Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
පෞරාණික මිනී පෙට්ටි හමු වූයේ නයිල් නිම්න ශිෂ්ටාචාරයේ තිබූ මිනී පෙට්ටි කර්මාන්ත පුරයකින්ද? - Photos

- පෞරාණික මිනී පෙට්ටි හමු වූයේ නයිල් නිම්න ශිෂ්ටාචාරයේ තිබූ මිනී පෙට්ටි කර්මාන්ත පුරයකින්ද? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,748 Views

මිනිස් දේහයේ හැඩයට තනා ඇති පෞරාණික මිනී පෙට්ටි විස්සකට අධික ප්‍රමාණයක් සොයා ගත් බව ඊජිප්තුවේ බලධාරීහු නිවේදනය කළහ.

මෙම දැවමුවා මිනී පෙට්ටි සමූහය හමුවී ඇත්තේ එරට පුරා විද්‍යාඥයන් විසින් කරන ලද කැණීම්වලදී ය.

දීප්තිමත් වර්ණ යොදා ගනිමින් මෙම පුරාණ මිනී පෙට්ටි අලංකාර කොට ඇති අතර එම වර්ණ තවමත් දැක ගත හැකි තත්වයේ පවතී.
ඊජිප්තුවේ ලක්සොර් නගරයේ නයිල් ගං ඉවුර අසබඩ කරන ලද කැණීම්වලදී හමුවූ මෙම මිනී පෙට්ටි වලදමා තිබී ඇත්තේ එකක් මත එකක් සිටින සේ ස්තර දෙකකට ය.

ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ අමාත්‍යංශය මෙය හඳුන්වා දී තිබුණේ මෑත ඉතිහාසයේ "විශාලතම සහ වැදගත් ම සොයා ගැනීම්වලින් එකක්" ලෙසිනි.
මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතය.

මෙම මිනී පෙට්ටි සමූහය හමු වූ පෞරාණික සුසාන භූමියේ (Theban necropolis of Asasif) පවතින බොහොමයක් සොහොන් කොත් අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 664-332 අතර කාලපරිච්ඡේදයට ය.

නමුත් ක්‍රිස්තු පූර්ව 1550-1292 අතර කාලපරිච්ඡේදයට අයත් 18 වැනි රජ වංශයේ සොහොන් කොත් ද එම සුසාන භූමියේ පවතී.

ලක්සොර් නගරය හරහා ගලා යන නයිල් ගංගාවේ බටහිර ඉවුර අසබඩ කෙරුණු කැණීම්වලදී පෞරාණික "කර්මාන්ත පුරයක්" ද හමු වූ බව ඊජිප්තු බලධාරීහු පසුගිය සතියේ නිවේදනය කළහ.

"BBC සිංහල"




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top