පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් බව කමිටු සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.
එය එළැඹෙන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
ඒ අනුව ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ඇති.
අප්‍රේල් 21 වැනිදා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට මෙම තේරීම් කාරක සභාව මැයි 22 වැනිදා පත් කරනු ලැබුවේ කතානායක කරූ ජයසූරිය විසින්.
ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල සාමාජිකයින් පත් කෙරුණු අතර, එය නියෝජනය කිරීම ඒකාබද්ධ විපක්ෂය ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව මෙම කමිටුව මැයි මස 29 වැනිදා පළමු වරට රැස්වූ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම විවිධ පාර්ශවයන්ගෙන් කමිටුව අවස්ථා රැසකදී සාක්ෂි සටහන් කර ගනු ලැබුවා.
එලෙස සකස් කළ අවසන් වාර්තාවයි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ.