හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ඇතුළු 5 දෙනෙකු ඇප මත මුදා හැරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ඇතුළු 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබුවා.
ඒ, 2011 වසරේ මාර්තු මස 30 වැනිදා හිටපු මන්ත්‍රීවරයා, පැදවූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසලදී සිදුවූ අනතුරෙන් එහි ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළවයි.