Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
විලියම් කුමරු හා කේට් ගමන් ගත් ගුවන් යානය ප්‍රචණ්ඩ කුණාටුවකට මැදි වෙයි - Photos

- විලියම් කුමරු හා කේට් ගමන් ගත් ගුවන් යානය ප්‍රචණ්ඩ කුණාටුවකට මැදි වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,616 Views
පාකිස්තානයේ පස් දින නිල සංචාරයක යෙදෙන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඩ්ල්ටන් , රැගත් ගුවන් යානය ලාහෝරයේ සිට ඉස්ලාමාබාද් අගනුවර බලා පියාසර කරද්දී ප්‍රචණ්ඩ කුණාටුවකට මැදි වි තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

විලියම් සහ කේට් යුවළ පාකිස්තානයට පැමිණියේත්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සිට ලාහෝර් තෙක් ගියේත් ඉන්පසු යළි ඉස්ලාමාබාද් බලා පැමිණීමට සූදානම් වූයේත් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයෙනුයි.


කෙසේවෙතත් ඉස්ලාමාබාද් අගනුවරට බලපෑ අකුණු කුණාටුවක බලපෑම ඇතිවී තිබෙන නිසා ඒ වනවිට ගුවන් යානය ලාහෝර් සිට කිලෝ මීටර් 270 ක් දුර ගෙවා ඉස්ලාමාබාද් අගනුවරට ළං වී තිබෙනවා.

යානයේ නියමුවන් ඉස්ලාමාබාද් අගනුවරට නුදුරින් රාවුල්පිණ්ඩි හමුදා ගුවන් කඳවුරට යානය ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. වෙන කළ හැකි කිසිවක් නොවුණු බැවින්, යානය ආපසු හරවාගෙන ලාහෝර් නුවරට යෑමට නියමුවෝ පියවර ගෙන තිබෙනවා. ආපසු ලාහෝරයට ගිය බැවින් විලියම් කේට් යුවලට වැඩිපුර දිනයක් ලාහෝරයේ ගත කිරීමට අවස්ථාවක් උදාවි ඇති බවයි කියන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top