෘත්ති අංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු එය සනාථ කළා.
පසුගිය අප්‍රේල් මස 15 වන දා මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය මෙම නඩුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර තිබුණා.