එළඹෙන ජනාධිපතිවරණයේදී මුදල් භාවිතය සහ අලූතින් ඡන්ද පෙට්ටි සකස් කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදියි.
මෙවර ජනාධිපතිවරණය සඳහා දැනට තක්සේරු කර ඇති මුදලට වඩා වැඩි මුදලක් වැය වන බැවින් ඒ පිළිබදව සහ එම මුදල් යොදා ගන්නා ආකාරය පිළිබදව අද කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡා වී තිබෙනවා.
අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රුපියල් කෝටි හාර සියයක් බවට ඇස්තමේන්තු කර තිබූ ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල කෝටි පන්සියය ඉක්මවා යනු ඇති බවටයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මේ අතර, එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 11 කට පමණ ආරාධනා කර තිබෙනවා. ඉන්දියාව සහ කොරියාව ඇතුලූ රටවල් 10 ක නිරීක්ෂකයින් ඊට අයත්.
එමෙන්ම, ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ එම කටයුතු ලබන මස 6 වනදාට පෙර අවසන් කිරීමට නියමිත බවයි.