Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
"ඔවුන් මිහිදන් කළ සොහොනට ගිහින් නැවත මිහිදන් වුණා" මියගිය මිනිසුන් සොම්බීන් කරන වුඩූ ගෝත්‍රිකයන්ගේ කතාව

- "ඔවුන් මිහිදන් කළ සොහොනට ගිහින් නැවත මිහිදන් වුණා" මියගිය මිනිසුන් සොම්බීන් කරන වුඩූ ගෝත්‍රිකයන්ගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,519 Views
ආත්මය සිරුරු වෙතට රිංගවා මෙලොවට කැඳවීමක් ලබා දෙනවා......

මළ සිරුර මිහිදන් කිරීමට පෙරාතුව හිසට වෙඩි තබනවා......

වුඩූ ආගමිකයන් එක්තරා ආකාරයක මන්ත්‍රකරුවන් ලෙසින්ද ප්‍රසිද්ධිය ලබා සිටින්නේ මියගොස්ව මිහිදන් කළ මළ සිරුරු නැවත ජීවිතය කරා කැඳවීමක් කිරීමේ ගුප්ත බලය නිසාය. සොම්බි හෙවත් මියගිය සිරුරු වෙනුවෙන් පණ ලබා ඇවිද්දවීම ‘‘වූඩු ‘‘ ආගමිකයන්ගේ ගුප්ත බලයක් ලෙසින් සලකනු ලැබේ. සොම්බි සහ වූඩු ආගම නයිජීරියාව, උගන්ඩාව සහ හයිටි දේශයේ අදටත් මිථ්‍යාවන් අතර වුවත් ජන විශ්වාසයන්ගෙන් දුරස්ව නැත.

සොම්බි හෙවත් ඇවිදින මළ සිරුරු නිසා හයිටි රාජ්‍යයේ මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් ඇති වූ යුගයක් විය.

හයිටි රාජ්‍යයේ ඇමරිකානු උක් සමාගමක් වූ ‘‘හැස්කෝ ’’ සමාගම මේ අවධිය වෙන විට වාර්තාගත ආදායමක් ලබමින් සිටි යුගයකි. ඒ 20 වැනි සියවස ආරම්භක අවධියයි. මෙම ආයතනය සඳහා අලූතින් සාමාජිකයන් බඳවා ගැනීම ගමේ ජෝසප් නමැති මුලාදෑනියාට පවරා තිබුණ අතර ඔවුන් පුහුණු කිරීම බාරව තිබුණේ ඔහුගේ බිරින්දෑටය. අලූතින් බඳවා ගත් කම්කරුවන් නව දෙනා පැමිණ සිටියේ හයිටි දේශසීමාව අසල වූ ඉතා නොදියුණු ගම්මානයකින්ය. ඒ වෙන විට හයිටි රාජ්‍යයේ නිල භාෂාව ප්‍රංශ භාෂාව වුණත් මෙම නව දෙනාට අඩුම වශයෙන් දේශීය භාෂාව වූ හයිටි භාෂාවත් කථා කිරීමට නොහැකි විය.

සාමාන්‍ය කම්කරුවන් මෙන් නොව මෙම අලූත් සේවකයන් නව දෙනාගේ මුහුණුවලින් දිස් වූයේ ගුප්ත පෙණුමක් බැව් ගම්මුලාදෑනියාගේ බිරින්දෑට නිතරම පෙනී ගියෙන් ඇය මේ බැව් ජෝසප්ට දන්වා සිටියාය.

දුප්පත් මිනිස්සු... කන්න බොන්න නැතුව මැලවිලා වෙන්නැති. ඔහු කීවේය. මේ මිනිසුන් ඇඳ සිටියේද වැරහැලි වී ගිය ඇඳුම්ය. නමුත් මෙම නව දෙනාට ඉතා බර වැඩවල යෙදීමේ හැකියාව නම් පැහැදිලිව පෙනී ගිය කරුණකි. දිවා ආහාරය වෙනුවෙන්වත් තම වැඩය නැවැත්වූයේ නැත. විවේකයක් ලබා ගත්තේ නැත. හවසට ආහාරයට ගත්තේ මිලට් පොරිවලින් සකස් කරන ලද කැඳ පමණි. මද්දහනේ වැඩ කළත් කිසිදු අපහසුවක් ඔවුන් වෙතින් දැක ගන්නට ලැබුනේද නැත.

පළමු දිනය අවසාන විය. දැන් ඇත්තේ අදාළ දිනට නියමිත වැටුප ලබා දීමයි. ජෝසප් එදින හවස පැමිණියේ නව දෙනා වෙනුවෙන් වැටුප් ලබා දීමටයි. නවදෙනාගේ වික්‍රමය දුටු ජෝසප් මවිතයට පත් වූයේ නිමවී ඇති වැඩ කොටස නව දෙනකුට තබා සිය දෙනකුටවත් කිරීමට අපහසු වීමයි. මෙම නව දෙනා විසින් වැඩ අවසාන කරන ලද උක්යාය එතරම් විශාල පරාසයක පැතිරී ගිය වපසරියකින් යුක්ත විය.

උක් සමාගමේ කළමනාකරුට මහත් සතුටක් ඇති විය. මෙම අලූත් සේවකයන්ගේ කැපවීම නිසාම ඔවුන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාදයක් ලබා දීමට අදහස් කළෙන් එදින අසල්වැසි ගමක පැවැති උත්සවයක් නැරඹීමට මේ නව දෙනා කැඳවාගෙන යන ලදී. නමුත් වැඩ කරන විට තිබුණ කැපවීම සහ උනන්දුව උත්සවය සමග ගෙවන විට මේ නව දෙනාගෙන් දක්නට ලැබුනේ නැත. ඔවුන් නව දෙනාම උත්සවය නරඹමින් සිටියේ ඉතා උදාසීන අන්දමින්ය.

මහන්සි වෙලා වැඩ කරන නිසා බඩගිනි ඇති. කළමනාකරු තීරණය කළේය. වහාම ඔවුන්ට විස්කෝතු පැකට්ටුවක් ගෙනැවිත් දුන්නේය. කළමනාකරු මවිතයටත් ත්‍රාසයටත් පත් වූයේ මෙම නව දෙනා බිස්කට් හැපීම පටන් ගත් සැණින්ම අඬන්නට වැළපෙන්නට පටන් ගත්හ. හඬමින් ඔවුන් නව දෙනා දිව ගියේ අසල වූ ගම්මානයටයි.

ගම්මුන් මහත් සේ භීතියට පත් වූයේ මේ නව දෙනා ඔවුන්ගේ ගමේ පදිංචිව සිට මියගොස් සිටි පුද්ගලයන් වීම නිසාය. නැවත මෙම නව දෙනා දිව ගියේ ඔවුන් මිහිදන් කරන ලද සොහොන වෙතයි. එහි පස් ගොඩැල්ල තෝරා ගෙන ඔවුන් එහි නැවත මිහිදන් වූහ.

මේ අද්භූත ඇවිදින මළ සිරුරු ගැන අධ්‍යනයේ යෙදුන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ගුප්ත විද්‍යා පිළිබඳ පර්යේෂක ආචාර්ය ‘‘ඊ ඩේවිස්’’ සඳහන් කරන්නේ සොම්බි ලෙසින් හැඳින්වෙන මෙම ඇවිදින මළ මිනී ගැන මුලින්ම වාර්තා වෙන්නේ ‘‘මැරිනස් ’’ ගෙඹි විෂ ශරීරගත මරණයක් සහ චමෙෙරසෙය මත්ස්‍ය විෂ ශරීරගතව මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිදුවීම් අළලාය. සැබැවින්ම මේ පුද්ගලයන් දෙදෙනා මිය ගොස් සිටියේ නැත ඔවුන් සායනික නිද්‍රාවක් බවට පත් වීමක් මෙතැනදී සිදු වෙන බවයි.

වූඩු මන්ත්‍රකරුවන් විසින් මෙම මළ සිරුරු සොයා ඒවාට යම් ප්‍රති විෂක් එන්නත් කිරීමෙන් පසුව මළ සිරුරට නැවත ඇවිදීමේ හැකියාව ලැබේ. එයින් පසුව ඔවුන් හඳුන්වන්නේ ‘‘සොම්බි ’’ හෙවත් ඇවිදින මරණය යන අර්ථයෙන්ය. මෙහි තවත් පැහැදිලිව නොපෙනෙන පැතිකඩක් ඇත. සාමාන්‍ය සිහිමුර්ජාවකට පත් වූවා නම් ඔවුන්ගේ ඇස්, මුහුණ වෙතින් දිස් වෙන අඳුරු සහ මළානික කළකිරීම තුළ ඇති රහස කුමක්ද?

වූඩු ආගමිකයන් විසින් මේ අන්දමට මිය ගිය අයට නැවත පණ ලබා ඇවිද්දවීම ඔවුන් හඳුන්වන්නේ ආත්මය එම සිරුරු වෙතට රිංගවා මෙලොවට කැඳවීමක් ලබා දෙන බවයි. නමුත් මෙහි අපූර්ත්වය මෙයයි. තමන් මොන තරම් ආදරණීය බන්ධනයකින් සිටියත් මියගිය ආදරණීයයන් නැවත පණ ලබා අවිදීම ගැන නම් කිසිදු කැමැත්තක් දැක් වූයේ නැත. ඒ නිසා තමාගේ පවුලේ ඥාතියා මිහිදන් කළ සොහොන වෙතම රැඳී ඒ අයගේ මස් දිය වී යන තුරුම සොහොන් වළ මුර කරන ලදී. එසේ මුර කරනු ලැබුවේ වූඩු ආගමිකයන් පැමිණ තමාගේ ආදරණීයයාගේ ආත්මය නැවත සිරුර තුළට රිංගවා පණ ලබා දුන්නොත්...යන බිය නිසාය. මේ නිසා ඇතැම් අය මළ සිරුර මිහිදන් කිරීමට පෙරාතුව හිසට වෙඩි තබති. දැන් ඉතින් උන්දැ නැගිටලා හමාරයි...හයිටි වැසියන් එසේ සැනසුම් සුසුම් හෙළති.

"දිවයින"
පුන්‍යා චාන්දනී ද සිල්වා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top