Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"එහෙනම් ඔයා දන්නවනේ, අපිට හොඳට සැලකුවොත් අපිත් හොඳට සලකනවා කියලා.." - සුරූපී තරුණියන් පිරිවරාගත් සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ පොලීසියේ අමුතු මෙහෙයුම

- "එහෙනම් ඔයා දන්නවනේ, අපිට හොඳට සැලකුවොත් අපිත් හොඳට සලකනවා කියලා.." - සුරූපී තරුණියන් පිරිවරාගත් සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ පොලීසියේ අමුතු මෙහෙයුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,923 Views
"ලස්සන කෙල්ලෝ ඉන්නවා, සර්ට කැමති කෙනෙක් තෝරගන්න.."
"මම වෙන ස්පා වලට ගිහින් තියනවා. ඒත් මෙතනට ආපු පළවැනි වතාව..."
 
කුමාර පොලිස් කොස්තාපල්වරයෙක්. එහෙත් කිසිවකුටත් ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස සිතිය නොහැකියි. මුහුණ පුරා රැවුල වවාගත් ඔහු හැඩි දැඩි අයෙකු වුණා. පසුගියදා ඔහු සිය මිතුරකු සමඟ ප්‍රදේශයේ 'ස්පා' ආයතනයකට ගියා.
 
මෙම ආයතනයේ ලස්සන කෙල්ලන් සිටින බව මීට සතියකට පෙර කුමාරට දැනගන්නට ලැබුණා. ඒ අනුව ඔහු ගියේ ඇඟේ පතේ අමාරුව යන්නත් එක්ක මසාජ් එකක් දමා ගැනීමේ අදහසිනුයි.
 
"එන්න.."

ස්පා එකට ඇතුළු වත්ම ඔහු පිළිගත්තේ කාන්තාවක්. ඇය හැඳ සිටියේ මල් වැටුණු සාරියක්.
 
"කීයද ගාන..?"
 
"රුපියල් දාහයි..."
 
"ලස්සන ළමයි ඉන්නවද?"
 
"ඉන්නවා සර්.. එන්නකෝ පෙන්නන්න..."
 
ඇය කුමාර හා මිතුරා ආයතනය තුළට රැගෙන ගියා. එහි කාමරයක් තුළ සුරූපී තරුණියක් කිහිප දෙනෙක්ම සිටියා. කුමාරගේ දෙනෙත් ඒ මේ අත ගියා.
 
"සර්ට කැමති කෙනෙක් තෝරගන්න.."
 
කුමාර කැඳවාගෙන ආ කාන්තාව ඔහුට කීවා.
 
කුමාර එහි සිටි තරුණියන් සියල්ලන් දෙසම දෙනෙක් කරකවමින් බැලුවා. ඉන් බොහෝ දෙනෙක් සිටියේ මුහුණු පුරා තැවරූ මේක්අප් සමඟයි. ලාබාල යුවතියන්ද ඒ අතර වුණා.
 
මැදිවියේ කාන්තාවක්ද එහි වුණා.
 
"මෙයා හොඳයි.."
 
කුමාරි කීවේ එතැන සිටි ළාබාලතම තරුණිය තෝරාගෙනයි.
 
"වසන්ති ඔයා එන්න.."
 
තෝරාගත් තරුණිය සමඟ කුමාර ඒ අසළ වූ කාමරයක් අසළට ගියේ ය. සැණෙකින් ඇය තුවායක් හා කුඩා සබන් කැටයක් අතැතිව ආවා.
 
"ඔයා මීට ඉස්සල්ලත් මෙහෙට ඇවිත් තියනවද?" ඇය කතාවට මුල පිරුවා.
 
"අනේ නැහැ මම ප්‍රස්ට් ටයිම්..."
 
"බොරු කියන්න එපා.."
 
"මම මොකටද ඔයාට ඔයාට බොරු කියන්නේ... මම වෙන ස්පා වලට ගිහින් තියනවා. ඒත් මෙතනට ආපු පළවැනි වතාව..."
 
"එහෙනම් ඔයා දන්නවනේ.."
 
"ඒ මොකද්ද?"
 
"අපිට හොඳට සැලකුවොත් අපිත් හොඳට සලකනවා කියලා.."
 
"ඔව්.. ඔව්.."
 
ඉන් අනතුරුව ඇය කුමාරට ගණන් හිලව් කීවා. කුමාර එයට කැමැත්ත පළ කොට රුපියල් දාහේ නෝට්ටු දෙක ඇය අත තැබුවා. ඇය ඉන් සතුටින් ඉපිලුණා.
 
"අද උදේ ඉඳන් වැඩක් තිබ්බේ නෑ. ඔයා තමයි මගේ ප්‍රස්ට් කස්ටමර්.."
 
එසේ කී ඇය කුමාර සමඟ යහන්ගත වීමට සුදානම් වුණා.
 
ඒ සමඟම ඇයටත් නොදැනෙන්නට කුමාර ගැසූ 'මිස් කෝල්' එකක් සමඟ පිරිසක් ස්පා ආයතනයට කඩා වැදුණා.
 
"දුවන්න එපා අපි පොලීසියෙන්..."
 
ආයතනයේ රැඳි සිටි කෙල්ලන් මේ පිරිස දැක බිය බිරාන්ත වුණා.
 
"ඇයි සර් මේ.. අපි මොන වරදක් කළාටද?" කාමරයේ සිටි තරුණීයන් ඇසුවා.
 
නිලධාරියෙකු කුමාර සිටි කාමරයට කඩා වැදුණා. ඒ වන විටත් කුමාර සමඟ කාමරයේ සිටි යුවතිය සිටියේ අඩ නිරුවතින්.
 
"මෙහාට එනවා අපි පොලීසියෙන්.."
 
"අනේ සර්..."
 
ඇය එලෙස හඬා වැටුණා.
 
"ඉක්මනට ඔය ඇඳුම දාගෙන එනවා.." නිලධාරියා ඇයට කිව්වා. කුමාර ද ඊට එකඟ වී කාමරයෙන් පිටට ආවා.
 
"කුමාර මල්ලි උඹ දුන්නු සල්ලි ඉල්ල ගනින්.." නිලධාරියා කුමාරට එසේ කීවා.
 
"සර්.... සරුත් පොලීසියේද?" කුමාර පොලිස් නිලධාරියෙක් බව ඇය දන්නේ එවිට යි.
 
ස්පා ආයතනයේ සිටි කෙල්ලන් 7 දෙනාම ජිප් රියට නංවාගත් පොලිස් නිලධාරින් ඔවුන් තලංගම පොලීසියට කැඳවාගෙන ආවා. ඒ අතර කුමාරගෙන් දාහක් ලබා ගත් කාන්තාවත් සිටියා.
 
ඇය එහි කළමණාකාරිනියයි. තරුණියන් සියල්ල අපරාධ විමර්ශන අංශයට ගාල් කළ නිලධාරින් යළි ජිප් රියට නැග ගත්තේ තවත් ස්පා ආයතනයක් වැටලීමටයි.
 
මේ ඉකුත් දිනෙක තලංගම පොලිසිය කළ මෙහෙමයුමක්. ඒ අනුව පොලීසිය විසින් එක් රැයක් තුළ එම වසමේ පවත්වාගෙන ගිය එවැනි ආයතන අටක් වටලා ඒවායේ සේවය කළ පිරිමි කාන්තාවන් 36 දෙනෙකු කොටු කර ගත්තා.
 
ඒ අතර කළමණාකාරිනියන් හා කළමණාකරුවන් 9 දෙනෙකු සිටියා.
 
පොලීසිය මෙම වැටලීම සිදු කර ඇත්තේ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි.
 
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන සහ සැලූන් මුවාවෙන් පවත්වගෙන යන මෙම ස්ථානවල වැඩි හරියක්ම සිදුවන්නේ කාන්තාවන් මුදලට විකිණිම බව පොලීසිය සඳහන් කරනවා.
 
පොලිස් කොස්තාපල් කුමාර උපාය දූතයෙකු ලෙස එවන් ආයතනයකට යවා මුදල් දී කාන්තාවන් ලබා ගැනීමටත් ඇය සමඟ යහන්ගත වීමට සැලසීමත් එය සාක්ෂාත් කිරීම සඳහා පොලීසිය සිදු කළ උපක්‍රමයයි.
 
"හුඟක් කාන්තාවෝ විවාහක අය. ඒ අතරින් වැඩි දෙනෙකුට දරුවෝ ඉන්නවා. මේවා එයාලගේ මහත්වරු දන් නෑ. එයාලට කියන්නේ ගාමන්ට් වල සැලූන්වල වැඩ කියලා. අන්න එහෙම බොරුවක්. දවසකට හොඳ ගාණක් මෙයාලා මේකෙන් හම්බ කරනවා. අර මුදලින් දෙන රුපියල් දාහක් යන්නේ පවත්වාගෙන යන අයිතිකාරයටයි. ඒක අය කරන්නේ ඇතුලු වීමේ ගාස්තුව හැටියට. සමහර තැන්වල රුපියල් දාහයි. නැත්තම් එක්දාස් දෙසීයයි, පන්සීයයි කියලා තෝරගත්තට පස්සෙ කෙල්ල ගණන් කියනවා. ඒ අයට කොල්ලෝ හොඳට සලකනවා. ටැලිෆෝන් නම්බර් දීලා නිතර ගෙන්න ගන්නවා. මඟදී හම්බ වෙනවා. පවුල් කනවා. ඔන්න ඕක තමයි ඔය කෙල්ලෝ බොහොමයකගේ ජිවිත.."
 
වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් එසේ සඳහන් කළා.
 
සැකකරුවන් හා සැකකාරියන් 36 දෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
 
සැකකාර කළමණාකරුවන් රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට නියෝග කෙරුණා. සැකකාර තරුණියන්ද ඇප මත මුදා හැරුණා.
 
"ඔය කොච්චර දඩ ගැහුවත්... පොලීසියෙන් අල්ලලා උසාවි දැම්මත් ආයෙත් එයාලා කරන්නෙ ඕකම තමයි. මොකද ඉක්මනට දවසකට හොඳ මුදලක් හොයන්න පුළුවන් නේ.."
 
පොලිසිය කියන්නේ එවැන්නක්.
 
"මේවායේ වැඩ කරන කෙල්ලන්ට දවාලට වැඩ අඩුයි. රෑට තමයි කස්ටමස්ලා එන්නේ. කාලාබීලා ඉන්න මිනිස්සු මහ රෑට ඕවට යන්නේ. අර නයිට් ක්ලබ් වගේ. ඒ නිසා සමහර ඒවා පාන්දර තුන වෙනකම්ම ඇරගෙන ඉන්නවා. සමහර ඒවා ෂිෆ්ට් එකට වැඩ. උදේ කරන කට්ටිය හවස හතරට පහට යනවා. දවාලට එන කට්ටිය එළිවෙනකම්ම ඉන්නවා. දවසට හම්බවෙන සල්ලිත් කීයක් හරි ඉතුරු කරගෙන ඒ කෙල්ලෝ කාලා බීලා ඇඳලා ගෙදරටත් කීයක් හරි දීලා ජිවත් වෙනවා.."
 
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top