ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් දෙදෙනකු ගගන සක්මනක නියැලීමට සූදානමින් සිටින බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.
ගගන සක්මනේ නියැලීමට සූදානමින් සිටියේ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින නාසා ගගනගාමිනියන් දෙදෙනකු වන ක්‍රිස්ටිනා නොච් සහ ජෙසිකා මීර් ය. මොවුන් ගගන සක්මනට එක් වන්නේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ අක්‍රිය වී ගිය බලශක්ති පාලක උපාංග ඉවත් කර අලුත් උපාංගයක් සම්බන්ධ කිරීමය.
එය අසීරු මෙන්ම පැය කිහිපයක මෙහෙයුමක් බවත් පළපුරුදු ගගනගාමිනියන් වන ක්‍රිස්ටිනා නොච් සහ ජෙසිකා මීර් දෙදෙනාට එය පහසුවෙන් කළ හැකි බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.