ත්‍රස්තවාදය සාර්ථක ලෙස මර්දනය කළ ශ්‍රී ලංකාවේ අත්දැකීම් තම රටට මෙන්ම ඉන්දීය සාගර කලාපයට වැදගත් වන බව ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං ප්‍රකාශ කළා.
නවදිල්ලියේ දී ඊයේ ආරම්භ වූ ආරක්ෂක නියෝජිත සමුළුවක් අමතමින් ඔහු සඳහන් කළේ මුහුදු කොල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ජාතීන් අතර හමුදා සහයෝගීතාව වැදගත් වන බවයි.
එහිදී සමාන අදහස් දරණ අනෙකුත් නාවික හමුදාවල යහභාවිතයන් එක් කර ගත යුතු බව ඉන්දීය නාවික හමුදාපතිවරයා අවධාරණය කළා.
ඔහු ශ්‍රී ලංකාව පිළිබද සඳහන් කළේ කලාපයේ අනෙකුත් රටවල නාවික හමුදාවන් හි හැකියාවන් පිළිබදව කරුණු දක්වමින්.