පාකිස්ථානයට අයත් කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු හතරකට ඉන්දීය හමුදා කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ඉන්දු - කාශ්මීරයේ නීලම් නිම්නයේ ස්ථානගත කාලතුවක්කු බල ඇණි මගින් එල්ල කළ එම ප්‍රහාරයෙන් පාකිස්ථාන සෙබළුන් පස්දෙනෙකු පමණ මියයන්නට ඇතැයි සැළකෙනවා.
තවත් පිරිසක් එහිදී තුවාල ලබන්නට ඇති බවටයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. පාකිස්ථානය විසින් දේශසීමාව හරහා එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු මියගිය බව ඉන්දියාව මීට පෙර ප්‍රකාශ කළා.
අද එල්ල කළ ප්‍රහාරය ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙසයි සැළකෙන්නේ.