Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
17
3 ශ්‍රේණියේ සිසුවාගේ පිට කොන්දට, දෙපයට සහ අත්වලට විදුහලේ ගුරුවරයා අමානුෂික ලෙස පොල්ලකින් ගහලා

- 3 ශ්‍රේණියේ සිසුවාගේ පිට කොන්දට, දෙපයට සහ අත්වලට විදුහලේ ගුරුවරයා අමානුෂික ලෙස පොල්ලකින් ගහලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
ඇඳ සිටි කමිසය ගලවා පොල්ලකින් පහර දීලා....
පහර දීම නිසා ශරීරයේ ස්ථාන 8ක පමණ තැලීම් සහ තුවාල
 
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවකුට එම විදුහලේ ගුරුවරයකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
ඉකුත් 11 වැනිදා එම විදුහලේ ගුරුවරයකු විසින් සිසුවාගේ පිට කොන්දට, දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහර දී ඇති අතර පහර දීමෙන් තුවාල ලැබූ සිසුවා දැඩි වේදනාවෙන් නිවසට පැමිණ දෙමව්පියන්ට ද ඒ පිළිබඳව නොකියා පාසල් නොගොස් අසනීප තත්ත්වයෙන් නිවසේ රැඳී සිටීම පිළිබඳව සැක සිතූ එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් කරුණු විමසා ඇත.

සොහොයුරා ඇඳ සිටි කමිසය ගලවා තමන්ට විදුහලේ ගුරුවරයකු පොල්ලකින් පහර දුන් බවත්, තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බවත් පැවසුවේ යැයි එම සිසුවාගේ සොහොයුරිය වන ආර්.මලර් පවසා තිබෙනවා.
 
හැටන් ඩන්බාර් වීදියේ පදිංචිව සිටින එම සිසුවාගේ පියා කුළී වැඩ කරමින් තම දරුවන් රැක බලා ගනී. මොහු පාසලේ අධ්‍යාපන කටයුතු කිරීමට ඉතා දක්ෂ සිසුවකු බවත්, එම සිසුවා චිත්‍ර ඇඳීමට දැඩි උනන්දුවක් දක්වන බවයි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.
 
පහර කෑමෙන් තුවාල ලබා දැඩි වේදනාවෙන් සිටි පාසල් සිසුවා පියා විසින් 15 වැනිදා රාත්‍රී දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
දික්ඔය මූලික රෝහලේ රෝහල් පොලිසිය විසින් හැටන් මුලස්ථාන පොලිසිය වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ සිසුවාට පහර දීම නිසා ශරීරයේ ස්ථාන 8ක පමණ තැලීම් සහ තුවාල සිදු වී ඇති බවයි.
 
මේ පිළිබඳව හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියක් පවසා ඇත්තේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදීම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවකු බවයි.
 
නුවරඑළිය නාලක රත්නායක - දිවයින
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top