කටුවන පොලිස් වසමේ කිරම පුවක්ගස්ආර මුරුතවෙල ප්‍රදේශයේ 13 හැවිරිදි දරුවකු අභිරහස් ලෙස නිවසේ ජනේලයක එල්ලී මියගොස් සිටියදී හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පුවක්ගස්ආර කිරම ලිපිනයේ පදිංචි නඳුන් නෙත්සරණ ඩයස් ගුණවර්ධන නමැති දරුවෙක් බවයි සදහන් වන්නේ.
දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවක කිසියම් පුද්ගලයකු විසින් මේ දරුවා ඝාතනය කර ජනේලයේ එල්ලන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
දරුවාගේ සිරුර තිබූ ආකාරය අනුව මෙය සියදිවි හානිකර ගැනීමක් නොවන බවට පොලිසිය සැකකරන බවත් ඊයේ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් පසු මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැද්ද යන්න තහවුරු කරගත හැකි බවත් සදහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසී නිවසකට පැමිණ සිටි මහියංගනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කටුවන පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල මහතාගේ උපදෙස් මත කටුවන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.