Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
16
"අපිට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ආදරයට මිලක් දෙන්න මම දන්නේ නැහැ..." - සුරාජ් මාපා

- "අපිට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ආදරයට මිලක් දෙන්න මම දන්නේ නැහැ..." - සුරාජ් මාපාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
"ඒ හැමදේටම මුහුණ දෙන්න අපිට ශක්තිය ලැබුණා..."

"කටුක අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා.."

මම අලුත් රෙදි වර්ගයක් ලංකාවට ගේන ව්‍යාපාරයක් ආරම්භ කළා. විශේෂයෙන් කාන්තා ඇඳුම් මැසීම සම්බන්ධ ව්‍යාපාරයක් තමයි මම මුලින්ම පටන් ගත්තේ. දැන් මේ ව්‍යාපාරය පටන් අරගෙන අවුරුද්දකට ආසන්නයි. පුංචි කාලේ ඉඳන් මට රෙදිවලට ෆැෂන්වලට ලොකු ආසාවක් තිබුණා. ගොඩාක් වෙලාවට මගේ අක්කලාත් කාලයක් තිස්සේ කියපු දෙයක් තමයි විලාසිතා සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් පටන් ගන්න කියලා. මුලදී මගේ අක්කත් මේකට සහයෝගය ලබලා දුන්නා.

කාලයක් හිතේ තිබුණ ඔය ආසාව ඵලදැරුවේ කොහොමද?
මගේ අක්කා ඉන්නේ ඉතාලියේ. ඉතින් මම කිහිපවතාවක්ම ඉතාලියට ගියා. ඒ යන හැම වතාවකම මම දැකපු දෙයක් තමයි ඉතාලියේ විලාසිතා හැමවෙලේම වෙනස් වෙනවා. විශේෂයෙන් ඇඳුම් පැළඳුම් වුණත් ඉතාලියේ මිනිස්සු හරිම ආසාවෙන් අදිනවා. ඒ නිසා ඉතාලි ගමන්වලින් මගේ හිත මේකට වැඩියෙන්ම යොමුවුණා. ඒ නිසා මම “ELSA” කියන සංනාම නාමයෙන් ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තා

“ELSA” ඇඳුම් මිල ගණන් කොහොමද?
මෙහෙමයි. මිනිස්සු මෝස්තර කරන්න කැමතියි. හැමවෙලාවකම අපි ඇඳුම් පැළඳුම් ගන්න, ගමන් බිමන් යන්න, ට්‍රිප් යන්න එහෙම අපි වියදම් කරන්නේ එදිනෙදා වියදමට වියදම් කරන මුදල්වලට වඩා අමතර මුදලුයි. මිනිස්සු ළඟ ඒ අමතර මුදල ලොකු මුදලක් වෙන්නේ නැහැ. මේ නිසා Elsa ඇඳුම්වල මිල ඉතා සාමාන්‍ය මුදලක්. සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන්, සාමාන්‍ය මිනිසුන්ට ෆැෂන් කරන්න පුළුවන් විදිහට අලුත් ෆැෂන් Elsa එකෙන් ගන්න පුළුවන්. ඒ නිසා අවුරුද්දක් කිට්ටුවන Elsaට හොඳ ඉල්ලුමක් ලැබෙනවා.
මේ වනවිට Elsa ඇඳුම් කාන්තාවන් සඳහා පමණක් සීමාවුණත් ඉතා ඉක්මනින් නුදුරේදීම පිරිම පාර්ශ්වයටත් Elsa ඇඳුම් සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. වැඩියෙන් ඇඳුම් පැළඳුම් විලාසිතා කරන්නේ කාන්තාවන්. ඒ නිසා ආරම්භයේදී කාන්තාවන්ට මුල්තැන දෙන්න අපි තීරණය කළා. ඒ නිසාම Elsa මිනිස්සු අතරට ඉතා ඉක්මනින් ළඟා වුණා. දැනට ව්‍යාපාර කටයුතු ඉතා හොඳට කෙරීගෙන යනවා. අපි රෙදි විවිධ රටවලින් ගෙනත් ලංකාවේ ගාමන්ට් තුනකින් මහනවා.

ව්‍යාපාර කටයුතු නිසාම සුරාජ් රංගනයෙන් ඈත්වෙලාද?
නැහැ. එහෙම ලොකු ඈත්වීමක් නැහැ. රංගන කටයුතුත් කරගෙන යනවා. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් ලබන අවුරුද්දට වසර විස්සක් ගතවෙනවා. මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණු “මගේ සඳ ඔබ රූගත කිරීම් සිදුවූයේ 2000 වසරේදීයි.  ඒ නිසා මේ ලබන්නේ විසිවෙනි අවුරුද්දයි. ඒ අවුරුදු විස්සේදීම “සුරාජ් මාපා කියන නම ක්ෂේත්‍රය ඇතුළෙන් රංගනයෙන් මගේ ප්‍රේක්ෂකයින්ට හොඳ දේ ලබලා දෙන්න මම උත්සාහ කළා.

මගේ පරපුරේ අපේ රංගන ශිල්පී ශිල්පිනියන්ට ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් ලබාදෙන ගමන් රංගනය කියන්නේ මොකක්ද, හදාරන්නේ කොහොමද, වගේම ජීවිතය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. රංගනය කියන්නේ ජීවිතය ගැන හොඳ අධ්‍යාපනයක්. ජීවිතේ බොහෝ දේවල් මම ඉගෙන ගත්තේ මේ රංගනයට ආවට පස්සෙයි. කලාවට ආවට පස්සේ අපි බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ හැමදේටම මුහුණ දෙන්න අපිට ශක්තිය ලැබුණා. ඒනිසාම පසුකාලයේදී ඒ කටුක අත්දැකීම් අපේ ජීවිතවලට අලුත් පාඩම් කියලා දුන්නා. මේ කටුක අත්දැකීම් බොහෝ නිර්මාණවලට පවා උදව් කළා. මේ අවුරුදු විස්ස පුරා  විවිධ හැදෑරීම් කළා.

වර්තමානයේ පවතින කලාව පිළිබඳව සුරාජ් ඉන්නේ කලකිරීමෙන්ද?
ඔව්.. පවතින කලාව අද පහළ වැටිලා තියෙන්නෙත් කලාවේම ඉන්න සමහරු නිසායි. අද කලාවෙන් හරි දේ බොහෝ වෙලාවට ලබලා දෙන්නේ නැහැ. ඉස්සර ටෙලිනාට්‍යවල තියෙන ගුණාත්මක බව දැන් ටිකින් ටික අඩුවෙලා. එදා ඉතා දක්ෂ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ඉතා හොඳ නිර්මාණ කළා. නමුත් වර්තමානයේදී ඇතැම් ටෙලිනාට්‍යවල කිසිම ගුණාත්මක බාවයක් නැහැ. අපි රංගනයෙන් දායකවෙන්න ආසාවෙන් බාරගත්තට ටික දවසක් ගියාට පස්සේ ඒ අලුතින් එකතුවන පිටපත, අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් අනුව ඒ නාට්‍ය රඟපාන්න අපිටම එපාවෙනවා.

කලාව කියන්නේ ප්‍රබල වින්දනයක්. ඒක උදේට රස්සාවට ගිහින් හවසට ගෙදර එන රස්සාවක් නෙමේ. ඒ නිසා අපි කරන දෙයින් හැමකෙනාම තෘප්තියක් ලබනවා. මිනිස්සු අපිත් එක්ක ජීවත් වෙන්න පටන්ගන්නවා. අපිට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ආදරයට මිලක් දෙන්න මම දන්නේ නැහැ. මෑතකදී කරන බොහෝ නිර්මාණ ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. සමහරු මුදල් මත පදනම් කරගෙන කලාව කරගෙන යනවා. සමහරු මේක රස්සාවක් විදිහට විතරක් හිතලා කරගෙන යනවා. අලුත් අයට ප්‍රසිද්ධ වෙන්න විතරයි ඕනේ. නමුත් ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ දෙකක්. හැමවෙලේම අපි රඳාපවතින්නේ මේ මිනිස්සුන්ගේ ආදරය මතයි. ඒ නිසා මේ පවතින වටපිටාවත් එක්ක මගේ තියෙන්නේ කලකිරීමක්.

දේශය





 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top