ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් දෙකක් සිය පළමු පිටුව කළු මුද්‍රණයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එරට රජයේ මාධ්‍ය වාරණයට එරෙහිව ඬේලි ටෙලිග්රාෆ් සහ සිඩ්නි මෝනින් හෙරල්ඞ් පුවත්පත් මෙලෙස කළු මුද්‍රණයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ රහසිගත විරෝධතාවක් ලෙසයි.
අදාළ පුවත්පත් දෙකෙහි පළමු පිටුවේ මුද්‍රිත අකුරු කළු පැහැති ඉරිවලින් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණා.
එමෙන්ම අදාළ පුවත්පත් දෙකෙහිම රහසිගතයි යනුවෙන් රතු පැහැති මුද්‍රාවක්ද තබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.