Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 10ක් ගෝඨාභයගේ සහයට එක්වෙයි - Video

- නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 10ක් ගෝඨාභයගේ සහයට එක්වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,226 Views
එළැඹෙන ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.
 
මීට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් රැසකගේ ද සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කළ බව එම සංවිධාන සදහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ සිදුකළ සංවර්ධනය හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තිරණය කළ බව මඩකලපුව දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රි එස්ග වියාලේන්ද්‍රන් මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර, කරුණු 3 ක් මත පදනම්ව නැගෙනහිර තවත් දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු 20 කින් සමන්විත යෝජනාවලිය ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමෙන් අනතුරුව එම සංගමයේ නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

පොදුජන පෙරමුණේ ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පළ කරන බව ජ්‍යෙෂ්ඨ කලාශිල්පීන් රැසක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ප්‍රකාශ කළා.

මේ අතර, පොදුජන කලා සන්ධානය සහ නිදහස් කලා සන්ධානය එක්ව පැවැත්වූ විජයග්‍රහණයේ පෙරවදන සමුළුව කොළඹදී පැවැත්වුණු අතර, ඊට කලාකරුවන් රැසක් එක්ව සිටියා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top