යාපනය,කොන්ඩාවිල් ප්‍රදේශයේ දී වයෝවෘද්ද කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට තිබියදී අද (21) අලුයම මළ සිරුර හමු වූ බවට යාපනය පොලීසිය පවසනවා.
කොන්ඩාවිල් දුම්රිය ස්ථාන මාර්ගය ප්‍රදේශයේ නිවසක පදිංචි මෙම වයෝවෘද්ද කාන්තාව තනියම නිවසේ සිටින අතරතුරදී ඊයේ (20) රාත්‍රි කාලයේදී මෙම පහරදීම සිදු කොට ඇති අතර මළ සිරුර ආසන්නයේ පොරවක්ද තිබීම හේතුවෙන් එම පොරවෙන් පහරදී මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටිනවා.
61 හැවිරිදි චන්ද්‍රදේවි නැමති තිදරු මවක් එලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඝාතකයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් අරඹා ඇති අතර මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත බවද යාපනය පොලීසිය වැඩිදුරටත් පවසනවා.