Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
කාන්තාවන්ට සිදු කළ ලිංගික අපචාර හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිට පුටුව අහිමිවන ලකුණු - Photos

- කාන්තාවන්ට සිදු කළ ලිංගික අපචාර හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිට පුටුව අහිමිවන ලකුණු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,321 Views
චාලට් කියන ඔය කතාවට සම්බන්ධ කෙනා මම නොවෙයි..
චෝදනා පිටුපස ඉන්නේ දේශපාලන ප්‍රතිවාදීන්ලූ...
 
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉතා ආන්දෝලනාත්මක චරිතයකි. මේ දිනවල දේශපාලන වැඩ කටයුතු නිසා පමණක් නොව කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්න වගයක් නිසාද ඔහු මාධ්‍ය තුළ උණුසුම් පුවත් මවන්නකු බවට පත් වී සිටියි.
 
ජොන්සන් ගැන මේ කාලයේ වඩාත්ම කතාබහට ලක්වන්නේ බේ‍රක්සිට් හෙවත් බි්‍රතාන්‍ය යුරෝපා හවුලෙන් වෙන්වීමේ කටයුත්තට අදාළ ඔහුගේ ක්‍රියාකාරකම් නිසා බව රහසක් නොවේ.

නමුත් පසුගිය සතියේ මෙම කටයුතු ගැන යොමුවුණු අවධානයද පරයමින් ඔහුගේ කාන්තා සම්බන්ධතා ගැන අවධානය යොමුවුණු අවස්ථා තිබිණි.
 
මේ අතරින් අලුත්ම සිද්ධිය ලෙස වාර්තා වූයේ මෙයට කලකට පෙර ඔහු සමඟ වැඩ කළ මාධ්‍යවේදිනියක විසින් කරන ලද චෝදනාවක් සම්බන්ධ සිද්ධියකි. චාලට් එඩ්වඩ්ස් නමැති මෙම මාධ්‍යවේදිනිය ඉදිරිපත් කළේ බරපතළ චෝදනාවකි.
 
එනම් දිනක් ඇය බොරිස් සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටියදී ඔහු මේසය යටින් අත දමා තමාගේ කලව ප්‍රදේශයේ ඉතා ඉහළින් මිරිකා ඇල්ලූ බවයි. මෙයින් තමා කෙතරම් වේදනාවට සහ තිගැස්මට පත්වීද යත් තමාට එක් වරම පුටුවෙහි කෙළින් වී හිඳගැනුණු බවද චාලට් සඳහන් කර තිබිණි.
 
චාලට් එඩ්වඩ්ස් පවසන ආකාරයට මෙම සිද්ධිය සිදුව ඇත්තේ 1999 පමණය. ඒ වනවිට ඇය ‘ස්පෙක්ටේටර්’ නමැති සඟරාවකට ලිපි සපයමින් සිට ඇත. මෙම සඟරාව සංස්කරණය කර ඇත්තේ බොරිස් ජොන්සන්ය.
 
ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 35කි. ඉහත කී සිද්ධිය සිදුවන විට චාලට් කෑම මේසයෙහි වාඩි වී සිට ඇත්තේ ජොන්සන් ආසන්නයේම වූ අසුනේය. සිදු වූ දේ ගැන පසුව තමා එහි පැමිණ සිටි තවත් කාන්තාවක සමඟ පැවසූ බවද චාලට් කියයි.
 
එම කාන්තාව වාඩි වී සිට ඇත්තේ ජොන්සන්ට අනෙක් පැත්තේයි. චාලට් තමා මුහුණ දුන් සිද්ධිය ගැන මෙම කාන්තාව සමඟ පැවසූ විට ඇය පවසා ඇත්තේ ඔහු තමාටද ඒ දේම කළ බවයි. චාලට් එඩ්වඩ්ස්ගේ මෙම ප්‍රකාශයත් සමඟ මෙම අනෙක් කාන්තාව කවුද යන්න සම්බන්ධයෙන්ද පසුගිය දිනවල ලොකු කසුකුසුවක් මාධ්‍ය තුළ මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයේද පැතිරෙමින් තිබිණි.
 
ඇය බොරිස්ගේ උපදේශකයකු වන ඩොමිනික් කමින්ස්ගේ බිරිය වන මේරි වේක්ෆීල්ඩ් විය යුතු බවටද කටකතා පැතිරෙමින් තිබූ බැව් පැවසේ. ඇයටද මේ කටකතා ගැන දැනගන්නට ලැබී තිබුණෙන් පසුගිය දිනෙක ඇය මේ ගැන ප්‍රකාශයක් කිරීමට ඉදිරිපත්ව තිබිණි.
 
චාලට් පවසන අනෙක් කාන්තාව තමා නොවන බැව් ඇය එහිදී සඳහන් කර තිබේ. මේරි වේක්ෆීල්ඩ් ඔය කියන කාලයේ ඉහත කී ‘ස්පෙක්ටේටර්’ සඟරාවේ සංස්කරණ මණ්ඩලයේ සිටි අයෙකි. ‘චාලට් කියන ඔය කතාවට සම්බන්ධ කෙනා මම නොවෙයි.’ යනුවෙන් ඇය පවසා තිබිණි.
 
‘බොරිස් හොඳ සංස්කාරකවරයකු ලෙස කටයුතු කළා. ඔය කියන විදියේ කිසි දෙයක් මට නම් කවදාවත් සිද්ධ වෙලා නැහැ. චාලට්ටත් මම හරි කැමැතියි, ඇයටත් මම ගරු කරනවා. නමුත් ඔය වගේ සිද්ධියක් වුණු බවක් ඇය මට කවදාවත් කියල තිබුණෙ නැහැ’ යැයිද මේරි තවදුරටත් පවසා තිබේ.
 
මේ අතර එරට තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනකුද මෙම සිද්ධිය ගැන අදහස් දක්වා තිබිණි. ඒ සමහරුන් චාලට් හඳුන්වා තිබුණේ ඉතා වැදගත්, විශ්වාසදායක කෙනකු ලෙසිනි. මෙම තත්ත්වය තුළ ඇය පවසන්නේ ඇත්තක්ද බොරුවක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ලොකු කුතුහලයක් මතුව තිබෙන ආකාරයක් දැකිය හැකි වේ.
 
කෙසේ නමුත් අගමැතිවරයා නම් මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරයි. මේ ගැන විමසන මාධ්‍යවේදීන්ට ඔහු පවසන්නේ මේ අවස්ථාවේ බි්‍රතාන්‍ය වැසියන් දැනගැනීමට වඩාත් කැමැත්තක් දක්වන්නේ බේ‍රක්සිට් ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිදුවන දේවල් පිළිබඳව බවයි.
 
නොමනා ආකාරයෙන් චාලට් එඩ්වඩ්ස්ගේ සිරුර ස්පර්ශ කිරීම පිළිබඳ මෙම චෝදනාව නැඟෙන්නට දින කිහිපයකට පෙර බොරිස් ජොන්සන්ට එරෙහිව තවත් චෝදනාවක් කරළියට පැමිණ තිබිණි. ඒ එක්තරා ව්‍යාපාරික කාන්තාවක් හා බැඳුණු චෝදනාවකි. මෙහිදී පැවසුණේ ජෙනිෆර් ආකියුරි නමැති මෙම කාන්තාවට අයත් සමාගමකට බොරිස් ජොන්සන් ලන්ඩනයේ නගරාධිපති ලෙස කටයුතු කළ කාලයේ විවිධ වරප්‍රසාද ලබාදී ඇති බවටය.
 
ඇයගේ සමාගම එතරම් කැපී පෙනෙන සමාගමක් නොවන තත්ත්වයක් තිබියදී ද ඇයට විදෙස් ව්‍යාපාරික සමුළු ආදිය සඳහා යෑමට අවස්ථාව ලැබී ඇති බවත් ඇයගේ සමාගමට නොයකුත් මුදල් ප්‍රදානයන් ලැබී ඇති බවත් සඳහන් වේ. ඉහත කී ව්‍යාපාරික සංචාර සඳහා ලන්ඩන් නගරාධිපති ලෙස බොරිස් ජොන්සන්ද සහභාගි වී ඇතැයි පැවසේ. මේ සියල්ල ජෙනිෆර්ට ලැබුණේ ඇය හා ජොන්සන් අතර පැවැති දැනහැඳුනුම්කම නිසා බවට චෝදනා එල්ල වෙයි.
 
තමා සහ බොරිස් අතර ලිංගික ඇසුරක් පැවැති බව ඒ කාලයේ ජෙනිෆර් තම විශ්වාසවන්ත කිහිපදෙනකු සමඟ පවසා ඇති බවක්ද, ඔවුන් ඒ ගැන හෙළිකර ඇති බවක්ද පසුගිය දිනවල බි්‍රතාන්‍ය මාධ්‍ය තුළ පළ විය. කෙසේ නමුත් ජෙනිෆර් පවසන්නේ ඉහත කී වරප්‍රසාද ලබා ගැනීම සඳහා බොරිස් උදවු කළ බවට පළවන සියලු චෝදනා සත්‍යයෙන් තොර බවයි. ඒ සියලු දේ නියමිත, විධිමත් ආකාරයෙන් ලැබුණු දේ බව ඇය පවසයි.
 
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බොරිස් ජොන්සන්ගෙන් විමසූ අවස්ථාවල ඔහුද පිළිතුරු දී ඇත්තේ ඒ ආකාරයෙන්මය. ඔවුන් අතර ලිංගික ඇසුරක් තිබුණාද යන ප්‍රශ්නයට නම් ඔවුන් කෙළින් පිළිතුරක් දී නැති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේ නමුත් බොරිස් ජොන්සන් ජෙනිෆර් ආකියුරි වෙත ඉහත කී ආකාරයෙන් වරප්‍රසාද ලබාදී තිබේද යන්න ගැන විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පදනමක් තිබේදැයි සොයා බැලීමට එක්තරා රජයේ ආයතනයකට භාරදී ඇති බවද වාර්තා වේ.
 
කෙසේ හෝ වේවා, බේ‍රක්සිට් ක්‍රියාදාමයට අදාළ බොරිස් ජොන්සන්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ දේශපාලන ප්‍රතිවාදීන් විශාල පිරිසක් මේ වනවිට අගමැතිවරයාට සිටියි. බොරිස් ජොන්සන් පවසන්නේ තමුන්ට එරෙහිව එල්ල වන ඇතැම් චෝදනා පිටුපස මේ ප්‍රතිවාදීන්ගේ දේශපාලන අරමුණු සැඟවී පවතින බවයි.
 
සනත් වික්‍රමගේ
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top