Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
"ඒත් මේ සැරේ මම කියල තියෙන්නෙ මට කතාකරන්න එපා මට ටිකක් නිහඬව ඉන්න දෙන්න කියලයි..." - කිත්සිරි ජයසේකර

- "ඒත් මේ සැරේ මම කියල තියෙන්නෙ මට කතාකරන්න එපා මට ටිකක් නිහඬව ඉන්න දෙන්න කියලයි..." - කිත්සිරි ජයසේකරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,263 Views
"දේශපාලනය නිසා සමහර අවස්ථාවල ගොඩක් දේවල් මමම නැතිකර ගත්තා..."

"ඡන්දයට මගේ කිසිම සහයෝගයක් නැහැ..."

අපේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියකු වන කිත්සිරි ජයසේකර කලක පටන් සිය පවුලේ සාමාජිකයන් සමග ජීවත් වෙන්නෙ කැනඩාවෙ. සියලූ සැපතින් සපිරි කැනඩාවේ ජීවත් වුවත් උපන් රට හා අත්‍යන්ත බැඳීමකින් සිටින කිත්සිරි පහුගිය කාලය පුරාවම වරින් වර ලංකාවට පැමිණියා. එසේ පැමිණි සෑම වතාවකම තම රසික රසිකාවියන් වෙනුවෙන් අලූත් නිර්මාණ තිළිණ කරන්නත් අමකත කළේ නැහැ. මේ ඔහු ගැනයි
 
ලංකාවට ආවේ කවදද?
ඔක්තෝබර් නවවැනිදා.
 
හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ එළඹෙන මැතිවරණය නිසාද?
නැහැ. ඡන්දයට මගේ කිසිම සහයෝගයක් නැහැ. නමුත් මම හිතනව මේ යන තත්ත්වය අනුව රටේ මොකක් හරි වෙනසක් වෙන්න ඕන කියල.
 
ඒ කියන්නෙ මැතිවරණ කටයුතු ගැන ඔබේ උනන්දුවක් තියෙනව කියන කාරණය නේද?
අනේ නැහැ. මම ගුවන්තොටුපලින් ලංකාවට පය තියපු ගමනුත් බොහෝ දෙනා ඇහුවා ඡන්දය නිසාද ලංකාවට අවෙ කියලා. ඇත්තම කතාව නැහැ. මම හිතාගෙන ඉන්න දෙයක් හැම අවුරුද්දකම වතාවක් ලංකාවට එනව කියන දේ. ඒ අනුව මේ දිනවල ලංකාවට එන්න කාරණා ටිකකුත් යෙදුනා. ප්‍රධානම දේ මම ලංකාවට එන්න ටිකට් බුක් කරද්දි මෙහෙ මැතිවරණයකට දින ප්‍රකාශ කරල තිබුණෙත් නැහැ.
 
ලංකාවට ආවේ පවුලේ අය සමගද?
මේ දවස්වල ලොකු පුතාගෙ විභාගය. පොඩි පුතා එහෙ ඇමරිකන් පාසල් ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා කරනව. මේ දවස්වල ඔහුගේ ක්‍රීඩා තරගාවලියක් පැවැත්වෙනව. නිවාඩු ගන්න බැහැ. දැන් එහෙ ෆෝල් එක පටන් ගන්නව. කැනඩාවේ ලස්සන කාලෙ තමයි ෆෝල් එක. මම මේ ලංකාවට එන්නෙ කැනඩාවේ ලස්සනම කාලෙ.
 
දරුවො දැන් ලංකාවෙන් බොහෝ දුරස් වෙලාද?
එයාල ලංකාවට කැමතියි. මෙහෙ ගතකරපු මතකය දරුවො දෙන්නටම තියෙනව. එයාල ලංකාවට ඇවිත් මෙහෙ දෙයක් කරයි. අපි ලංකාවෙ පදිංචියට එනව. අපිට මේ රට දාලා ගිහින් ඉන්න බැහැ.
 
ඔබේ ගම්පළාත වන හෙට්ටිපොල එක්ක තියෙන සම්බන්ධය තවමත් එදා වගේමද?
ගමේ යනව අඩුයි. දයාසිරිගෙ මොනව හරි දෙයක් තිබුණොත් ගමට යනව. ඒත් මේ සැරේ මම කියල තියෙන්නෙ මට කතාකරන්න එපා මට ටිකක් නිහඬව ඉන්න දෙන්න කියලයි.
 
ඇයි මේ විදිහට දේශපාලනය ප්‍රතික්ෂේප කරන්නෙ?
මට එතනට යන්න බැහැ. දේශපාලනය නිසා සමහර අවස්ථාවල ගොඩක් දේවල් මමම නැතිකර ගත්තා. ඒ කියන්නෙ සමහර අය වෙනුවෙන් පෙනී හිටින්න ගිහින් කලාකරුවන් විදිහට අපිට තිබුණ ගෞරවය නැතිවුණා. ඒ නිසා මම නිහඬව ඉන්නව කියලයි තීරණය කළේ.
 
දැන් බලන්න පහුගිය පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ මිනිස්සු කිව්වෙ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ම එපා කියලා. ඒ කියපු මිනිස්සුම දැන් දෙපිළකට බෙදිලා ඔවුන්ව ආපසු පාර්ලිමේන්තුවට යවන්න ක්‍රියා කරනව.
 
මෙවරත් ඔබේ රසිකයන්ට අලූත් නිර්මාණ අරන් ආවද?
පහුගිය කාලයේ කරපු ගීත යම් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනව. ඒ රටේ ඉඳන් මෙහෙ නිර්මාණකරුවන් සමග එක්වෙලා යම්කිසි තාක්ෂණික හුවමාරුවකින් තමයි ඒ නිර්මාණ කළේ මෙහෙ කරනව වගේ සියයට සියයක්ම සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ ගීත නැවත පටිගත කිරීම් කරන්න වෙයි. තාත්තා ගැන ලියවුණ අපූරු පදපෙළක් මට ලන්ඩන් නුවරදි ලැබුණා.
 
 ලෙනින් පැතූ නිදහස
 
 මැන්ඩෙලා මුව මදහස
 
 මාක්ස්ගේ අදහස
 
 තාත්තා
 
 සේකරගෙ නිදහස
 
 තාකූර් කවක සිහිලස
 
 සරාසද ඉන්නස
 
 තාත්තා
 
මේ පද පෙළ ලිව්වෙ වෛද්‍ය විශේෂඥ උදාර කුලසේකර. හර්ෂ ජයලත් විසින් සංගීත පැත්තෙනුත් වෙනස් දෙයක් කළා. ඒක හරිම ලස්සන ගීතයක් වුණා. තව දියණියක ගැන රෝහණ කැළුම් සිරිසූරිය ලියූ සොඳුරු ගීයකුත් තියෙනව. මේ ගීත මගේ රසිකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනව.
 
මේ ගීත එළිදක්වන්නෙ යූ ටියුබ් එක හරහාද?
ගීත එකතුව කියන සී. ඞී. පට සඳහා මෙහෙ වෙළෙඳ පොළක් දැන් නැහැනෙ. ගුවන්විදුලිය හා රූපවාහිණිය කියන්නෙ අපි පටන් ගත්ත තැන. ඒක අමතක කරන්න බැහැ. ඒක සාම්ප්‍රදායික ක්‍රමයක් වුණත් මම හිතනව ඒවයේ වටිනාකම තවමත් තියෙනව. යූ ටියුබ් එකේ ඕනම කෙනකුට ඕනම දෙයක් කරන්න පුළුවන්නේ. තවමත් ඒ ආයතනවලින් එළිදකින නිර්මාණවල ප්‍රමිතියක් තියෙනව. ඒ වටිනාකම මේ නිර්මාණවලට දෙන්න මම කැමතියි. පසුව යූ ටියුබ් එකෙත් පළවෙයි.
 
ලංකාවට පැමිණෙන සෑම වතාවකම වෘත්තිය ගායකයා කියන භූමිකාව ඔබ වැළඳ ගන්නවාද?
ඔව්. මම අදටත් වෘත්තීය ගායන ශිල්පියා කියන තැන තමයි ඉන්නෙ. ලංකාවේ ගතකරන මාස තුන තුළ මට ප්‍රසංගවලට ඇරයුම් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම යනවා.
 
අපේ රට හා යුරෝපයේ දේශපාලන රටාව සේම කලාව දෙසත් සන්සන්දනාත්මකව බැලූවොත්?
පැහැදිලිවම ඒ වෙනස දකිනව. මෙහෙ නිර්මාණ ගොඩක් වෙනව. නමුත් ඒ නිර්මාණ ඇතුලෙ- අපිට දකින්න ලැබෙන්නෙ එකම විදිහෙ ශබ්ද එකම විදිහේ දේවල්. ඒ අතර වෙනස් නිර්මාණ අපි දකින්නෙ ඉතාම කලාතුරකින්. අපි ජාත්‍යන්තරය දිහා
 
බලාගෙන නිර්මාණ කරනව කියලා අපේ දේ නැතිකර ගන්න අවශ්‍ය නැහැ. ඒ රටවල් වලට ගියහම අපේ සංස්කෘතිය ඉතා වටිනා බව හැගෙනවා. මේ සංස්කෘතිය ඉතා වටිනා දෙයක්. අපි හැම වසන්ත කාලයකම එහෙ ලාංකික සම්ප්‍රදායානුකූල විවාහ මංගල උත්සව කරනව. අපි ඒ දේ කරන්නෙ අපේ සංස්කෘතිය ඒ රටවල අයට දකින්න සළස්වන්නයි. අපේ විවාහ මංගල උත්සව අපි කරන දේවල් දැක්කම ඒ අය පුදුමයට පත්වෙනව. නමුත් අපේ ඇතැම් අවර ගනයේ නිර්මාණ දැක්කම ඒ රටවල මිනිස්සු හිතන්නෙ අපි ඉතාම ප්‍රාථමික මට්ටමක කලාවක් තියෙන මිනිස්සු කියලයි.
 
 ධම්මිකා සුරංජි පතිරණ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top