Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
ජනාධිපති කොමිසම ගැන ලියමින් ගම්මන්පිල හදිසියේම ජනපතිට යැවූ ලිපිය - Video

- ජනාධිපති කොමිසම ගැන ලියමින් ගම්මන්පිල හදිසියේම ජනපතිට යැවූ ලිපිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,725 Views
සජිත් ප්‍රේමදාස මහතා වැරදිකරුවකු කර ඇති, වත්මන් ආණ්ඩුවේ දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්.

සිය ලිපිය මගින් උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුවේ වංචා සහ දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම විසින් වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවක් දූෂණයට වැරදිකරුවන් ලෙස හඳුනා ගනිමින්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීම නිර්දේශ කරමින් අදාළ වාර්තාව 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා ජනාධිපතිවරයාට භාර දී ඇති බවයි.
 

එම වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන නොමැති නමුත්, එහි පිටපතක් තමාට ලබා ගැනීමට හැකි වූ බව ගම්මන්පිල මහතාගේ ලිපියෙහි දැක්වෙනවා.

"එකී වාර්තාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා දැක්වෙන පරිදි සජිත් ප්‍රේමදාස ඇමතිතුමා විසින් නීති විරෝධීව පුද්ගලයින් 1,117 දෙනෙකු නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගැනීමෙන්ද, වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් 30 දෙනෙකුට සේවා දිගු ලබාදීමෙන්ද මහජන මුදල් රුපියල් කෝටි 65 ක් හෙවත්, රුපියල් 64 කෝටි, 18 ලක්ෂ, 70,136 ක් අවභාවිත කර ඇති බව කොමිසමේ නිගමනයයි.
එසේ බඳවා ගත් පුද්ගලයින්ගෙන් 95% ක්ම එතුමාගේ මැතිවරණ දිස්ත්‍රික්කය වන හම්බන්තොටින් බඳවා ගෙන ඇති බවද කොමිසම නිරීක්ෂණය කර ඇත.
එබැවින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වන වගන්තිය අනුව නඩු පැවරිය යුතු බව කොමිසම නිර්දේශ කර ඇත".

තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් පක්ෂයේ සිටින දූෂිතයින්ගෙන් තොරව ආණ්ඩුවක් බිහිකරන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇති නමුත්, ජනාධිපති කොමිසම විසින් ඔහුද දූෂිතයෙකු බවට තීරණය කර ඇති බව, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපති කොමිසම විසින් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දක්වා ඇති නිරීක්ෂණ, නිගමන සහ නිර්දේශ දැන ගැනීම ජනතාවට තීරණාත්මක වනු ඇති බවයි.

මෙම වැදගත්කම සළකා දැනට ජනාධිපතිවරයා වෙත ලැබී+ ඇති 2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස උදය ගම්මන්පිල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top