Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ඩයස්පෝරාවෙන් යළිත් නඩුවක් - Video

- බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ඩයස්පෝරාවෙන් යළිත් නඩුවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,284 Views
මහා බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙස්මිනිස්ටර් අධිකරණයේ පවරා තිබූ නඩුව නැවත සලකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
 
ඒ අනුව අදාළ නඩුව අද දිනයේ සිට එංගලන්ත වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.
 
පසුගිය වසරේ පෙබරවාරි 4 වැනිදා බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් පැවැත්වූ විරෝධතාව අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සිදු කළ හස්ත සංඥාවක් සම්බන්ධයෙන් මතහේදාත්මක තත්ත්වයක් ඇති වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර්වරයාට චෝදනා එල්ල කරමින් වෙස්මිනිස්ටර් අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණු අතර පසුව එය වෙස්මිනිස්ටර් ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බට්නෝට් විසින් ඉවත දැමුයේ සාධාරණ පදනමකින් තොරව එය ගොනු කර ඇති බව පවසමින්.
 
කෙසේවෙතත් එල්.ටී.ටී.ඊ හිතවාදී බ්‍රිතාන්‍ය රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙන් දිගින් දිගටම වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ සිදුකල බලපෑම් මත මෙම නඩු කටයුත්ත අද සිට නැවත සලකා බැලීමට තීරණය වී තිබෙනවා.
 
මේ පිලිබදව අප ලන්ඩනයේ සිටින හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන් විමසා සිටියා.
 
මේ අතර, බ්‍රිගේඩියවරයාට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද විරෝධතාවයේ නිරත වුණා.
 
මේ අතර ශ්‍රී ලංකා පොදුන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පැවති වැඩසටහනකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කලා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top