උපුල් කියන්නේ සාමාන්‍ය පවුලක කොල්ලෙක්. ඒත් උපුල්ට සිද්ධ වෙන දේ ටිකක් අසාමන්‍ය සහ ඇදහිය නොහැකි දෙයක්.
උපුල්ට හිටියේ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. ඔහුගේ අතිජාත මිත්‍රයා වුණේ තරිඳු. නිපුනි කියන්නේ ඔහුගේ පාසල් පෙම්වතිය.
කාලයක් ගිහින් රස්සාවක් නැතුව නිකරුනේ කල් ගත කරපු උපුල්ට 'කොමිනිකේෂන්' එකක 'දුරකථන අලුත්වැඩියා' කරන රැකියාවක් ලැබෙනවා.
උපුල්ට මාලනිව හම්බවෙන්නේ මේ රැකියාව කරන අතරතුරයි. මාලනී උපුල්ව මුණ ගැහෙන්නේ තමන්ගේ දුරකථනයේ දෝෂයක් ගැන කියන ගමන්. ඉතින් ඒක හැකි ඉක්මනින් හදලා දෙන්න උපුල් පොරොන්දු වෙනවා. මාලනිගේ දුරකථනය ගැඹුරටම පරීක්ෂා කරන උපුල්ට ඇය අසභ්‍ය චිත්‍රපටි එහෙම නැත්තම් 'පෝර්න්' වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා කියලා තේරුම් යනවා.
මේක තමන්ට ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා උපුල්ට හිතුණේ ඒ වෙනකොටත් මාලනීගෙන් අමුතුම ඇල්මක් බැල්මක් තමන්ට යොමු වෙන බව දැන දැනමයි. මාලනිගේ සැමියා හිටියේ විදෙස්ගත වෙලා. සැමියා ළඟක නැති නිසාම මාලනිට පාළුවත් තනිකමත් ඊටත් වඩා පිරිමියෙකුගේ පහසක අඩුවත් අප්‍රමාණව දැනෙන්න ඇති.
කොහොම වුණත්... දුරකථන අලුත්වැඩියාවකින් පටන්ගත්ත මේ සම්බන්ධකම දුර දිග යන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නැහැ. මාලනිගේ ෆ්ලැට් එක තිබුණේ උපුල්ගේ කොමිනිකේෂන් එක ළඟමයි. ඒ නිසාම නිතර නිතර මාලනීව මුණ ගැහෙන එක උපුල්ට පුරුද්දට ගියා. ඒ දෙන්නා ලිංගිකව සතුටු වුණා. ඒ හැම මොහොතකම මාලනී ඒ දෙන්නාගේ අසැබි හැසීරිම් දුරකථනයෙන් වීඩියෝ කරන්න පුරුදු උනා.
මුලින් අමුත්තක් දැණුනත්, මේ දේ බොහෝම අවදානම් කියලා කල් යද්දි උපුල්ට තේරෙන්න ගත්තා. ඒත්.... උපුල් කොයි තරම් ඇවිටිලි කළත්.. මාලනී විඩියෝ කරන පුරුද්ද අත ඇරියේ නැහැ.
කාලයක් ගිහින් මාලනිගේ සැමියා රට ඉඳන් ආවා. සැමියාගේ පැමිණිම නිසා සම්බන්ධය නවතීවි කියලා හිතුවත් ඒක එහෙම වුණේ නැහැ. සැමියා නැති හැම වෙලාවෙම මාලනී, උපුල්ට ගෙදරට ගෙන්නගෙන සතුටු වුණා. ඒත් උපුල් නොදැන හිටපු යමක් තිබුණා. මේ හැමදේම මාලනීගේ සැමියා බලන් හිටියා. ඔහු තමන්ගේ බිරිඳ වෙන පිරිමින් සමඟ යහන්ගත වෙනවා බලාගෙන අමුතුම ආශ්වාදයක් ලැබුවා.
මේ ගැන උපුල් හරියටම දැනගන්නේ දවසක් මාලනිගේ සැමියා ඔහුගේ දුරකථනයේ අවුලක් ගැන කියමින් ඒක අලුත්වැඩියා කරන්න උපුල්ට ලබා දුන්නම යි. තමන්ගෙත් මාලනීගෙත් අසැබි වීඩියෝ ගබඩාවක් මාලනිගේ සැමියාගේ දුරකථනයේ තිබිලා උපුල්ට හම්බවෙනවා.
මේ හැම සිදුවීමක් අතරතුර උපුල්ගේ පාසල් ප්‍රේමය වුණු නිපුනිත් උපුල්ව දාලා යනවා. ඒ මොකද ඒ වෙද්දිත් මාලනිගෙත්, උපුල්ගෙත් සම්බන්ධය කාටවත් රහසක් වුණේ නැහැ. උපුල් විතරක්ම නෙවෙයි, මාලනිගේ පහස පතාගෙන තවත් පිරිමි බොහෝ දෙනෙක් එන යන බව උපුල් දැනගන්නවා.
උපුල්ට ආපසු හැරෙන්න පුළුවන්කම තිබුණා වුණත් ඒ වෙද්දිත් තමන්ගේ ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් එක්ක මාලනී නිසා තමන් සමාජ රෝගයකට ගොදුරු වුණු බව උපුල් දැනගන්නවා.
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
උපුල්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්... VIDEO