කරීනා කපූර් බොලිවුඩ් සිනමාවේ දිදුලන රැජිනක්. 2013 වසරේ ඇය අති සාර්ථක වුනේ වාර්ථා තබමින්. ඒ නිසාම වෙළඳ දැන්වීම් වල පෙනී සිටීමට අයකරන මිල ඉතා අධීක පරාසයක සිටින කරීනා තම වෙළඳ නිර්මාණ වලට යොදා ගැනීමට නිෂ්පාදකයින් කිසි සේත් මැළි නොවන්නේ ඇය කෙරෙහි සිනමා ලෝලීන්ගේ ඇති ආකර්ශනය හා හැම අතින්ම ඇති හැකියාව නිසයි.
නමුත් බොලිවුඩයෙන් ලැබෙන නවතම ආරංචිය අනුව කරීනා කපූර් මෙම අය කරන මුදල ගනන් බස්සවා ඇති අයුරක් දක්නට ලැබේ. මෙය දැන් බොහෝ සෙයින් කථා බහට ලක් වෙන්නට පටන් අරන්. "ඇයි කරීනා ගන්න බැස්සුවේ....වැඩ අඩු වෙලාද? " හැම කෙනාම කථා බහ කරන්නට වුනා.
ඒකට හේතුව මෙන්න මේකයි...
ඉනදියාවේ ප්‍රසිද්ධ GREEN TEA සමාගමක වෙළඳ දැන්වීමක පෙනී සිටීමට පසුගියදා කරීනා එකඟ වුනා. ඒ ඉන්දියානු රුපියල් කොටි තුනකට.
මේ පිළිබඳව සමාගම් ප්‍රකාශකයෙක් පවසන්නේ කරීනා සමඟ පසුගිය සති කිහිපය පුරා සාකච්ඡා පවත්වා ඇය ඉල්ලූ පරිදි ඉන්දියානු රුපියල් කොටි තුනකට ගණුදෙනුව අහවර කළ බවයි. මින් පෙර කරීනා මෙවැනි වෙළඳ දැන්වීමක පෙනී සිටීමට ඉන්දියානු රුපියල් කොටි හතරක් පමණ අය කළ නමුත් මෙම ගිවිස ගැනීම කාටත් ප්‍රෙහ්ළිකාවක් වෙලා.
කරීනාගේ ප්‍රකාශකයෙක් මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක් -
"කරීනා ගනන් බස්සවලවත් අසාර්ථක වෙලාවත් නෑ... ඇය දැන්වීමක පෙනී සිටීමට ගනන් තැබීම රඳා පවතින්නේ එම භාණ්ඩය හෝ සේවාව මෙන්ම සමාගම අනුවයි... ඉතින් ශරීර සුවතාවයට මනා ප්‍රිය වු ඇය GREEN TEA සමාගමක වෙළඳ දැන්වීමක පෙනී සිටීමට කැමති ඇති......"