යාපනය - වෙන්දකෝස් දේවස්ථානය අසළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි. එහිදි තියුණු ආයුධයෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා යාපනය මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු 33 හැවිරිදි, මානියම්තෝට්ටම් - පස්වන පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
..