Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
"මාව කපලා වළ දානවා කියලා බැනලා මරණ තර්ජනය කළා.." - ගුරුකන්ද රජමහා විහාරයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා තරුණයෙකුට කළ තර්ජනය - Video

- "මාව කපලා වළ දානවා කියලා බැනලා මරණ තර්ජනය කළා.." - ගුරුකන්ද රජමහා විහාරයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා තරුණයෙකුට කළ තර්ජනය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,988 Views
"අපි බලු කිරි බීලා හැදුණේ නැහැ. අපිත් මව්කිරි බීලා හැදුණේ.."
ෆොටෝ ගහන්න එපා ඔයා එතන. ෆොටෝ මොකටද ගහන්නේ ඔයා...
එයාලත් පන්සල වීඩියෝ කරන්නේ... එයාලටත් එපා කියන්න...
 
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ රැඳී සිටි තරුණයෙකුට තර්ජනය කර පහරදීමට තැත් කර තිබෙනවා.
 
දායක සභාව චෝදනා කරන්නේ විහාරාධිපති හිමි බැහැරව සිටි අවස්ථාවක මෙම පිරිස විහාර භූමියේ තාවකාලික මඩුවක් ඉදිකිරීමට සූදානම්වූ බවයි.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරායේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමිගේ අපවත් වීම හේතුවෙන් විහාර භූමියේ ඇති කෝවිල් පරිශ්‍රය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසක් එහි පූජාවක් සූදානම් කර තිබෙනවා.
 
ඒ සඳහා විහාර භූමියේ තාවකාලික මඩුවක් ඉදිකිරීමට ඔවුන් කටයුතු කළා.
 
කෙසේ වෙතත් මෙම ඉදිකිරීම් සිදුවන අවස්ථාවේදී ගුරුකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය මිහිඳුපුර රතන දේවකික්ති හිමියන් විහාරස්ථානයේ රැදී සිට නැහැ.
 
දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා ඇතුළු මඩුව ඉදිකිරීමට පැමිණි පිරිස විහාරය රැක බලාගැනීමට රැඳී සිටි කැලුම් බණ්ඩාර නම් තරුණායට තර්ජනය කර පහරදීමට උත්සාහ කර තිබුණා.
 
"පන්සලේ භාරකාරයා වශයෙන් මට නායක ස්වාමීන්වහන්සේට මෙතන දේවල් දැනුම් දෙන්න අවශ්‍ය නිසා ඡායාරූප හා වීඩියෝ පට මම ගනිමින් සිටියා. එම අවස්ථාවේදී රවිහරන් මන්ත්‍රීතුමා ඇතුළු 25-30 ක් පිරිසක් පැමිණ මට මරණ තර්ජනය කර පහර දෙන්න තැත් කළා. ඊයෙත් බැකෝ යන්ත්‍රයක් ගෙනල්ලා කැණීම් කරන අවස්ථාවේදී එතනට මම ගිහිල්ලා බලද්දී එතනදීත් මාව කපලා වළ දානවා කියලා දෙමළෙන් බැණවැදිලා මරණ තර්ජනය කළා..."
 
මේ අතර මුලතිව්, කෝකිලායි, කොක්කුතුඩුවායි හි කුරුළු අභයභූමිය හා කඩොලාන කැළෑවට අයත් ප්‍රදේශය කිසියම් පිරිසක් විසින් හෙළි කිරීමට විරෝධය පළ කරමින් ජනකපුර ප්‍රදේශවාසීන් පිරිසක් මුලතිව් වැලිඔය මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා.
 
ඔවුන් පවසන්නේ මහවැලි එච් කලාපයේ නිලධාරීන් මුලතිව් වනජීවි නිලධාරීන් හා වනසංරක්ෂණ නිලධාරීන් මෙන්ම දිසාපති කාර්යාලයේ නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවයි.
 
කෙසේ වෙතත් මුලතිව් වන ජීවි අඩවි වන නිලධාරී හේමජිත් මනුප්‍රිය සදහන් කළේ හෙළි පෙහෙළි කළ ප්‍රදේශය තම දෙපාර්තමේන්තුවට අයත් කොටසක් නොවන බවයි.
 
"වෙල්ලමුල්ලි වෛකාල්වල ඩෝසර්කාරයෙක්, මුදලාලි කෙනෙක්. මේකේ ඩෝසර් කරන්න දීලා. පොඩි සල්ලි කාරයෙක්ද කියන්නකෝ සර්... අර NGO එකක කොහොම සම්බන්ධයක් තියෙන මිනිහෙක්ද කියන්නකෝ..."
 
මේ අතර විරෝධතාකරුවන් මෙම හෙළි කිරීමට ප්‍රදේශයේ දෙමළ දේශපාලනඥයින්ගේ අනුග්‍රහය ලැබෙන බවටද චෝදනා කරනවා.
 
"රෑ 10 ට ඇවිල්ලා හාමුදුරුවෝ එක්ක කතා කරන්න ඕනෑ කියනවා. හාමුදුරුවෝ එක්ක මොනවා කතා කරන්නද? මේක මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයක්නේ."

කොක්කුතුඩුවායි ප්‍රදේශයේ භූමිය මෙලෙස හෙළි කිරීම සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් සිදු කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top