Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
19
ලොවක් වසඟ කළ සුරූපී අයිශ්වර්යා ලංකාවට නෑකම් කියන චිත්‍රපටියකින් කලකට පසු එළියට - Photos

- ලොවක් වසඟ කළ සුරූපී අයිශ්වර්යා ලංකාවට නෑකම් කියන චිත්‍රපටියකින් කලකට පසු එළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51 Views
අයිශ්වර්යා රායි ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය, ආකර්ෂණීය නිළියක බව රහසක් නොවෙයි. ඇය විවාහ වී සිටින්නේ තවත් සුපිරි නළුවකු වන අභිෂේක් බච්චන් සමඟ බවත් කවුරුත් දන්නා කතාවක්.
 
කෙසේ නමුත් මේ දිනවල නැවතත් මේ සුන්දර නිළිය ගැන ඉන්දියානු මාධ්‍ය තුළ යම් කතාබහක් තිබෙනවා.

එයට හේතුව ඇය සුප්‍රකට සිනමාකරු මනි රත්නම්ගේ අලුත්ම චිත්‍රපටයේ රඟපෑමට සූදානම් වීමයි. මෙම සිනමාපටයේ අයිශ්වර්යා ද්විත්ව චරිතයක් රඟපෑමත් විශේෂත්වයක්. මෙයින් ඇය නැවතත් නිළියක ලෙස ලොකු කීර්තියක් දිනාගනු ඇතැයි බොහෝ දුරට බලාපොරොත්තු විය හැකියි.
 
මනි රත්නම්ගේ මෙම සිනමාපටය 'පොනියින් සෙල්වන්' නමැති ඉතා ජනප්‍රිය ඓතිහාසික නවකතාවක් ඇසුරෙන් නිපදවෙන්නක් බවයි වාර්තා වන්නේ.
 
මෙම නවකතාව කාණ්ඩ 5කින් යුතු පිටු 2,400ක පමණ ඉතා දිග නවකතාවක්. මෙයින් කියැවෙන්නේ රාජ රාජ චෝලන් නමැති ඉතා ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු අධිරාජයාගේ කතාවයි.
 
ඔහු කලක් ලංකාවේ ඇතැම් ප්‍රදේශ ද පාලනය කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම නවකතාවේ කතුවරයා වන කල්කි ක්‍රිෂ්ණමූර්ති මෙම පොත ලිවීම සඳහා තොරතුරු රැස් කරමින් සිටි කාලයේ කිහිප වරක් ලංකාවට ද පැමිණ ඇති බව සඳහන්.
 
මනි රත්නම් යනු ඉන්දියාවේ විශාල ගෞරවයක් දිනාගත් අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගේ චිත්‍රපටයක රඟපාන්නට ලැබීම බොහෝ නළු නිළියන් සලකන්නේ තමුන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් හැටියටයි. අයිශ්වර්යා ද මේ සම්බන්ධයෙන් බෙහෙවින් සතුටටත්, නොඉවසිල්ලටත් පත්ව සිටින බව පෙනෙනවා.
 
ඇය පළමු වරට සිනමාවට පිවිසුණේ ද මනි රත්නම්ගේම චිත්‍රපටයකින්. ඒ 1997 වසරේ තිරගත වුණු 'ඉරුවර්' නමැති චිත්‍රපටයෙනුයි. එයින් පසු ඔහුගේ 'ගුරු' (2007) සහ 'රාවන්' (2010) යන චිත්‍රපටවලත් ඇය රඟපෑවා.
 
මනි රත්නම් යනු සිනමාවේ තමාගේ ගුරුවරයා හැටියටයි අයිශ්වර්යා සලකන්නේ. අයිශ්වර්යාට අමතරව අමිතාබ් බච්චන්, කීර්ති සුරේෂ්, කාර්ති වැනි තවත් සුප්‍රකට නළු නිළියන් රැසක් මනි රත්නම්ගේ අලුත් චිත්‍රපටයේ රඟපානු ඇති බවට ආරංචි පළවෙමින් තිබෙනවා. ඉදිරි දිනවල මෙහි රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත අතර එය විශාල වියදමක් දරා නිපදවන දැවැන්ත සිනමාපටයක් වනු ඇති. ලබන වසරේ මෙය ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි.
 
අයිශ්වර්යා අවසන් වරට රඟපෑ සිනමාපටය වූයේ 'ෆැනී ඛාන්' නමැති චිත්‍රපටයයි. 2018 වසරේ තිරගත කෙරුණු එහි අනිල් කපූර් සහ රාජ්කුමාර් රාඕ වැනි ජනප්‍රිය ශිල්පීන් ද රඟපෑවත් එය ආදායම් වාර්තා අතින් එතරම් සාර්ථක වුණේ නැහැ.
 
මේ වනවිට 45 වැනි වියෙහි පසුවන අයිශ්වරයා පළමු වරට ලෝක අවධානයට පාත්‍ර වූයේ 1994 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කරගැනීමත් සමඟයි. 1997 වසරේ ඇය සිනමාවට පිවිසුණේ ඉන් අනතුරුවයි. කලින් සඳහන් කළ 'ඉරුවර්', 'ගුරු', 'රාවන්' චිත්‍රපටවලට අමතරව 'රේන්කෝට්', 'මොහොබතීන්', 'දේව්දාස්', 'ජෝදා අක්බර්' වැනි චිත්‍රපටවල ඇයගේ රඟපෑම් විශාල වශයෙන් කතාබහට ලක් වුණා.
 
සනත් වික්‍රමගේ
මව්බිම

Image result for aishwarya raiImage result for aishwarya raiImage result for aishwarya raiImage result for aishwarya raiImage result for aishwarya raiRelated image
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top