Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
වතුකරයේ ඉල්ලීම් 32කට ගෝඨාභය විසඳුම් දෙයි - තොණ්ඩමන්ගේ සහය ස්ථිර කරමින් අද පැවසූ දේ මෙන්න - Video

- වතුකරයේ ඉල්ලීම් 32කට ගෝඨාභය විසඳුම් දෙයි - තොණ්ඩමන්ගේ සහය ස්ථිර කරමින් අද පැවසූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,997 Views
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට ලංකා කම්කරු කොංග්‍රසය අද තීරණය කළා.

අදාළ තීරණය ප්‍රකාශයට පත් කළේ, අද පෙරවරුවේ රැස්වූ ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ ජාතික සභාවේදීයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව පක්ෂ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ හැටන්, කොටගල පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි.

ඊට දිවයිනේ ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් එම පක්ෂයේ ජාතික සභා සාමාජිකයින් 300 කට අධික පිරිසක් එක්ව සිටියා.
 

අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය ප්‍රකාශයට පත් කළේ, පක්ෂ නායක ආරුමගම් තොන්ඩමන් මහතායි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක - ආරුමගන් තොන්ඩමන්
"ලංකා කම්කරු කොංග්‍රසයේ පාලක සභාව සහ ජාතික සභාව ඒකමතිකව තීරණයකට ඇවිල්ලා තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන්න. අත්පුඩි ගහල සතුට පළකරන්න ඕන දැන් නෙවෙයි 17 වැනිදා. ඔබ සියලු දෙනාටම වගකීමක් තියෙනවා සම්පූර්ණයෙන්ම කැපවෙලා මේ දිස්ක්‍රික්කයේ ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න. එතකොට තමයි අපිට ගෞරවයක් හිමිවන්නේ. ලබන සතිය තුළ අපි එකඟතාවකට එන්න බලාපොරොත්තු වෙනවා, ඒත් ඊට පෙර අපි අපේ කාර්ය භාරය පටන් ගන්න ඕන. මේ උද්වේගය අඛණ්ඩව පවත්වා ගතහොත් 17 වැනිදාට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබේවි. මේ දිස්ත්‍රික්කයත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නවා. ඒ ජයග්‍රහණයේ පළමුවෙනි පාර්ශ්වය වන්නේ ලංකා කම්කරු කොංග්‍රසයයි. ඒ නිසා දැන් සිටම ඒ සඳහා කටයුතු කරමු".

අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක - ආරුමගන් තොන්ඩමන්
"ජනාධිපතිවරණය සම්බන්ධව සෙසු පක්ෂ සමග සාකච්ඡා කරලා සෙන්දිල් තොණ්ඩමාන් සහ රාමේෂ්වරන් යන මහත්වරුන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව සළකා බලා ජාතික සභාව ඒකමතිකව තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරන්න".

ප්‍රශ්න
ඔබ ඉදිරිපත් කළ ඉල්ලීම් මොනවද..?
"අපේ ඉල්ලීම් 32 කට ඔවුන් එකඟතාව පළකරලා තිබෙනවා. ඒවා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන බවත් අපට කියල තිබෙනවා. ඒත් සමග ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී යම් කාලසීමාවක් තුළ අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමටත් එකඟ වුණා".
එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කළාද..?
"සෙන්දිල් සහ රමේෂ්වරන් තමයි ඒ සාකච්ඡාව කළේ. ඒ පිළිබඳවත් පක්ෂයට වාර්තා කළා".
ගෝඨා භය රාජපක්ෂට සහය පළකිරීමට හේතුව කුමක්ද..?
"ජාතික සභාවට මෙයාලා ඉදිරිපත් වූ වාර්තාව සහ අපේ ඉල්ලීම් 32 අනුව තමයි මෙම තීරණයට ආවේ".

මේ අතර, වතු කම්කරුවන් රැසක් සාමාජිකත්වය දරන අරුණ ජනතා පෙරමුණ ද අද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top