Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
පාස්කු ප්‍රහාරය ගැන අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව සාක්ෂි ගොනුකරයි - Video

- පාස්කු ප්‍රහාරය ගැන අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව සාක්ෂි ගොනුකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,146 Views
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව අද දින සාක්ෂි ගොනුකරනු ලැබුවා.

ඒ අගරදගුරු හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිල් ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් විසින්.
 

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් මස 21 වැනි දින නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.

අදාළ ජනාධිපති කොමිසමට තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මහජනතාව ලබාදී තිබූ කාලය අදින් අවසන් වුණා.

ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති කොමිසම වෙත පැමිණ ලිඛිත සාක්ෂි ගොනුකරනු ලැබුවා.

එම ලිඛිත සාක්ෂි අතරට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සකස් කළ දිවුරුම් ප්‍රකාශයක්, කටුවපිටිය සහ කොච්චිකඩේ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් ජනතාවගේ තොරතුරු ඇතුළත් ලේඛන සහ ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව සතු ඡායාරූප අන්තර්ගතවනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top