Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
ඇල්පිටියේ ඡන්ද පෙට්ටි බෙදා අවසන් - ආරක්ෂාවටත් විශේෂ වැඩපිළිවෙලක් - Video

- ඇල්පිටියේ ඡන්ද පෙට්ටි බෙදා අවසන් - ආරක්ෂාවටත් විශේෂ වැඩපිළිවෙලක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,290 Views
හෙට පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළව ඡුන්ද පෙට්ටි ඡුන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම මේ වනවිට අවසන් කර තිබෙනවා.
 
අද පෙරවරු 7 ට පමණ එම කටයුතු ආරම්භ වූයේ ඇල්පිටිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සිටයි.
 
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දදායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
 
 

කොට්ඨාශ 17 ක් අයත් අතර ඡන්ද මධ්‍යස්ථාන 47ක් එහි ස්ථාපිත කර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ඒ සඳහා කොට්ඨාශ මට්ටමින් 17 දෙනෙකු සහ සමානුපාතික නියෝජනය යටතේ 11 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.
 
මේ අතර, හෙට පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද මේ වනවිට ක්‍රියාත්මකයි.
 
ඒ සඳහා මාර්ග බාධක, ජංගම මුර සංචාර යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top