Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
කතා කරන්න අමාරුයි , ඔළුව රිදෙනවා - මැර පිරිසක් ආබාධිත රණවිරුවෙකුට පහරදීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ආබාධිත රණවිරුවන් අදත් මහ පාරට එයි - Video

- කතා කරන්න අමාරුයි , ඔළුව රිදෙනවා - මැර පිරිසක් ආබාධිත රණවිරුවෙකුට පහරදීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ආබාධිත රණවිරුවන් අදත් මහ පාරට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,031 Views
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අධාරකරුවන් බවට පවසමින් පැමිණි මැර පිරිසක් ආබාධිත රණවිරුවෙකුට පහරදීම ඇතුලු හේතු කිහිපයක් මුල්කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අදත් කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවට එක්වෙමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු පුද්ගලයින් රණවිරුවන්ට අගෞරව කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජාතියෙන් සමාව ගත යුතු බවයි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය අතරතුර ආබාධිත සෙබලෙක් අමාත්‍ය මංගල සමරවීර මහතාට දෝෂාරෝපණය කල බවට චෝදනා කරමින් මැර පිරිසක් පසුගිය 7 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී ආබාධිත සෙබළාට පහරදී ඇති අතර ඔහු ප්‍රථිකාර සඳහා ඇතුළත් කෙරුණේ ජාතික රෝහලටයි.

පහරදුන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුඇප මත මුදා හැර තිබෙනවා.

මෙම හේතුව සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් අදත් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා.

ආබාධිත සෙබළාට සිදුකළ පහරදීම සහ රණවිරුවන්ට අගෞරව වන ආකාරයේ ප්‍රකාශ දේශපාලන වේදිකාවේ සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් භාර දීම සඳහා ආබාධිත රණවිරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සහ කල අතර, පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.

පසුව නියෝජිතයින් කිහිපදෙනෙකුට පොලිස් නිළධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව හිමි වූ අතර එහි නියෝජිතයෙකුට අදාල ලිපිය භාර දී තිබෙනවා.

අනතුරුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ආබාධිත රණවිරුවන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද භාර දුන්නා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top