Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
දොඩම් ගොඩ බදා ගත්තා වගේ හැම දේම බදාගෙන එකක්වත් හරියට කරන්න බැරි බව මම අත්දැකීමෙන් දන්නවා - නිරෝෂා තලගල - Photos

- දොඩම් ගොඩ බදා ගත්තා වගේ හැම දේම බදාගෙන එකක්වත් හරියට කරන්න බැරි බව මම අත්දැකීමෙන් දන්නවා - නිරෝෂා තලගල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,779 Views
මාත් එක්කම රංගනයට ආපු බොහෝ දෙනෙක් අතරමඟ නතර වුණා......

හැම දේටම වඩා ආත්මගරුත්වය වටිනවා......

නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා දිගු ගමනක් පැමිණ තිබෙනවා. පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන්ද ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබාගත් ඇය වෙන කිසිවෙකු නොව ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝෂා තලගලයි.

නර්තනයට දැක්වූ දක්ෂතා නිසාවෙන් රංගනයට දොරගුළු විවර වූ කතාව ඇත්තක්ද?

ඔව්. මම රංගනයට පිවිසෙන්නේ 2008 දී. මට ඒ අවස්ථාව උදා වෙන්නේ මගේ සැමියා නිසා. මම රඟපානවා බලන්න ඔහුට ලොකු කැමැත්තක් තිබුණා.

ඊට පසුව ඔබට දිගටම රංගන අවස්ථාවන් උදාවෙනවා?

ටෙලි නාට්‍ය රැසක එක දිගට රංගගත වීමට මට අවස්ථාව උදා වුණා.

ඔබ නිරූපිත චරිත ප්‍රේක්ෂකයින් අතරට ගියේ කුමනාකාරයෙන්ද?

කියන්න සතුටුයි. මට ලැබුණු චරිත එකිනෙකට වෙනස් වූ චරිත වුණා. වඩාත්ම සතුටට කරුණ වුණේ මේ හැම චරිතයක්ම ප්‍රේක්ෂකයින් අතර කතා බහට නතුවූ චරිත වීම. හැබැයි මම කිසිදු චරිතයක් වෙනුවෙන් කොටු වුණේ නෑ.

ඒ කියන්නේ කැමැත්තෙන්ම සිටි චරිත ලැබුණා කියන එකද?

නැහැ. මම ආශාවෙන් හිටියේ මගේ නර්ථන හැකියාවත් සමග රංගන හැකියාවත් නිරූපණය කළ හැකි චරිත. නමුත් ඒ වගේ චරිතයක් තවම ලැබුණේ නෑ.

බලාපොරොත්තු වූ චරිත නොලැබුණත් ඔබ කළ රංගනයන් වෙනුවෙන් සම්මානිත වෙනවා?

ඔව් නේ. මම පසුගිය වසරේදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. මම කැමැතියි ජනප්‍රිය නිළිය වීමට වඩා හොඳම නිළිය වීමට. මම කවදා හෝ ඒ සිහිනය ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නියක් කීවොත් නිවැරදියි. හැබැයි ඒ වෙනුවෙන් රංගගත වීමට සරිලන පිටපතක් ලැබුණොත් මගේ අභිප්‍රාය මුදුන්පත් කර ගැනීම අභියෝගයක් නෙවෙයි.

මෙගා ටෙලි නාට්‍යයන්හි එක දිගට රංග ගත වීම අපේ ශිල්පීන්ට යම් අපහසුවක් ඇති කරවන්නක් බව කියවෙනවා. ඒ ගැන ඔබේ අදහස?

මම රංගනය පටන් ගන්නෙත් මෙගා ගණයේ ටෙලියක රංගගත වෙමින්. නමුත් මා කවදාවත් ඒ තුළම සිරව සිටියේ නෑ. මෙගා රැල්ලෙන් මිදී වැඩ කිරීමේදී අපේ ප්‍රේක්ෂකයාට රංගනය හරහා වැඩි දෙයක් ලබා දිය හැකියි කියන දේ මා විශ්වාස කරන්නක්. වැඩ තෝරා බේරා ගැනීමෙනුත් රංගනයට සාර්ථක දායකත්වයක් ලබාදිය හැකියි. කොහොමටත් දොඩම් ගොඩ බදා ගත්තා වගේ හැම දේම බදාගෙන එකක්වත් හරියට කරන්න බැරි බව මම අත්දැකීමෙන් දන්නවා.

සිනමාව වෙනුවෙන් කළ කී දෑ පිළිබඳව ඔබේ දැක්ම කුමනාකාරද?

චිත්‍රපට අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් මහතාගේ ‘හැට හතර මායම්’ හිදී මා ප්‍රධාන චරිතයට ජීවය මුසු කළා.

නිරූපණය කළා. ඒ වගේම ‘ඩී.එස්. චිත්‍රපටයේදීත් මා සැලකිය යුතු චරිත නිරූපණයක යෙදුණා. ප්‍රවීණ කලා ශිල්පී මිචෙල් ෆොන්සේකාගේ නවතම චිත්‍රපටය වන ‘නිම් හිම්’ හීදී මා නිරූපණය කළේ සමාජය සමග ගැටෙමින් යන තවත් අපූරු චරිතයක්. මම මේ චරිතය ගැනත් විශාල බලාපොරොත්තුවක් තියනවා.

ඔබ වේදිකාව සමග සිදු කළ ගනුදෙනුව ප්‍රමාණවත් නෑ කිියලයි මට හිතෙන්නේ?

ඔව්. මම ඔබ සමග ඒකට එකඟයි. නමුත් මට රංගනයට සහ නර්තනයට වෙන් කළ කාලයම වේදිකාව වෙනුවෙන් මිඩංගු කිරීමට හැකියාවක් තිබුණේ නෑ. ඒකෙන් කියවෙන්නේ මම වේදිකාවට එතරම් කැමැත්තක් නෑ කියන එක නෙවී. මම වේදිකාවට පිවිසුණු මුල් කාලයේ බන්දුල විතානගේ මහතාගේ ‘රාත්‍රි භෝජනය’ සහ ගාමිණි එස් බණ්ඩාර මහතාගේ ‘නිකරුණේ ගැවසීම තහනම්’ නම් වූ නාටක වෙනුවෙන් රංග ගත වුණා. ඊට පසුව මට හුඟක් ආරාධනා ලැබුණා. නමුත් ඒ අවස්ථාවන් අතහරින්න වුණේ කලින් කියපු කාරණා නිසාවෙන්. ඇත්තටම වේදිකාව කියන්නේ මම හරිම ආස තැනකට.
 
ඔබ රංගනයේදී සීමා මායිම් දමා ගනිමින් සිටින්නියක්දැයි මා විමසුවොත්?

එකෙන්ම ඔව්. මම රංගනයේදී සීමා මායිම් දමාගෙන සිටින්නේ මගේ ආත්ම ගෞරවය ගැනත් කල්පනා කරමින්. 
ඒ නිසා ලැබෙන හැම චරිතයම කරන්න යන්නේ නෑ. මගේ කලා ගමන මම බොහොම හෙමින් ආවෙත් මේ නිසා වෙන්න ඇති. රංගනය වගේම මගේ ඇඳුම් පැළඳුම් වුණත් යම් කිසි සීමාවක සිට තමයි කරන්නේ. සමහරු සම්මාන බලාගෙන සීමාවන්ගෙන් පිට ගමන් කරන බවක් පෙන්වනවා. නමුත් මට එහෙම බෑ. මගේ සීමාව සලකුණු කරගෙන තිබෙන්නේ මා විසින්මයි. හැම දේටම වඩා ආත්මගරුත්වය වටිනවා කියන එක මම ඉහළින්ම විශ්වාස කරන්නක්. මට ලොකුත් අන්න ඒ දේ විතරයි. එදා මාත් එක්කම රංගනයට ආපු බොහෝ දෙනෙක් අතරමඟ නතර වුණා. මේ ගමන දිගටම යන්න නම් හැකියාව වගේම වාසනාවත් තිබිය යුතුයි. ලස්සන විතරක් තිබුණට ඒක රංගනයට ආභරණයක් වෙන්නේ නෑනේ. හැකියාව නැතිව වැඩකාරයෝ වගේ හැසිරෙන බොරුකාරයන්ට කලාව ඇතුලේ පැවැත්මක් නෑ. මට ඒ අය ගැන අවංකවම දුකයි. අපේ රංගන පරපුරේ බොහෝ පිරිස් ඒ තැනට පත් කරන්නේ නාලිකාවන් විසින්. මම බලාපොරොත්තු වුණු තැන්වලදී ඇගයීම් ලැබුණා. ඉතිං නොලැබුණු දේට වඩා ලැබුණු දේට සතුටු වෙන්න මට අද හැකියාව තිබෙනවා. ඒක කලාකාරිනියක ලෙස මට ලොකු සතුටක්.

විවාහයත් සමග රංගනයෙන් ඈත්ව සිටි ඔබ නැවත කලාව සමග යනෙන ගමන වේගවත් කිරීමේ අරමුණෙන් පසුවන බව පැවසුවා?

ඔව්. මට රංගනය සමග යන ගමනට හැමදාම උපකාර කළේ නිදහස ලබාදුන්නේ මගේ සැමියා. අපි දෙන්නා තුළ හොඳ අවබෝධයක් තියෙනවා. අපේ ආදර කතාවත් පාසල් සමය දක්වා දිව යන්නක්. ඊට පස්සේ හැමෝගේම ආශිර්වාදයෙන් අපි විවාහ වුණා. ඔහු අසේල ප්‍රියදර්ශන. ව්‍යාපාරිකයෙක්. අපේ දියණිය ඕජී ඖරංගනාට තාම මාස තුනයි. දුව නිසා තමයි මගේ කලා ගමන ටිකක් නතර වුණේ. නමුත් මේ වසරේ අවසානයේ සිට කලාව සමග යන මගේ සුපුරුදු ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ඩාන්සින් ඇකඩමිය වන ‘යූ’ හරහා භරත නාට්‍යම් සහ උඩරට නර්තනයන් පිළිබඳව ගුරුහරුකම් ලබා දෙමින් හෙට දිනයට දක්ෂ යහපත් නර්තන පරපුරක් බිහි කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

"දිවයින"
සුජීව තත්සර


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top