Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
"මට ජානකිව නැතුවම බැරිවුණා, මම හැමතිස්සෙම එයාව හොයන් ගියා.." - SPA එකකදී හමු වූ වැඩිමහල් අක්කා කෙනෙක් නිසා සාපෙළ ලියන්න හිටපු නුවන්ට ජිවිතෙන් විඳවන්න වූ හැටි - Video

- "මට ජානකිව නැතුවම බැරිවුණා, මම හැමතිස්සෙම එයාව හොයන් ගියා.." - SPA එකකදී හමු වූ වැඩිමහල් අක්කා කෙනෙක් නිසා සාපෙළ ලියන්න හිටපු නුවන්ට ජිවිතෙන් විඳවන්න වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,468 Views
රූම් යමුද අහද්දි සමාධිගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි...
ජානකි එදා කිව්වා, මසාජ් එකට අමතරව දෙයක් ඕනිනම් සල්ලි දෙන්න කියලා..
ජනක යෝජනා කළා කෙල්ලෙක්ව සල්ලිවලට ගමු කියලා, මං කැමති වුණා..
 
ජිවිතේ සුන්දරම කාලය කුමක්ද කියලා කවුරුන් හෝ ඔබෙන් ඇහුවොත්? ඔබගේ සිත නවතින තැනක් තියනවා. එතනදී ඔබට සුන්දර වගේම අසුන්දර දේත් මුණ ගැහේවී.
 
ආදරය, ආරක්ෂාව, ආශිර්වාදය ඇතුළේ ගෙවෙන ඒ සුන්දර සැහැල්ලු ජිවිතය අනවශ්‍ය බරකින් හිත පුරෝගෙන අසුන්දර කරගත්ත අවස්ථාත් හමුවෙන්න පුළුවන්. තමන්ගේ පාසල් කාලේ ඉගැනීම පස්සට තියලා, වයසටත් කලින් වැට පැනලා ජිවිතේ වරද්දගත්තු හිතුවක්කාර තරුණයෙක් ගැන කතාවක්.
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 98 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව නුවන් ගැනයි.

සාමාන්‍ය පෙළ හදාරමින් හිටපු නුවන්ගේ තාත්තා හිටියේ විදෙස්ගත වෙලා. පවුලේ එකම දරුවා නිසා නුවන්ගේ අම්මා නුවන්ට අසීමිතව ආදරේ කළා වගේම උපරිම නිදහස දුන්නා.
 
ඒත් ඒ නිදහස නිසාම නුවන් වැරදි දේට යොමු වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. නුවන්ගේ හොඳම මිත්‍රයා ජනක. මත්පැන්වලට තදින් ඇබ්බැහි වෙලා හිටපු ඔහු නුවන්ව ඒ සඳහා පොළඹවා ගත්තා. ඒ විතරක් නෙවෙයි, මේ මිතුරු කණ්ඩායම අසභ්‍ය විඩියෝ පට බලන්නත්, අසභ්‍ය පුවත්පත් බලන්නත් පුරුදු වෙලා හිටියා.
 
නුවන්ගේ පාසල් සමයේ පෙම්වතිය වුණේ සමාධි. ජනකටත් පෙම්වතියක් හිටියා වුණත්, ජනක ඇයව පාවිච්චි කළේ තමන්ගේ අවශ්‍යතා සපුරගන්න විතරයි. ඒ වෙද්දි පාසල් ළමයින් විදිහට සමාජයේ පෙනී හිටියත් මේ අය කළේ වැඩිහිටියන් සිදු කළ දේවල්. ඒත් මේ කිසිම දෙයක් නුවන්ගේ අහිංසක අම්මා දැනන් හිටියේ නෑ.
 
ඔය අතරතුරදී තමයි නුවන්ට වාසනාව මුණ ගැහෙන්නෙ. වාසනා කියන්නෙ 'ස්පා' එකක කෙල්ලක්. මේ 'ස්පා එකට යමු' කියන මුල්ම යෝජනාව කරන්නෙ ජනක. ඉතින් ඒ විදිහට පටන් ගත්තු වාසනාගෙත් නුවන්ගෙත් හිතවත්කම නොසෑහෙන්න දුර දිග ගියා. ඇයට ඒ වෙද්දි අවුරුදු 19යි. සෙල්ලක්කාර ජිවිතයක් ගත කරපු නුවන්, මේ වෙද්දි විඩියෝ කෝල්වලින් යාළු කරගත්ත තවත් කෙල්ලක් එක්ක නිතරම වගේ සතුටු වුණා.
 
කාලයත් එක්ක කන වැටුණු සමහර දේවල් නිසා සමාධිත් නුවන් අත්හරිනවා. ඒත් වාසනා එක්ක හිතේ හැටියට සතුටු වුණු නුවන්ට ජිවිතේ වරද්දගන්න වැඩි කල් වේලා යන්නෙ නැහැ. අවසානයේ තමන් දරුණු සමාජ රෝගයකට ගොදුරු වෙලා කියලා නුවන් දැනගන්නවා.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
නුවන්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top