පවතින වැසි තත්ත්වය සමඟ දිස්ත්‍රික්ක 4කට අදාළව නාය යාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බල පැවැත්වෙන බවයි.
මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද තවදුරටත් වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.