Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
මෙක්සිකෝවේ මිනිසුන් පිරිසක් පොරොන්දු කඩ කළ නගරාධිපතිවරයෙකුට සැලකූ හැටි - Photos

- මෙක්සිකෝවේ මිනිසුන් පිරිසක් පොරොන්දු කඩ කළ නගරාධිපතිවරයෙකුට සැලකූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,518 Views
සිය නගරාධිපතිවරයා කාර්යාලයෙන් පිටතට ගෙනැවිත් ට්‍රක් රියක ගැටගසා මාර්ගයක් ඔස්සේ ඇදගෙන ගිය දකුණු මෙක්සිකෝවේ ගම්වැසියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මැදිහත්ව බේරාගන්නා ලද ජෝර්ජ් ලුයී එස්කැන්ඩොන් හර්නැන්ඩස් (Jorge Luis Escandón Hernández) නම් වූ එම නගරාධිපතිවරයාට බලපතල තුවාල සිදුවී නැත.

ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙස බල කරමින් ගොවීන් විසින් ඔහුට එල්ල කරන ලද දෙවැනි ප්‍රහාරය මෙය වේ.

මේ සිද්ධිය වාර්තා වූ මෙක්සිකෝවේ චියාපාස් (Chiapas) ප්‍රාන්තයේ ගම්මානය වෙතට අතිරේක ආරක්ෂක නිලධාරීන් යොමු කෙරිණි.

සිය අපරාධ වැඩපිළිවෙලට සහයදීම ප්‍රතික්ෂේප කරන නගරාධිපතිවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය කල්ලිවල ඉලක්ක බවට පත්වීම නිතර අසන්නට ලැබුණද තමන්ගේ මැතිවරණ පොරොන්දුවලට අදාළව එවැන්නන් ප්‍රහාරවලට ලක්වීමේ අවස්ථා එතරම් සුලබ නොවේ.

තමන් පැහැරගැනීම හා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන බව ප්‍රහාරයට ලක්වූ නගරාධිපති එස්කැන්ඩොන් ප්‍රකාශ කළේය.

නගරාධිපතිවරයා ඔහුගේ කාර්යාල ගොඩනැගිල්ලෙන් එළියට ඇදගෙන ආ පිරිසක් ඔහු රථයක් පසුපසට බලහත්කාරයෙන් ගෙන යන අයුරු එම කාර්යාලයෙන් පිටත මාර්ගයේ රැඳී සිටි පුද්ගලයින් විසින් වීඩියෝගත කරනු ලැබ තිබුණි.

පසුව ලබාගත් සීසීටීවී දර්ශනවලින් දැක්වුණේ, නගරාධිපතිවරයාගේ දෑත කඹයකින් ගැටගසන ලදුව ට්‍රක් රියකින් සැන්ටා රීටා හි මාවත් දිගේ ඇදගෙන යන අයුරු ය.

නාගරික පොලිසිය විසින් ට්‍රක් රිය නවතා නගරාධිපතිවරයා බේරාගනු ලැබිණි. නගරාධිපතිවරයා පැහැරගත් පිරිස හා පොලිසිය අතර ගැටුමේදී කිහිපදෙනෙකු තුවාල ලැබූහ.

මීට මාස හතරකට පෙර, නගරාධිපතිවරයා සොයා පැමිණි පිරිසකට ඔහු මුණ ගැසීමට නොහැකි වූ බැවින් කාර්යාලයට පහර දී තිබිණි.

ලස් මාගරිටාස් හි නගරාධිපතිවරණයට ලංවද්දී, ප්‍රතිවාදී අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් සමග හටගත් ගැටුමකට සම්බන්ධවීම හේතුවෙන් එස්කැන්ඩොන් අත්අඩංගුවට ද පත් විය.

සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුව ඔහු නිදහස් කෙරිණ.

"BBC සිංහල"

 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top